Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

කුරුඳු ආහාරයට ගත්තම ශරීරයට ලැබෙන පුදුම හිතෙන වාසි 6ක්

බෙහෙතක් විදිහට කුරුඳු!

Posted by

ලංකාවෙ අපි කුළුබඩු පාවිච්චිය සම්බන්ධයෙන් ලෝකෙ පුරාම ප්‍රසිද්ධයි. කුළුබඩුවලින් කෑමවල රස, සුවඳ, පෙනුම වගේම ගුණදායක බවත් දෙගුණ තෙගුණ කරනව නේ. මේ අතරින් කුරුඳු කියන්නෙත් අපේ කෑමවල නොවරදින කුළුබඩු ජාතියක්. අපේ ගෙවල්වල කුස්සියේ කුරුඳු පොතු සුලබ නිසාම අපි කුරුඳුවල තියන විශේෂ ගුණ ගැන වැඩිය තකන්නේ නැද්ද කියල හිතෙනවා. ඕන දෙයක් දුර්ලභ වුණොත් නෙ අගය වැඩි වෙන්නේ..

ලෝකයේ අවුරුදු දෙදහකටත් එහා අතීතයේ පවා බෙහෙතක් විදිහට කුරුඳු පාවිච්චි කරලා තියනවා ලු. ඉතින් දන්න නොදන්න හැමෝටම දැනගන්න කුරුඳුවලින් සිරුරට ලැබෙන විශේෂ වාසි 6ක් ගැන කියන්නයි අපි මේ ලෑස්ති වෙන්නෙ.

දියවැඩියාව

කුරුඳුවල ප්‍රතිඔක්සිකාරක බහුලයි. ඒ නිසා අපේ ශරීරයේ සීනි මට්ටම අඩු කිරීමේ හැකියාව කුරුඳුවලට තියනවා. ටයිප් ටූ ඩයබිටීස් තියන අයට නම් දිනපතා කුරුඳු තේ හැන්දක ප්‍රමාණයක් ආහාරයට ගන්න කියල වෛද්‍යවරු නිර්දේශ කරන අවස්ථා පවා තියනවා.

හදවත් රෝග

හෘදයාබාධ වැළඳෙන්න තියන හැකියාව අඩු කරන්න කුරුඳුවලට පුළුවන් බව පර්යේෂණ මඟින් ඔප්පු වෙලා තියනවා. ඒකට හේතුව තමයි ශරීරයට අවශ්‍ය මේද කොටස් වැඩි කරලා, ශරීරයට අයහපත් කොලෙස්ටරෝල් අවම කරන්න කුරුඳුවලට හැකි වීම. හැබැයි මේ බව නිරීක්ෂණය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ දිනපතා තමන්ගෙ ආහාරවේලට කුරුඳු එකතු කරගන්න අයගේ සෞඛ්‍ය වාර්තා ඔස්සේ. ඒ නිසා හදවත් රෝග තියන අය දෛනිකව කුරුඳු ආහාරයට ගන්න තරමට වඩා හොඳයි.

පිළිකා

ඇරිසෝනා විශ්වවිද්‍යාලය මඟින් කරපු පර්යේෂණයකින් හෙළි වෙන විදිහට කුරුඳුවලට සුවඳ ලබා දෙන Cinnamaldehyde කියන සංඝටකයට පිළිකා මර්දනය කිරීමේ හැකියාව තියනවා ලු. ඒ කියන්නෙ DNA ඩැමේජ් එක සහ සෛලවලට සිදු වන හානි වළක්වන්න කුරුඳුවලට පුළුවන්. මේ ගැන තවදුරටත් පර්යේෂණ පැවැත්වෙමින් තමයි තියෙන්නෙ.

බැක්ටීරියා සහ වෙනත් ආසාදන

අපේ ශ්වසන පද්ධතියේ ඇති විය හැකි ආබාධ මැඩලන්නත් කුරුඳු පාවිච්චියෙන් හැකි වෙනවා. කුරුඳුවල තියන ප්‍රතිඔක්සිකාරක, ආතරයිටිස් වැනි ඉදිමුම් සහ බැක්ටීරියා වැනි ආසාදන වළක්වන්නත් උපකාරී වෙනවා. දිලීර වැනි දෙයින් ඇති වෙන ආසාදනවලට බෙහෙතක් විදිහටත් කුරුඳු තෙල් භාවිත කරනව නේ. 

මුඛ සෞඛ්‍යය

දත් දිරා යෑම, මුඛයේ දුගඳ වැනි ගැටලුවලටත් කුරුඳු උත්තරයක්. මේ තියෙන්නේ ඒ ගැන කරපු පර්යේෂණයක්. බොහොමයක් දන්තාලේපවලත් කුරුඳු අඩංගු වෙන්න හේතුව මේකයි.

මොළයේ ක්‍රියාකාරිත්වය

අපේ මොළයේ ක්‍රියාකාරිත්වයට බලපාන මතක ශක්තිය පවත්වාගන්න උදව් කරන්න කුරුඳුවලට පුළුවන්. කුරුඳුවල තියන මැන්ගනීස් කියන ප්‍රබල ප්‍රතිඔක්සිකාරකය තමයි මේකට සහය වෙන්නෙ. කුරුඳු තේ හැඳි හතරකින් දිනකට සිරුරට අවශ්‍ය මැන්ගනීස් ප්‍රමාණය ලබාගන්න පුළුවන්.

Leave a comment