Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

එක්කෙනෙක්ට රු. 700යි! හිතේ හැටියට බෙදාගෙන කන්න කෑම ජාති තොගයයි..

බලන්න.. සබ්, මික්ස් ග්‍රිල්, බයිට්ස්, ලැම්බ්,…

Posted by

නිකමට හිතිලා ගැහුවෙ ලැයිස්තුවක්..

හැබැයි නිතරම අපිට ඔ්න කරන ඒවයින්..

බලන්න.. සබ්, මික්ස් ග්‍රිල්, බයිට්ස්, ලැම්බ්, පෝර්ක්.. ඇති හැටියට කාලා, ‌ඩෙසට් එකට මත්වෙන ගානට චොකලටුත් ගිලලා, තව කෝපියකුත් බොන්න..

පෝර්ක්

1. PorKen Deli

දෙහිවල තියෙන්නෙ. ඩිලිවරි විතරයි කරන්නෙ. ඒත්.. ගෙන්නගෙන කෑවත් පාඩු නැති නිසයි කියන්නෙ. වැඩක් නෑ යාලූ.. පංකාදු පහේ පෝර්ක් කරි, බ්ලැක් පෝර්ක්, චිකන් කරි, ඩෙවිල් චිකන් හොඳේ.. ඒකත් නිකම් නෙවෙයි. ටොප් එකට රම්පෙ කරපිංචා, තුනපහ අඩුම කුඩුම, පොල්කිරි ටික දාලා ලාවට හින්දපු පරිප්පුවක්. උම්බලකඩ, ලූණු මදිපාඩු සියල්ල තිතට දාලා හදාපු පොල්සම්බෝලයක්.. එක්ක උණු උණු රෝස්ට් පාන් තොගයක්. රු. 1500ට අඩුවෙන් ගන්නත් පුලුවන්. ඊටත් අරගෙන.. දෙන්නෙක්ට මදි නොකියන්න දෙසාබාන්නත් පුලුවන්නෙ.

බයිට්ස්

2. Bamboo Lounge

මේ ප්ලේස් එක තියෙන්නෙ කොටිකාවත්ත ඇල ඉවුරක. ගස් කොලන් ඒ හැටි නැති වුනත්, තියෙන ටික මැදි කරලා හරි අපූරුවට පැලට් වලින් නිමකරලා. එතකොට.. මේස පුටු ටිකත් පැලට් වලින්මයි. ඉවුරෙත් වාඩි වෙන්න බංකුවක් දෙකක් ගහලා තියෙනවා. මෙයාලගේ.. බයිට් හොඳයි. හැබැයි තෙල් ටිකක් වැඩියි. ඒත් රයිස්, ඩෙවිල්, ප්ලැටර්, ෆ්‍රයිස්, ඩීප් ෆ්‍රයිඩ්ස් ඔ්න ජාතියකින් ගන්න පුලුවන් නිසා දෙපාරක් හිතන්න දෙයක් නෑ. මෙතනටත් අරක්කු නම් පිටින් තමයි ගෙනියන්න තියෙන්නෙ. කොහොම වුනත් කොකේජ් ගන්නෙත් නැති නිසා.. බයිට්වල ගණන් යන්නෙ රු. 700න් උඩ වගේ.

