Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

ලොකුම, රසම බර්ගර්! අඩුම ගාණට රස බලන්න කියාපු තැන් 6ක්

හොයල හොයලම.. හොයාගත්තෙ මටත් හුඟ කාලෙකින් හොඳ…

Posted by

හොයල හොයලම..

හොයාගත්තෙ මටත් හුඟ කාලෙකින් හොඳ බර්ගර් එකක් කන්න බැරිවෙච්ච නිසා.. 

ඉතින්.. බාග වෙලාවට ඔයාලටත් එහෙම්ම ඇති කියල හිතලා..

ඔන්න දැම්ම ලැයිස්තුව ගලපලා..

1. Rusty Rhodes

අඟලෙ විතර තඩි බීෆ් පැටි දෙකක්.. ඒකත් හොඳහැටි ලුණු, ගම්මිරිස් අඩුම කුඩුම දාලා පදම් කරපු මස් වලින් හදලා. මෙලෙක් වෙච්ච චීස් පෙති දෙකක් මැද්දෙන් තියලා..

කොහොමද මස් තොගයට උඩින් තක්කාලි පෙති, සලාදකොළ එක්ක.. යටට සලාදකොළ, ලූණු, මයොනිස්, සෝස් තට්ටුවකුත් දාලා, රස ගලපලා එද්දි? ආයෙ උණු උණුවෙන් කනකොට යාළු.. පංකාදුයි ආ! හැබැයි ඉතින් වැඩේ තියෙන්නෙ ගාණ.. රු. 1000ක්නෙ, හ්ම්..

2. The FoodCycle

රු. 650ට..

අනම් මන් විච්චූරණ නෑ කෙලින්ම ටොප් එකට පදම් කරපු චිකන් දාලා හදාපු, ගැඹුරු තෙලේ පදමට බැදපු පැටි දෙකක්.. මැදි වෙන්න චීස් පෙත්තක්, යටින්ම ලූණු එක්ක මයොනිස් ටිකක්.. 

එපමණයි ආයෙ, බනිස් ගෙඩියත් බටර් ගාලා දෙපැත්ත කර කරලා.. ආයෙ සුපිරිම තමයි!

3. Takeout Lanka

මෙයාලගෙ තියෙන්නෙ රු. 750ට ඩබල් බීෆ් බර්ගර් එකක්. ඩබල් කිව්වට ඒකෙ, එක පැටි එකයි තියෙන්නෙ. හැබැයි ඒ පැටි එකේ ඝනකම අඟල් 1½ විතර. ඊටත් ඒ උඩට චීස් පෙත්තක් දාලා, මෙලෙක් වෙන ගාණට ටෝස්ට් කරලා.. යටටත් මයොනිස් එක්ක ලූණූ අඩුම කුඩුම ටිකක් දාලා යාළු. අනික මෙයාලා ඒ පැටි හදන්නෙත් කොච්චි, තුනපහ අඩුම කුඩුම හොඳහැටි දාපු පකිස්තාන් රෙසිපියකටනෙ. ඉතින් රස ගැන මොන කතාද ඈ..

4. The Islandic (Flamingo House)

යකාගෙ බර්ගර් එකක් මේකනම්..

හිතන්නකො යටටම බටර් එක්ක පොල් සම්බෝල අතුරලා. ඊට උඩින් තම්බපු බිත්තර පලු 2ක් තියලා. ඊටත් උඩින් නූලට ෆ්‍රයි කරපු බේකන් පෙති 3, 4ක් තට්ටු තට්ටු තියලා.. කොටින්ම කියතොත් එක කටකට තියා කටවල් දෙකකටවත් කන්න බැරි ගානයි. අනික ඒකටම එන පොටැටෝ වෙජස්, සෝස්..

හප්පේ.. රු. 800 වුනත් කනව නම් අන්න බර්ගර්.

5. Stoners Korner

කොහොමද.. අඟල් 1½ විතර ඝනකම,

ලුණු, ගම්මිරිස්, මිරිස්, කුළුබඩු ටිකක් හොඳහැටි එකතු වෙලා හැදිච්ච තඩි පැටි දෙකක් එක උඩ එක සෙට්වෙලා බර්ගර් එකක් හැදුනොත්. 

එහෙම එකක් තියෙනවනෙ. හැබැයි ගෙන්න ගන්න වෙන්නෙ ඔ්ඩරේ කරලා, මොකද මෙයාලා ඩිලිවරි ඔන්ලි විතරයි. කොහොම වුනත් එක පාරක් කෑවා නම් ආයෙ.. ෂුවර් දෙවනි පාර, හ්ම්..

6. Burger Hangover

ලොකු වැඩකෑලි නැති තවත් සුපිරි බීෆ් බර්ගර් එකක්. මස්, ලුණු, ගම්මිරිස් පදමට ඇඹරිලා හැදිච්ච ලොකු පැටි දෙකක් මැදිවෙන්න චීස් පෙත්තක් තියලා.. බනිස් ගෙඩියත් බටර් එක්ක දෙපැත්ත කර කරලා.. උණු උණුවෙම මැද්දට දාලා.

කටක් කද්දි නිකම්..

යම්..! කියල හිතෙනව. ගාණත් රු. 700යි වෙන්නෙ.

Leave a comment