Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

PickMe Food එකෙන් ඔ්ඩර් කරන්න.. ටොප් ඉටැලියන් රෙස්ටුරන්ට් 5ක්

දාලා තියෙනවා යාළු පෙපරෝනී.. රොටි වාටියෙවත් එක…

Posted by

1. Belmio Pizza

මාගරිටා (රු. 500), ෆෝ චීස් (රු. 1050) හාෆ් හාෆ් පීසා, පෝර්ක් පෙපරෝනි (රු. 900), චිකන් හැම් කැප්‍රිසිඔ්සා (රු. 1050) හාෆ් හාෆ් පීසා, චිකන් බොලොග්නීස් පැස්ටා රු. 900)යි.

මගේම අත්දැකීම..

“මීට අවුරුදු දෙකකට කලින් තිබ්බ බෙල්මියෝ එක සෑහෙන්න වෙනස් වෙලා. දාලා තියෙනවා යාළු පෙපරෝනී.. රොටි වාටියෙවත් එක අඟලක් පේන්නෙ නැති වෙන්නම. ඊට යටින් මොසරැල්ලා තට්ටුවයි ටොමැටෝ බේස් එකයි.. අතරින් පතර හැපෙන බැසිල් කොල, ඔලිව් ඔයිල් රසත්.. සත්තයි, නොම්මර එකයි! ඒකට දෙවනි නැති චිකන් හැම්, මෂ්රූම්, බ්ලැක් ඔලිව් දාපු කැප්‍රිසිඔ්සා. තඩි හැම් කෑලි පීසා බාගෙ පිරෙන්නම. ඊට යටින් තඩි මොසරැල්ලා තට්ටුවක්. ලාවට තැම්බිලා කර වෙච්ච හතු වලින් එන රසයි, බ්ලැක් ඔලිව් රසයි.. කොහොමහරි මාගරිටා එකත් හොඳටම හොඳයි. ඒ වගේමයි ෆෝචීස්.. ආයෙ තරු පන්තියෙන්ම ඈ. මොසරැල්ලා, පාමෙසාන්, රිකොට්ටා, ගොගොන්සෝලා තට්ටු තට්ටු. ඒ අතරට වෝල් නට්ස් එහෙමත්! 

බොලොග්නීස් ඒකේ ගැම්ම? මින්ස්ඩ් මීට් ඇති පදමට දාලා, ටොමැටෝ, චීස්.. කට දෙපැත්තෙන් බේරෙන්න”

2. Pasta King

මුලින්ම කියන්න එපැයි පැස්ටා ඉටැලියන් වුනාට මෙයාලගෙ පැස්ටා ශ්‍රී ලංකන් ඉටැලියන්. චිකන්, පෝක්, බිත්තර වලින් තමයි රස වෙන්නෙ. ස්පයිසි ඇන්ඩ් ක්‍රීමි බ්ලැක් පෝක් පැස්ටා එක රු. 950යි, ක්‍රීමි චිකන් කරි පැස්ටා එක රු. 750යි වගේ ගණන් වලින් යන්නෙ. 

කොහොම වුනත් අඩු නැතුව ක්‍රීමි ගතිය නම් තියෙනවා. කරපිංචා, සේර වගේ කුළුබඩුත් එකතු කරලා. චිකන් කෑලි පොඩි වුනාට හොඳ පදමට කුක්වෙලා. එකම අවුල තියෙන්නෙ ස්පයිසි කිව්වට ඒ හැටි ස්පයිසි ගතියක් නැති එක තමයි. 

3. Pizza Napolitana

පෙපරෝනි සහ බේකන් පීසා හාෆ් රු. 800යි. හැබැයි මල් හතයි ඈ. හොඳහැටි පෙපරෝනි, පොඩි පොඩි බේකන් කෑලි දාලා. පදමට වුඩ් ෆ්‍රයි කරලා. තක්කාලි, මොසරැල්ලා බේස් එකත් නූලට තිතට. ශ්‍රී ලංකන් රස ගන්න නයිමිරිසුත් දාලා කියන්නෙ. එකම අවුල අර රොටිය පොඩ්ඩක් ඝනකම වැඩි එක තමයි. මීට් ලවර්ස් හාෆ් රු. 875යි. මදි නොකියන්න හීනි චිකන් තීරු, සොසේජස්, පෝර්ක්, බීෆ්.. ටොමැටෝ, මොසරැල්ලා බේස් එකත් පදමටම. 