මික්ස් ග්‍රිල්

3. Meat Carlos

නුගේගොඩ හයිලෙවල් පාරේ ‘මීට් කාලෝස්’.. ප්ලැටර් විමානයක්. කොටින්ම කියතොත් මෙයාලගෙ ප්ලැටර් ඔ්ඩර් කරන්න තියෙන්නෙ නොම්මර වලින්. ප්ලැටර් 1, ප්ලැටර් 2.. වගේ. ඒකට කාරි නෑ.‌ කොහොමත් අපිට කියන්න වෙන්නෙ අපි දන්න එකනෙ. ප්ලැටර් 2. තනිකරම වෙස්ටර්න් බාබකියු රසට.. චිකන් තයි 2යි, පෝර්ක් චොප් 2යි, කොච්චි සොසේජ් 2යි, පෝර්ක් සොසේජ් 2යි, ගාලික් බ්‍රෙඩ් පෙති 8යි, අන්නාසි පෙති 2යි, කාලෝස්ගෙම වෙජි සැලඩ් එකයි, පැණි රසටයි ඇඹුල් රසටයි සෝස් ජාති 2යි. කිසිම කේස් එකක් නැතුව 4ට දෙනෙක්ට.. මදි නොකියන්ටයි!

සබ්මැරින්

4. Grill Hut

කොහොමද? රු. 600කට වගේ ග්‍රිල්ඩ් පෝර්ක් සබ් එකක් රස බලන්න ලැබුනොත්. හොඳහැටි සෝස්, ස්පයිසස් දාලා පදමට ග්‍රිල් කරලා, පොඩි පොඩියට කපපු පෝර්ක් කෑලි තොගයක් එක්ක.. මැද්දට ඇතිරුනු මයො, සෝස් රසින්.. ම්.. එහෙම නැත්නම් රු. 450කට වගේ ග්‍රිල්ඩ් චිකන් සබ් එකක්? හැබැයි එකක්, ඔය කෝක කෑවත් බඩ නම් පිරෙනව ඉස්මුරුත්තාව එනකම්. මොකද ඒකෙ එච්චරටම මස්! ආහ්.. කියන්න බැරිවුනානෙ. මේ ප්ලේස් එක තියෙන්නෙ තලවතුගොඩ හංදියට ඔහොම මෙහෙම හොඳේ.

චොක්ලට්

5. Chocolate Works

ගෙන්නගෙන බලන්නකො! අපි දන්න කියන විදියට මෙයාලා.. සුපිරිම සුපිරි චොක්ලට් ප්‍රඩක්ස් ටිකක් එළියට දානවා, රු. 300 ඉඳන් උඩට. කරන්න තියෙන්නෙ ඔයාට අවශ්‍ය ප්‍රමාණය කියන එක විතරයි. කොහොමවුනත් මෙයාලගෙ චොකෝ බිස්කට් පුඩිං වර්ග එහෙම.. ටොබ්ලරෝන්.. මින්ට්.. වගේ මාරම රසවල් වලින් එන්නෙ. එතකොට.. මූස් තියෙනවා නටෙලා, ඩාර්ක් චොක්ලට් වගේ රසවල් වලින්. ඒ හැරුනාම බ්‍රවුනිස් එහෙමත් තියෙනවා පංකාදු පහට රස තියෙන. කෝකටත් කාලා බලන්නකෝ..!

කොෆි

6. Café 1959

බම්බා, ගාලුපාරෙ.. අපූරු ඉන්ටිරියර් එකක් තියෙන ඔ්පන් කැෆේ එකක්. නිදහස අතිනුත් උපරිම. මෙයාලා ලඟ තියෙන්නෙත් එසේ මෙසේ කෝපි, ඩෙසට් වර්ග නෙවෙයි, ලෝකෙ පුරා නම ගියපු ඒවා. හැබැයි එහෙමයි කියල ඒවා ගිණි ගණන් වලට විකුණන්නෙත් නෑ. සියල්ලම වගේ රු. 400-700 අතරෙ තමයි යන්නෙ. විශේෂයෙන්ම.. කැපුචිනෝ, කෝල්ඩ් ඩ්‍රිප්, ඇෆගැටෝ වගේ කෝපි.. චොකලට් ටාට්, චොකලට් මූස්, කැරමල් ක්‍රීම් වගේ ඩෙසට්.. ම්.. රස අතින් නම් මම මුකූත් කියන්නෙ නෑ, ගිහිල්ලම කාලා බීලා බලන්නකො!

Leave a comment