Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

උමඟ දිගේ.. අඳුරේ ඉම සොයා! වැලිමඩ, ස්ත්‍රීපුර උමං ගවේෂණය, 1 කොටස

“පොතේ හැටියට නම් මේක, මේ වළේ සයිස්…

Posted by

2011-2014... රාවණා පුරාවෘත්තය අපේ තරුණ ප්‍රජාව විසින් හිතේ හැටියට වැළඳගන්න පෙළඹුන කාලය. ටීවි එකක් බැලුවත්, ඉන්ටනෙට් එකේ බැලුවත්, පත්තර, පොත පත ගත්තත් සතියකට සැරයක්, රාවණා කතාවක් නම් අනිවා. ඒ නිසාම තමයි අපේ ට්‍රැවල් සෙට් එක අතරෙත් රාවණා පුරාවෘත්තය ගැන ලොකු කතාබහක් ඇතිවෙන්න පටන් ගත්තෙ. ඒ වෙද්දි හරා, ලසා, මම, කරා... ෆෝ මෑන් ටීම් එකේ නිත්‍ය කටයුත්තක් බාරව නොසිටි එකම පුද්ගලයා මම. මොකද මමනෙ හිටපු ඕගනයිසර්. ගොඩක් දුරට ලසා වැඩ මැනේජ් කළා... කරා මීඩියා කටයුතු, හරා ඉල්ලීගල් සහ අනෙකුත්...

ම්.. ඉතින් මේ ට්‍රෙන්ඩ් එකත් එක්ක මට තමයි බාරවුණේ රාවණා ඉතිහාසය ගැන සෙවීම සහ ඒ ආශ්‍රිත ටුවර් සියල්ල ගැළපීම. ආයෙ ඉතින් ඒ දවස්වල තිබ්බ ආසාවත් එක්ක.. කියන්න ඕන නෑනෙ නේ?

අතට කීයක් හරි ආපු ගමන් ගිහින් විෂයට අදාළ පොත් ගේනවා, ඩේටා දාගෙන ඉන්ටනෙට් එකේ හොයනවා, පත්තර එකතු කරනවා... එක කෙලියයි. හැබැයි ඉතින් ඒ රිසර්ච් එකකින්වත්, මේං කියලා පාඩුවක් නම් වුණේ නෑ. රාවණා කෙසේ වෙතත් අපි නොදන්න, පොතපතේ ඒ හැටි නොකියවෙන තැන් ගොඩක් ගවේෂණය කරන්න අවස්ථාව ලැබුනා. 

ඒ අතරේ.. ටුවර් එකෙන් ටුවර් එක පස්සට ගියපු ගමනක් තමයි ස්ත්‍රීපුර උමං විසිට් එක.

“හරි හමන් බඩුත් නෑනෙ බං. තව ටුවර් ටිකක් ඇදලා සල්ලි කීයක් හරි ගැළපුණාම ටෝච්, රෝප් ඔක්කොම හරියට අරගෙනම යමු. මොකද ඕකෙ බැහැපු අය හම්බවුණෙත් දෙතුන් දෙනයි. ඊටත් මතකනෙ අර නිධන් සීන් එක”

ඔය විදියට අවුරුද්දක් විතරම ගමන පස්සට ගියා. හැබැයි එක පාරටම... 2014 අගෝස්තුවෙ, හිතපු නැති වෙලාවක ස්ත්‍රීපුර ගමන කරළියට ආවා. 

“අන්තිම සතියෙ අදිමුද? පඩිත් ආවට පස්සෙ...”

“ඒ ඔව් බං. ඕක යන්න හිටියා හිටියා හරි ගියේ නෑනෙ. දැං බඩුත් ඔක්කොම තියෙන එකේ ආයෙ බල බල ඉන්න දෙයක් නෑ යමං”

“හ්ම්... ඒනං මං වැඩේ ලෑස්ති කරන්නද. තව සති 2නෙ තියෙන්නෙ”

හරි හරියට ගේමට බැහැපු මම අදාළ ප්‍රදේශයේ කන්ටැක්ට් ටිකට කෝල් ගහලා කොහොම කොහොමහරි ඔන්න උමඟ තියෙන ගමේ ඒ ළඟම ගෙයක් වැඩේට කතා කරගත්තා.

