Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

පුංචි පහේ ලෙඩට දුකට.. ගෙදරදිම කරන්න පුලුවන් අපූරු ආයුර්වේද ප්‍රතිකර්ම 8ක්

ගෙදරටම වෙලා ඉන්න දවස් ටිකට පොඩි පහේ…

Posted by

ගෙදරටම වෙලා ඉන්න දවස් ටිකට පොඩි පහේ ලෙඩක් දුකක් හැදුනොත්?

ඒකත් ෆාමසියෙ බෙහෙත් වලින් ගොඩගියේ නැති වුනොත්?

බයවෙන්න එපා, ඔන්න තියෙනව බඩේ බත්වගේ විශ්වාස ගොඩ වෙදකම් ටිකක්!

1. දත් නරක්වීම හෝ දත් කැක්කුම

සාමාන්‍ය දත් කැක්කුමක් නම් අමු ඉඟුරු, සුදුළූණු, ගම්මිරිස් 1:1:1 ගාණෙ අරගෙන හීනිවෙන්නම ගලේ අඹරලා පුංචි ගුලි හදලා දතේ මුල තියන්න.

එහෙම නැතුව නරක් වෙච්ච දතක කැක්කුමක් නම් ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, දෙහි 1:1 ගාණෙ අරගෙන උතුරන වතුර තේ හැන්දක් දාලා හීනියට ගලේ අඹරලා දත් කුහරය පුරවන්න. වේදනාව අඩුවුනාට පස්සෙ මද උණු වතුරෙන් හෝදලා අරින්නත් අමතක කරන්න එපා.

2. අළුහම්

ඇත්තෝර කොළ වංගෙඩියෙ කොටලා යුෂ අරගෙන තද අව් රස්නයෙන් හින්දන්න. හින්දලා ඒ පේස්ට් එක අළුහම්වල ගාලා පැයකට විතර පස්සෙ නාන්න. ඔය අතරට අරළු තේ හැඳි බාගයක් විතර තැඹිලි ගෙඩියකට දාලා රැයක් එළිවෙනකම් එළිමහනෙ තියලා උදේට බොන්න.

3. උණුවතුර පිලිස්සීම්

ලුණු වරණ ගහේ පොතු (බෙහෙත් බඩු කඩවල් වලත් තියෙනවා) ඇල්වතුර ද දා අඹරලා පේස්ට් එන පිච්චිච්ච තැන්වල ගාන්න.

4. තැලීම්

දෙහි කොළ, දෙහි ගහේ පොතු, කහ, ලුණු, බෙලි කොළ 1:1ට අරගෙන වංගෙඩියේ කොටලා පත්තුව බඳින්න. පැය 48ක්වත් තියලා තමයි පත්තුව ලිහලා බලන්න ඔ්න.

5. ගල් තැලුම්

මුලින්ම රත් හඳුන්, කොත්තමල්ලි කුඩු, මීපැණියෙන් ගලේ අඹරලා ගාන්න. තැල්ම බැහැගෙන එනකොට මෝරපු දෙහි ගෙඩි ටිකක් පෙති ගහලා බෙලෙක් ටින් එකකට දාලා මීතෙලෙන් තම්බලා.. වරුවට එක ගානෙ දෙහි පෙති මාරුවෙන් මාරුවට තිය තිය බඳින්න.

6. ඇස් අවට නගන

සියඹලා ඇට දර අඟුරෙන් පුච්චලා ලුණු වතුරෙන් ගලේ උරච්චි කරලා නගනය ලඟ ගාන්න. 

7. ඉස්හොරි

කුඹුක්කොළ වංගෙඩියෙ කොටා යුෂ හස්කබලට වදින විදියට ඇඟිලි තුඩුවලින් හොඳින් ගා, පැයකට විතර පස්සපස්සෙ නාන්න.

8. බඩ පිපීම හෝ අජීර්ණයට

නිකම් බඩ පිපීමක් නම් නික දළු, අමු ඉඟුරු 1:1 අරගෙන වංගෙඩියෙ කොටලා යුෂ, ලුණු පදමට දාලා බොන්න.

නැතුව මොනවාහරි කඩචෝරුවක් කාලා ෂුවර් නැති බඩේ අමාරුවක් නම්.. අසමෝදගම්, අරළු, වියළි ඉඟුරු, කරපිංචා නැටි මේස හැන්ද ගානෙ අරගෙන වතුර කෝප්ප 8ක හින්දලා, ඝන කසාය ලුණු පදමට දාලා බොන්න.

Leave a comment