Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

PickMe Food එකෙන් ඔ්ඩර් කරන්න.. ටොප් ‘රයිස් ඇන්ඩ් කරි’ 5ක්!

මාළු, චිකන්, ඉස්සො, දැල්ලො, සෝයාමීට්, කොච්චි කරවල…

Posted by

1. The Cloud Kitchen by CHM

සෙට් මෙනු එකක් නිසා ව්‍යංජන තෝරන්න අපිට අවස්ථාවක් නැතත් මාළු, චිකන්, ඉස්සො, දැල්ලො, සෝයාමීට්, කොච්චි කරවල වලින් එකක් විතරයි අපිට තෝරන්න පුලුවන්. හැබැයි රතු බත්, සුදු බත්, ටෙම්පර්ඩ් රයිස් 3න් එකක් තෝරන්නත් අවස්ථාව තියෙනවා. ඉස්සො රයිස් ඇන්ඩ් කරියක් රු. 400යි. කොච්චි කරවල එකක් රු. 370යි, වෙජි රයිස් ඇන්ඩ් කරියක් රු. 330යි. කොහොමවුනත් එක්කෙනෙක්ට බඩ පැලෙන්න කන්න පුලුවන් සයිස් පෝෂන් එකක් තමයි ප්ලාස්ටික් පෙට්ටිය පිරෙන්න එන්නෙ. ඒ එක්කම බැදපු මිරිස්, පපඩම් එහෙමත් එන නිසා ආයෙ කතා දෙකක් නෑ. අනික පරිප්පු, ගොටුකොළ සම්බෝල, මෑකරල්, වට්ටක්කා වගේ තකට තක ගැලපෙන එළවළු මාලු ටිකක්නෙ බතට බෙදෙන්නෙත්.

2. Banana Leaf

ක්‍රැබ් රයිස් ඇන්ඩ් කරි රු. 500යි, මට්න් රයිස් ඇන්ඩ් කරි රු. 700යි. තව ඉතින් චිකන්, වෙජි, බිත්තර, මාළු රයිස් ඇන්ඩ් කරිත් තියෙනවා. රු. 200 ඉඳන් උඩට. වැඩේ තියෙන්නෙ ඉතින් ඔය මොන රයිස් ඇන්ඩ් කරිය ගත්තත්.. කරි වලට හම්බුවෙන්නෙ කඩල පරිප්පු, කොළ මැල්ලුම්, උම්බලකඩ සම්බෝල, බටුමෝජු, කජු-ග්‍රීන්පීස් කරි, සලාද වගේ ඒවා ටිකක්. ඒත් ඉතින් රසේ නම් අඩුවක් නෑ. අනික පෝෂන් එකත් දෙන්නෙක්ට ඇති ගානයි. ඔක්කොමත් හරි ඒවට එන මස්, මාළු කරි දීසිය?
ෂැහ්, දෙන්නෙක්ට ඇති වෙන්න වගේම මිරිස්, තුනපහ හොඳහැටි දාලා පංකාදු පහට රස තියෙන්න.. 

3. Lemon Square

රු. 200 ඉඳන් උඩට.. වෙජි, එග්, චිකන්, ෆිෂ් ඔ්න ජාතියකින් රයිස් ඇන්ඩ් කරියක්, පංකාදු පහට රස බලන්න.. පරිප්පු, සෝයා, ෆ්‍රයිඩ් චිකන් හෝ මාළු, පොල් සම්බෝල, කොල මැල්ලුම්, මඤ්ඤොක්කා වගේ එළවළු ව්‍යංජන එක්ක!

4. Pickle Food

පෝක්, ෆිෂ්, චිකන් රයිස් ඇන්ඩ් කරි රු. 200 ඉඳන් උඩට. සුදු බත්, රතු බත් දෙකෙන් එකක් තෝරගත්තා නම් එළවළු ව්‍යංජන එයාලා දාලා එවනවා. බීට්රූට්, පරිප්පු, කෙසෙල්මුව, වැටකොළු, පිපිඤ‍්ඤා, සම්බෝල, බෝංචි, වට්ටක්කා වගේ නොසෑහෙන ජාති තොගයකින් 4ක් බෙදෙනවා. ඒ විතරක් නෙවෙයි බැදපු මිරිස්, පපඩම්..

ඒවත් අනිවා..

5. Grand DSM

චිකන් රයිස් ඇන්ඩ් කරි රු. 350යි. ටර්කි රයිස් ඇන්ඩ් කරි රු. 450යි. තව.. බීෆ්, ෆිෂ්, එග් වගේ ජාතිත් තියෙනවා. වැඩේ කියන්නෙ ගාණෙ හැටියට රස ටිකක් මදි වගේ. කොළ මැල්ලුමට නම් පොල් ටිකක් දාලා මලවල නිසා රස හොඳයි. ඇඹරැල්ල එකට සීනි දාලා නිසා ඒකෙත් රස හොඳයි. අනිත්වා.. නෝමල්! පරිප්පු, බෝංචි.. සියල්ලම. හැබැයි කොච්චර වුනත් චිකන් එක? ෂැහ්, පංකාදුයි ආ..

Leave a comment