Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

උණු උණු රොටි එක්ක.. චිකන්, පෝර්ක්, බීෆ්, බාබත්, ඉස්සො, දැල්ලො, කකුළුවො!

ඇති හැටියට කන්න කියාපුම කඩ ටික මෙන්න..

Posted by

ඇති හැටියට කන්න

කියාපුම කඩ ටික මෙන්න..

1. ANS Food

තලවතුගොඩ ‘ස්ට්‍රීීට්ෆුඩ්’ පේලියේ පටන් ගැන්මෙම තියෙන මේ කඩේ තියෙනවා.. සුපිරියටම හදපු පෝර්ක් කරියක්. ආයෙ තෙල් ටික නොම්මර එකට මතුවෙන්න, ඊට යටින් මිරිස් තට්ටුව, ඊටත් යටින් තුනපහ..

කලවමක් දාලා අරගත්තාම මරේ මරු. අනික එතනම තැටියක හැදෙනවනෙ ලොකු ලොකුවට උණු උණු රොටි.. ඔක්කොමත් හරි ගාණත් රු. 300ක් වගේ යන්නෙ දෙන්නෙක්ට බඩ පැලෙන්න කන්න.

2. Nevil Food

බත්තරමුල්ල, කොස්වත්තෙ තියෙන පුංචි පහේ චයිනීස් එකක්. හැබැයී.. වැඩ නම්‌ ගොඩයි මෙතන. රු. 300ට තියෙන චිකන් ලිවර්, ගිසාර්ඩ් ප්ලේට් එක තමයි මෙයාලගෙ නැගලම යන්නෙ. මොකද ඒක හොඳ ඩ්‍රයි එකට ගම්මිරිස්, මිරිස් සැරත් ඉස්මතු වෙන්න හදල තියෙනවනෙ. ඒකත් එක්කම ගන්න ඔ්න අනිත් එක තමයි මෙයාලගෙ චිකන් හොදියි, පරිප්පුයි කලවමයි. අරගෙන ලිවර්, ගිසාඩ් ටිකකුත් ඒ හොද්දටම දාලා.. පටන් ගන්නකො බලන්න වැඩේ.

3. Big Bite Biriyani

 

මෙයාලගෙ නැගලම යන්නෙ නම් මට්න් කුරුමා, චෙට්ටිනාද් වගේ කරි. ඒත්.. ගාණ ටිකක් වැඩියිනෙ. සාමාන්‍යයෙන් රු. 800න් එහා පැත්තෙ. ඒ නිසා හොඳම වැඩේ තමයි නාන් රොටි එක්ක චිකන් කුරුමා එකක් ගන්න එක.

ආයෙ.. නාන් කොහෙන් ගියාද හොයන්න බැරිවෙයි!

4. Hotel Minhaj

හොඳම බීෆ් මුර්තබා එක..

ගන්න යන්න මවුන්ට් ලැවනියා. ගිහිල්ලා හිටං විස්තරේ කිව්ව නම් සැරට ඔ්න අයට එහෙම, චීස් ඔ්න අයට එහෙම, කරි රහට නම් එහෙම..

ඒ කොහොම වුනත් එකක් මතක තියාගන්න රු. 400ට කොළ හොඳම එක තමයි හොඳද.. 

5. Nelum Kole

පංකාදු පහට, ෆ්‍රෙෂ්ම ෆ්‍රෙෂ් එකට හදාපු කකුළු කරියක් එක්ක බිත්තර රොටි, පරාටා රස බලන්න.. යන්න පානදුර නෙළුම් කොලේට. තුනපහ පදම විතරක් නෙවෙයි, සැර ගතිය පවා.. රොටි කන්න කියාපුම.

ඊටත් කකුළුවගෙ සයිස් එකයි, රසයි? හප්පේ.. කියන්න වචන නැති තරම්.. 

සත්තයි, මල් හතයි ඔන්න..

Leave a comment