Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

රු. 600ට අඩුවෙන් චිකන් බිරියානියක් ගෙන්නගන්න හොඳම තැන් 5ක්

අඩු ගාණකට, නියම බිරියානි රසෙන් අනූනව..

Posted by

අඩු ගාණකට ගන්න පුළුවන් බිරියානි හැම තැන ම තියනවා. ඔයාගෙ ගෙදර කිට්ටුව තියන රයිස් කොත්තු කඩෙන් වුණත් පොඩි ගාණක බිරියානියක් ගන්න බැරිකමක් නෑ. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නෙ ඒවයෙ ඇත්ත ම බිරියානි රහ තියනවද කියන එක.

මේ ලිපියෙන් අපි කියන්න හදන්නෙ, අඩු ගාණකට විතරක් නෙමෙයි, නියම බිරියානි රසෙන් අනූන ව බිරියානියක් කොළඹ අවටින් හොයාගන්න පුළුවන් තැන් කීපයක් ගැන. මේ හැම එකක් ම රු. 600ට අඩුයි. ඒ වගේ ම පෝෂන් එක ලොකුයි. මේ දවස්වල එළියට යන්න බැරි නිසා, මේ හැම තැනකින් ම ගෙදරට ම බිරියානි ඩිලිවර් කරගන්න වුණත් පුළුවන්.

Saveira Indian Restaurant (රු. 430)

නියම බිරියානි ටේස්ට් එකත් එක්ක, හොඳට මැරිනේට් කරපු චිකන් ගොඩකුත් එක්ක එන සවෙයිරා චිකන් බිරියානි එකේ සුවඳ ඈතදිම අඳුනගන්න පුළුවන්. ඉතින් පොකට් එක හිස් කරගන්නෙ නැතුව, නියම රස බිරියානියක රහ බලන්න කියාපු තැනක් මේක. කඩල කරියක්, මැලේ අච්චාරු, මිංචි සම්බෝල එක්ක හොදි එහෙමත් මේකත් එක්ක එනවා.

ඇණවුම් කරන්න: 0112554344

Mr. Biriyani (රු. 480)

අලුත් කඩේ පැත්තෙ තියන ජනප්‍රිය තැනක් මේ. අඩු මිලට උපරිම රස නහර පිනා යන බිරියානි එකක් කන්න මිස්ටර් බිරියානි එකෙන් ඕඩර් කරන්න. මේක හොඳට කුළුබඩුවල තැවරිලා එන චිකන් එක්ක සුමුදුවට තැම්බුණ, සුවඳ ගහන බාස්මතී බතක්. ඉතින් නියම නෝත් ඉන්දියන් ගතියට හදපු බිරියානියක් කියල කට පුරා කියන්න පුළුවන්.

ඇණවුම් කරන්න: 0764434999

Royal Biriyani (රු. 480)

මරීන් ඩ්‍රයිව් එකේ තියන, කාලෙක ඉඳන් සුපිරි බිරියානි රස පතුරන තැනක් රෝයල් බිරියානි. පැණි රස, ඇඹුල, සැර, සේරම රස නියම පදමට එන විදිහට හදපු මෙතන චිකන් බිරියානි එක කොළඹින් හම්බෙන හොඳ ම චිකන් බිරියානි එකක් බව දෙපාරක් නොහිතා කියන්න පුළුවන්. දිව පිනා යන රස නිසා විතරක් නෙමෙයි, පහසු මිලත් ඒකට හේතුවක්.

ඇණවුම් කරන්න: 0757292292

Biriyani Bite (රු. 550)

අලුත් කඩේ පැත්තෙ තියන තවත් බිරියානි ස්පොට් එකක්. ලොක්ඩවුන් වෙලා ඉන්න මේ දවස්වල ලොකු ලොකු ගණන් ගෙවන්නෙ නැතිව නියම චිකන් බිරියානි එකක් ගෙන්නගෙන රහ බලන්න මරු තැනක්. බිරියානි බතට ම එන සුමුදුවට හැපෙන චිකන්වලට අමතර ව මසාලා චිකන් එහෙමත් සයිඩ් එකක් විදිහට එනව නේ. හොඳට ස්පයිසස්වල දැවටිලා නියම මසාලා ගතිය එන විදිහට සකසල තියන නිසා බඩ පැලෙන්න කන්න පුළුවන්.

ඇණවුම් කරන්න: 0777640097

The Biriyani Restaurant (රු. 550)

අලුත් කඩේ පැත්ත කියන්නෙ බිරියානිවලට ම නම ගිය ප්‍රදේශයක් කියන එක තහවුරු කරන තවත් හොඳ ම තැනක් තමයි ද බිරියානි රෙස්ටොරන්ට්. බිරියානි හදන ශිල්පය අවුරුදු පහක් තිස්සේ ඉන්දියාවේ ඉඳල ම ඉගෙනගෙන ආපු බිරියානි විශේෂඥයෙක් තමයි මෙතන හිමිකරු. ඉතින් මේකත් කොළඹින් හොයාගන්න පුළුවන්, ගණන් අඩු ම සහ හොඳ ම බිරියානි අවන්හලක් බවට තව කුමන කතා ද?

හොඳ ම අමුද්‍රව්‍ය තෝරා ගැනීමේ ඉඳන්, නියම ක්‍රමයට චිකන් මැරිනේට් කිරීම සහ නිවැරදි ම මසාලා රහ එන්න බිරියානි බත ඉවීම දක්වා, තමන් හදන හැම බිරියානි එකක ම ඉහළ ම ගුණාත්මක භාවයක් තියන බවට ඒගොල්ලො සහතික වෙනවා. නියම සුවඳ සහ රස පදම එන විදිහට නිවැරදි කුළුබඩු පාවිච්චියෙන් හදන, මෙයාලගෙ හයිද්‍රබාද් ඩම් චිකන් කච්චි බිරියානි එකේ හැම කටක් ම උපරිම මසාලා රසින් අනූනයි. සුමුදුවට හැපෙන ස්පයිසස් තැවරුණ රස ම රස චිකන් කෑලි ටිකත් ඊට දෙවෙනි නෑ.

ඇණවුම් කරන්න: 0112440339

Leave a comment