“අපිට නැන්දෙ මුකුත් ඕන නෑ. ගෙදර හදන විදියට දවල් කෑම පොඩ්ඩක් ලෑස්ති කරලා දුන්න නම් ඇති. අනිත් ඔක්කොම අපි ගේනවා.”

“හා හරි පුතා... ඒකට කාරි නෑ. එන්නකො එන්නකෝ...”

ගමනට අමුතු ලස්සනක් එන්නත් එක්ක කියලයි අපි අවිස්සාවේල්ල-හැටන් පාරෙන් නුවරඑළි ගිහිල්ලා එතනින් වැළිමඩට පල්ලම් බැහැලා, ස්ත්‍රීපුරට කිට්ටු කලේ. හැබැයි ඉතින් පාන්දර 4 වෙද්දි පිටත් වුණ නිසා නියම ටයිම් එකටම අදාළ ස්ථානයට ගොඩ බැස්සා. ගොඩබැහැලා හිටං නැද්දලගෙ දිහාවෙන් බඩකට පිරෙන්න දවල්ට කාලා... අවශ්‍ය අඩුම කුඩුම සියල්ල පමණක් සහ වැඩේට හරියන විදියට කිට් ටික විතරක් දාගෙන.. හවස 2.30 වෙද්දිම ඔන්න ගමනට.

ටර්පන්ටයින්, ඇකේෂියා යායක් එක්ක ඈතින් පේන පුංචි කන්දෙ පටන් ගැන්මෙ තිබ්බෙ.. ඉමක් කොනක් නොපෙනන මාන පඳුරු තලාවක්. හැබැයි ඒක මැදින් හොඳටම පෑදුණු අඩි පාරක්!

“නිතර දෙවේලෙ මේකෙ කට්ටිය යන එන ගානයි ඈ...”

“වෙන්න ඇති බං. අර නැන්දා කිව්වෙ මාස ගාණකට කලිනුත් කට්ටියක් බැහැලා, හාරලා, මොනවද ගත්තත් කියලා ”

“හ්ම්... බලමුකො බලමුකො, ගිහිල්ලම”

ගිනි කාස්ටකේ අපි ධූවිලි කාගෙන ඔන්න යාන්තං ටර්පන්ටයින් ගාලට මතුවුණා. මතුවෙලා හිටං වටපිට බැලින්නං පුංචි බෑවුමත් එක්ක හතර දිග්බාගෙම පේන්නෙ එක වගේ. ඉතින් සුපුරුදු පරිදි මායි ලසායි දෙපැත්තට පොඩ්ඩක් ඉස්සරහට ගියා කොහෙද පිවිසුම කියලා බලන්න.

ඇත්තටම.. යන්න තරං දුරක්මත් නෙවෙයි, මේං කකුල් දෙක ළඟම උමං කට! 

“ඒහ්... මෙහෙත් එකක් තියෙනෝ. හැබැයි වහලා දාලෝ...” ලසාගෙ කෑගැහිල්ල..

බැලින්නම් එක කටක් නෙවෙයි?

ලසාගෙ වචනෙට අපි ඉස් ඉස්සෙල්ලාම කිට්ටු කරලා බැලුව එතනට. ටිකක් වෙලා බලාගෙන ඉඳිද්දි තමයි මට තේරුනේ වැඩේ...

“පොතේ හැටියට නම් මේක, මේ වළේ සයිස් එකටම වගේ තිබිලා තියෙනවා. රොඩු, බොරළු දාලා වහලා, පස්සෙ පස් පුරවපු සීන් එකක් තියෙන්නෙ.”

“හ්ම්... හ්ම්...

ඒනං... මට හිතෙන එකම වෙන්න ඕන උඹටත් හිතෙන්නෙ. අතනින් බැහැලා මෙතනින් මතුවුනා වෙන්න බෑද?”

Leave a comment