ඒත් මාගරිටා හාෆ් රු. 500යි. බැසිල් කොලත් නෑ. නිකම් තක්කාලි පෙති දාලා.. හරිම සවුත්තුයි ඈ.. අන්න ඒකට චිකන් සොසේජ් හාෆ් පීසා එක. රු. 700යි, නොම්මර එකයි. චීස් රසත් ටොප් එකට. තක්කාලි රසත් පදමට. ඔක්කොමත් හරි ලාවට වුඩ් ෆ්‍රයි වුනු සොසේජ් කෑලි තොගේ..

4. Caterina Pizzeria

ගොගොන්සොලා හාෆ් රු. 1020යි, මෙලැන්සානා හාෆ් රු. 920යි. හැම් ඇන්ඩ් මෂ්රූම් රු. 970යි, ස්පයිසි බීෆ් රු. 1075යි. පැස්ටා කාබොනාරා රු. 1200යි.

පදමට තැම්බිච්ච පෙනේ පැස්ටා ටිකට චීස් එහෙම දාලා.. ඇත්තටම, ජීවිතේටම කාපු රසම කාබොනාරා එකක්. ඒ විතරක් නෙවෙයි, ඒකට චිකන් හැම් හොඳ හැටියට දාලා පොඩි පොඩි කෑලි කපලා, ෆ්‍රයි කරපු. 

මොසරැල්ල, පාමෙසාන්, බ්ලූ චීස්, බෆලෝ චීස් දාලා හදපු ගොගොන්සොලා පීසා එකත් පංකාදුයි. කොටින්ම ඒකෙන් කටක් කද්දි, දෙපැත්තෙන් චීස් බේරෙන ගානට. මෙලැන්සානා එකත් නරකම නෑ. හැබැයි ඒක තනිකරම වෙජි. ඔක්කොමත් හරි හැම් ඇන්ඩ් මෂ්රූම් එක? ළාවට ෆ්‍රයි කරපු හැම් තොගයක්, හීනියට ලියල තුනපහ රසට හදාපු මෂ්රූම් එක්ක කලවම් වෙලා, උඩින් මදි නොකියන්න මොසරැල්ල චීසුත් වැටිලා.. ස්පයිසි බීෆ් එක නම් නමේ හැටියටම. සැරයි කියන්නේ.. අමු මිරිස්, මිරිස් තුනපහ අඩුම කුඩුම රසට හැදිච්ච පොඩි පොඩි බීෆ් කෑලි තොගයත් එක්කනෙ ඉතින්.

5. CASA Italia

ෆෝ චීස් සහ බීෆ් පෙපරෝනි හාෆ් හාෆ් පීසා රු. 2250යි, චිකන් ලසඤ්ඤා රු. 1200යි.

මේකත් මගේම අත්දැකීම..

“ඔන්න බීෆ් පෙපරෝනි කෑල්ලකින් ඇරඹුම! කිව්වට විශ්වාස කරන්න යාළු.. චීස් පදම 100%යි. හැබැයී.. පෙපරෝනි පෙති 2යි කියන්නකො තිබ්බෙ ඒකටම. අනික රොටිය කරවෙලත් නැති ගානයි. ෆෝ චීස් එකෙත් ඒ ප්‍රශ්නෙම. රිකොට්ටා, ගොගොන්සෝලා, පාමෙසාන්, මොසරැල්ලා ඇති හැටියට දාලා හැබැයි. 

ලසඤ්ඤා එක නම් පංකාදුයි. මොසරැල්ලා, ටොමැටෝ කෙචප් විතරක් නෙවෙයි, හීනියට අඹරපු චිකන්.. මදි නොකියන්න තට්ටු තට්ටු. අනික ඒකටම රස පදම ගලපන බේස් එකත්..

Leave a comment