Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

PICKME FOOD එකෙන් ඔ්ඩර් කරන්න! ටොප් බර්ගර්, සබ්මැරින් 6ක්

රන්වන් පාටට බැදපු ෆ්‍රයිඩ් චිකන් ස්ට්‍රිප්ස් හතරක්,…

Posted by

1. Stoners Korner

එක එක තාලේ සීසනින් දාලා, ගෙදර හදන චිකන්, බීෆ් පැටී මැදිවුනු සුපිරි බර්ගර්ස්.. ස්මෝක්ඩ් බීෆ් රු. 700යි, චිකන් ජොයින්ට් රු. 800යි වගේ ගණන් වලින් යන්නෙ. ස්මෝක්ඩ් බීෆ් පැටි එක හර්බ් බටර්වලින් ග්‍රිල් කරලා, බන් එකට මැදි කරලා. ඒ හැරුනාම චෙඩර් චීස්, මයෝනීස් අඩුම කුඩුමත් පදමට ගලපලා. චිකන් ජොයින්ට් බර්ගර් එකේ පැටි 2යි. ස්වීට් ඇන්ඩ් අනියන් එකයි, නයි මිරිස් එකයි! ආයෙ.. නයි මිරිස් එහෙම කන කටක් කටක් ගානෙ හැපෙනවා. ඒ හැරුණාම බැදපු ලූනු කෑලිත් එක්ක එකතු කරලා.. ස්පයිසි මයෝනීස් ටිකකුත් දාලා..! තවත් රසයි.

2. Toppgun Burgers

හරිකේන් චිකන් බර්ගර් රු. 650යි. රන්වන් පාටට බැදපු ෆ්‍රයිඩ් චිකන් ස්ට්‍රිප්ස් හතරක්, චෙඩර් චීස් පෙති 2ක්, ලෙටියුස්, තක්කාලි, ලූනු, හීනියට කපපු ගෝවා, කොච්චි, හෝම්මේඩ් සෝස් වර්ග දාලා තමයි මේක රස වෙන්නෙ. වැඩේ කියන්නෙ ඒකෙ සයිස් එක නිසාම බනිස් පලු 4කට මැදි කරලා තමයි මේසෙට එන්නෙත්. ෆ්ලයින්ග් සෝන් බර්ගර් එක රු. 1000යි. සෝස් තොගයක් දාලා ෆ්‍රයිඩ් චිකන් ස්ට්‍රිප්ස්, බීෆ් බේකන්, බීෆ් පැටී, මොසරෙල්ලා චීස්, ලූනු, තක්කාලි, ලෙටියුස්.. දෝරෙ ගලන්න! 

3. Burger House

චිකන් බර්ගර්..! මයොනිස් අම්බානක දාපු ප්‍රශ්නෙ හැරුණාම අනිත් සියල්ලම හොඳයි. පැටි එක නම් එයාලා හදපු එකක් නෙවෙයි. මීට් බ්‍රෑන්ඩ් එකකින් හදපු එකක්. කොහොමහරි ඒක පදමට ගැඹුරු තෙලේ බැදලා... සෝස් අඩුම කුඩුම ටිකයි, සලාද කොළ, ලූනු අනං මනං ටිකයිත් දාලා නිසා හරිම රසයි. ඒ වගේම ස්පෙෂල් බර්ගර් එකත් ටොප්. පැටි 2ක් දාලා, මැදින් බුල්සායි එකක් තියල.. ඊටත් රු. රු. 300ට?

4. Ape Kade

ඩබල් කික් බීෆ් බර්ගර්, රු. 800යි. ඒකෙ තියෙන්නෙ හෝම්මේඩ් බීෆ්, බැදපු බිත්තරයක්, චීස් පෙත්තක්, අච්චාරු, ළූණු, තක්කාලි, සලාද කොළ.. විශේෂයෙන්ම කියන්න ඔ්න ඒ පැටි එකට හොඳ පදමට කුළුබඩු දාලා. සොෆ්ට් බීෆ් එක්ක එකට අඹරලා හදලා, ගානට ෆ්‍රයි කරලා. ඉතින්.. උඩින් යටින් දාපු එළවළුත් එක්ක එකතු වෙලා සුපිරිම රසක් තමයි ගැලපෙන්න.

5. Classic Bites

ශ්‍රෙඩඩ් චිකන් බර්ගර් රු. 650යි. රස අතින් ටොප් භාණ්ඩයක්. තක්කාලි, ලූනු, පිපිඤ‍්ඤා, සලාද කොළ එක්ක ලෝභ නැතුව චීස් ලේයර්ස් ටිකක් එහෙමත් දාලා.. සෝසුත් චුට්ටක් උඩින් දාලා..

ඔක්කොමත් හරි චිකන් ටිකේ ජූසි ගතිය නිසා මාරම ගැම්මක් තියෙන්නෙ හොඳේ බර්ගර් එකේ!

 

Leave a comment