Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

PickMe Food එකෙන් පංකාදු ‘ෂවර්මා, රැප්ස්’ ඔ්ඩර් කරන්න.. කියාපු කඩ 7ක්

ඒ අතරින් මෙක්සිකන් චිකන් කෙබාබ් ඩුරුම් එක…

Posted by

1. Diego's Peri Peri

මෙයාලගෙ චිකන් රැප් එක රු. 550යි. සලාද කොළ, තක්කාලි, ලූණු එක්ක සොෆ්ට් චිකන් තීරු මැදට දාලා, දෙකට කපලා ලස්සනට හැඩ කරලා තමයි මේසෙට එන්නෙ. ඒ වගේම රස පදමට මේකට පෙරි පෙරි සෝස් ගොඩකුත් දානවා. අනික රැප් එකේ මෘදු ගතියත් හොඳ පදමට තියෙනවනෙ.

2. Saffron Restaurant

ටොප්ම බීෆ් ෂවර්මා එකක් තමයි. රු. 350යි වෙන්නෙ. කුළුබඩු රසට පදම් කරපු බීෆ් කෑලි තොගයකින් පිරිලා, මයෝ එක්ක කැප්සිකම් එහෙමත් දාලා, හොඳ මෘදු රොටියකින් ඔතලා.. ජූස් ගතියත් එක්ක රස බලද්දී..!

3. Doner & Durum

මෙයාලා ලඟ රැප්ස් වර්ග කීපයක්ම තියෙනවා. ඒ අතරින් මෙක්සිකන් චිකන් කෙබාබ් ඩුරුම් එක (රු. 600යි) තමයි සුපිරිම. එකේ සයිස් එකයි, මැද්දට දාලා තිබ්බ චිකන්, එළවළු ටිකයි බැලුවාම.. ඇත්තටම හෙන තොගයක් ආ.. අනික ඒ චිකන් එකත් හොඳහැටි චාකෝල් රස එන්න දුමේ පුච්චලා. ගම්මිරිස්, මයො, ලූණු, සලාදකොළ, ගර්කින් දාපු සැලඩ් එකක් මැදි කරලා.. පංකාදුයි හොඳේ. අනික මස්ටඩ් සෝස් අඩුම කුඩුමත් පදමට ගලපලනෙ.

4. Shawarmaz @ GP

අපේ චතූ තමයි මෙහෙම කියන්නෙ.

“ෂවර්මාස් කිව්වට මෙයාල ළඟ තව අරාබි ස්ටයිල් කෑම ජාති ගොඩක් තියනවා. හැබැයි අපි නම් හොයාගෙන ගියේ ෂවර්මා. මෙයාලගෙ ස්පෙෂල් චිකන් චීසි ෂවර්මා එක රු. 550යි. ඇරබික් ස්ටයිල් චිකන් ෂවර්මා එකත් රු. 550යි. තරමක් පොඩියට කපපු චිකන් කෑලි, තීරුවලට කපපු කැරට්, ගෝවා, ලූණු, සලාද කොළ සහ හීනි චීස් පෙති පුරවපු පිටා රොටියක් තමයි ස්පෙෂල් චිකන් චීසි ෂවර්මා එකේ එන්නෙ. ඇත්තටම ඒක කාලෙකින් කාපු හොඳම ෂවර්මා එකක්. ඇරබික් ස්ටයිල් චිකන් ෂවර්මා එක, එළවළු ජාති මුකුත් නැතුව සම්පූර්ණයෙන්ම මස් පුරවල හදපු එකක්. හොඳට සීසනින්ග් කරපු චිකන් එක්ක සෝසුයි මයෝනීසුයි රස පදමට ගැලපෙන්න.. ආයෙ බඩ පැලෙන්න කන්න පුළුවන් ආ..

5. Island Wraps

මෙයාලා ලඟ චිකන්, බීෆ්, ලෑම්බ්, ප්‍රෝන්ස්, වෙජි වගේ රැප්ස් ජාති ගොඩක් තියෙනවා. පුල්ඩ් චිකන් රැප් එක රු. 750යි. ග්‍රිල්ඩ් ලෑම්බ් කොෆ්තා රැප් එක රු. 1050යි වගේ ගණන් වලින් තමයි යන්නෙ. පුල්ඩ් චිකන් රැප් එකේ ඇති පදමට සෝස්, සලාද කොළ, ලූනු, තක්කාලි දාපු සැලඩ් එකකට පුල්ඩ් චිකන් පුරවලා, මැද්දට දාලා. ඒකත් හොඳ සොෆ්ට් පිටා රොටියක්. කොෆ්තා රැප් එක හදන්නෙ ලූනු, සුදු ලූනු, කුළුබඩු එක්ක මස් මික්ස් කරලනෙ. ඉතින් මේ ග්‍රිල්ඩ් ලෑම්බ් කොෆ්තා රැප් එකේ ඒ වගේ පදමට හැදිච්ච මස් තොගයක් එක්ක සලාද කොළ, ලූනු, තක්කාලි මික්ස්ඩ් සැලඩ් එකක් ගලපලා ටොප් පිටා බ්‍රෙඩ් එකකට මැදි කරලා.. එකම අවුල ඒකෙ මයෝ ටිකක් වැඩියි.

6. Classic Bites

බේකන් ඇන්ඩ් එග් රැප් රු. 550යි. තම්බපු බිත්තරයක් සහ බේකන් පෙති කපලා දාලා.. චීස්, තක්කාලි, ලූනු, පිපිඤ‍්ඤා, සලාද කොළ එහෙමත් දාලා ෆ්‍රෙෂ් ගතියට තියෙන්න.. මෙයොනීස් ටිකකුත් රස පදමට ගලපලා..

අර එකම අවුල රොටිය ටිකක් සොෆ්ට් මදි. ඒකයි..!

7. Ape Kade

මෙයාලගෙ තන්දූරි චිකන් ෂවර්මා එක රු. 450යි. කසාවා චිප්ස් එක්ක මේසෙට එන්නෙ. තන්දුරි රහ නොම්මර එකට තියෙන්න, චාකෝල් ග්‍රිල්ඩ් ගතියත් එක්ක පදමට හදාපු චිකන් පලුවක් හීනියට ඉරලා, පිකල් එක්ක සැලඩ් කරලා.. අවුල තියෙන්නෙ මෙයාලගෙත් රොටිය තමයි එච්චර හරි නැත්තෙ.

Leave a comment