Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

ඔබේ සුරතලාට රසවත් ආහාර වේලක්.. දැන්, ‘Black Hawk Pet Food’ වෙතින්!

‘බ්ලැක් හෝක්’ අරමුණ වන්නේ ‘Every Ingredient…

Posted by

අපගේ ආහාර වේලට, සෞඛ්‍යයට සහ යහපැවැත්මට, අමුද්‍රව්‍යවල ඇති සෘජුබලපෑම ගැන අප කවුරුත් දනී. එලෙසින්ම අපගේ සුරතලුන්ගේ ආහාර වේලටද අමුද්‍රව්‍යයන්ගේ ඇති බලපෑම ගැන අමුතුවෙන් කතා කළ යුතු නැත.

‘බ්ලැක් හෝක්’ නාමය, ඔබගේ ළඟම මිතුරාවන සුරතලාටත්, තත්වයෙන් උසස් ආහාර වේලක් ලබාදීම සඳහා ‘Real food’ පොරොන්දුව මත අවංකව කටයුතු කරයි. බ්ලැක් හෝක්හි, සුරතලුන්ගේ ආහාර පරාසය අවම වූවත්, එමගින් ඔබගේ සුරතලාට අවශ්‍ය සෑම ආහාරයක්ම පාහේ ලබාගත හැකි බව නම් විශ්වාසයි.

‘බ්ලැක් හෝක්’ අරමුණ වන්නේ ‘Every Ingredient Matters’ යන්නයි. සෑම ප්‍රමාණයකම, වයසකම සහ ආහාර අවශ්‍යතාවයකම සිටින, සුනඛයින්ටත් බළලුන්ටත් පෝෂ්‍යදායී ආහාර වේලක් නිර්මාණය කිරීම සඳහා ඔවුන් ‘සැබෑ ආහාර’ භාවිතා කරයි. ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වන ලද නවතම මස්, එළවළු, පලතුරු, ධාන්‍ය වර්ග සහ ඔෘෂධ පැළෑටි වලින් නිෂ්පාදිත මෙම සත්ව ආහාර සුරතල් සත්ව හිමිකරුවන්ගේ අවසාන තේරීමවනු නිසැකය.

තිරිඟු, ඉරිඟු, සෝයා, ග්ලූටන්, කෘතිම කල් තබා ගන්නා ද්‍රව්‍ය, වර්ණ, රසකාරක සහ අනවශ්‍ය පිරවුම් වලින් තොර බ්ලැක් හෝක් ආහාරයන්හි අත්‍යවශ්‍ය ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට්, විටමින්, ඛනිජ, ප්‍රතිඔක්සිකාරක සහ ඔමේගා තෙල්ද අඩංගුය. තවද මුහුදු පැළෑටි, එමු තෙල්, ඩැන්ඩෙලියන් සහ චිකොරි මුල් වැනි ප්‍රධාන පෝෂ්‍ය පදාර්ථද ඊට අඩංගු කොට ඇත. මේවා, තෙත් සුනඛ ආහාරවල සිට වියළි බළල් ආහාර දක්වා ඇති සෑම ආහාරයකම අඩංගුය.

ලබාගත හැකි ආකාරය?

allforpets.lk යනු ශ්‍රී ලංකාවේ බ්ලැක් හෝක් සත්ව ආහාර බෙදාහරින ප්‍රධානියා වේ. එය මෙරට සුරතල් සත්ව ලෝලීන් හට ගුණාත්මක නිෂ්පාදන සැපයීම සඳහා කැපවී ඇති පවුලකට අයත් ඔන්ලයින් සහ ගබඩා ඇති ව්‍යාපාරයකි.

නුගේගොඩ පිහිටා ඇති මෙහි, 2014 වසරේ සිට සිටි බහුතරයක් ගනුදෙනුකරුවන්ගේ ප්‍රතිචාරය වන්නේ, මෙම සුරතල් සත්ව ආහාර අතිශය ප්‍රශංසනීය තත්වයක ඇති බවය. තවද සුරතල් සත්ව හිමිකරුවන්, තම සුරතලුන්හට පවුලේ අයෙකු මෙන් සලකමින් දෙනු ලබන වටිනාකම, බ්ලැක් හෝක් සත්ව ආහාර විසින් තව තවත් විශ්වාසවන්ත ලෙස වැඩි කරමින් හද ඇදබැඳ තබා ගන්නා බවද ඔවුන් පවසයි.

ඔබේ ඇනවුම් වෙබ් අඩවිය හරහාම සිදුකළ හැක.

https://allforpets.lk/. ට පිවිස, බ්ලැක් හෝක් ලෙස ටයිප් කර සර්ච් කරන්න. එවිට එහි ඔබගේ සුරතලාට අවශ්‍ය සියලු ආහාර පෙන්වනු ඇත. ඉන්, ඌට ගැලපෙන ආහාර තෝරා ඇනවුම් කරන්න. එහිදී ආකර්ෂණීය හා විශාල ප්‍රමාණයන්ගෙන්; චිකන්, කව්පි සුප්, හරක් මස්, බැටළු මස් සහ සහල්ද, වියළි ආහාරද ඇනවුම් කල හැක.

එහිදී කාඩ් ගෙවීම්, කෑෂ් ඔන් ඩිලිවරි සහ බෑන්ක් ට්‍රාන්ස්ඇක්ෂන්ද වලංගුය. කොළඹ නගර සීමාව තුළ සෑම බෙදාහැරීමක් සඳහාම රු. 350ක් අයකෙරේ. නැතහොත්, ඔබට යන එන ගමනේ රැගෙන ගිය හැකිය. එහිදී ඔවුන් allforpets.lk හි ඇනවුමට අනුව කටයුතු කරනු ඇත.

මෙම පෝෂ්‍යදායී සුරතල් සත්ව ආහාර පිළිබඳ වැඩි විස්තර සඳහා blackhawkpetcare.com වෙත පිවිසෙන්න.

Leave a comment