Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

උමඟ දිගේ.. අඳුරේ ඉම සොයා! වැලිමඩ, ස්ත්‍රීපුර උමං ගවේෂණය, 2 කොටස

“මචං අපි හිතුවට වැඩිය කේස් එක සීරියස්. එකක්…

Posted by

“හරියටම කියන්න අමාරුයි නේ බං. මේකෙ කතා කීපයක්ම තිබ්බනෙ. මං උඹලට එව්වෙ.” කරාගෙ කතාවට කොහෙත්ම එකඟ නැති නිසා මම වචනෙ ඉස්සර කලා.

“මටත් හිතෙන්නෙ නෑ එතනින් බැහැලා මෙතනින් මතුවුනා කියලා. හැබැයි මේක පැහැදිලිවම උමං දෙකක්. යටදි කොහේ හරි හංදියක් ඇති සෙට්වෙන. සමහර වෙලාවට එහෙම නැතුවත් ඇති. කෝකටත්.. අපි එහෙනං අතන කටෙන් වැඩේට බහිමුද?” ලසා ගමන ඉස්සර කලා..

මහ ගොඩක් ගැඹුරට බහින්න නොතිබුනාට කවුරුහරි කලින් බැහැපු කෙනෙක් වාරු ගන්න ලොකු ගස් කඳක් කට දිගේ පහලට බස්සලා. ඉතින්.. අපිටත් ලණු පටලවන්න කිසිම උවමනාවක් තිබ්බෙ නෑ, දෙබල් වලට කකුල තිබ්බා අඩි 6, 7ට කටේ පහලට..

“හ්ම්.. මොනවා නැතත් වවුල්ලු නම් ඉන්නවා. කොහොමද ගඳ?” මුලින්ම බැහැපු මම හෙඩ් ටෝච් එක පත්තු කරගත්තෙ පළවෙනි අඩිය තියන්න. 

“ඔහොම හිටු ඔ්යි.. මාත් එනකං” කරාගෙ වචන ටික ඇහෙද්දිම වගේ.. නෑහිලා ගියා. මොකද ඇරඹුමෙම තිබ්බෙ ලොකු වංගුවක්. ඒකත් දෙකට නැමිලා වගේ තමයි යන්න තිබ්බෙ. වැඩේ කියන්නෙ.. ඒ වංගුවෙන් අඩි 10, 12ක් යන්න නෑ මෙන්න බොලේ තුංමං හන්දියක්!

මම එතනම නතරවුනා. නතරවෙලා කට්ටියම එනකම් හිටියා. ඉඳලා තමයි ප්ලෑන් එක ගහන්න පටන් ගත්තෙ.

“මචං අපි හිතුවට වැඩිය කේස් එක සීරියස්. එකක් තමයි මට හිතෙනවා දිගින් දිගටම අපිට මේ වගේ හංදි හම්බුවෙයි කියලා. අනිත් එක අපේ ටෝච් වලින් උපරිම දුවන්න පුලුවන් පැය 3-4ක් වගේ.. එකත් අවුලක් නෑ බැහැපු කට හැරෙන්න වෙන කොහෙන්වත් හුලං පොදක් එන්නෙත් නැති ගතියක් තමයි මට නං දැනෙන්නෙ. ලසා මොකෝ හිතන්නෙ ඒ ගැන?”

“ගොඩක් දුරට ඒ ටික එලෙසින්ම වෙන්න පුලුවන්. හැබැයි අපි අනිවා කරන්න ඔ්න දෙයක් තමයි ටයිම් බලන එක. දැන් වෙලාව 3.21යි. මේකෙ කොච්චර ඇවිදින්න තිබ්බත් අපි ගියපු දුරකින් 5 වෙද්දි හැරෙන්න මීටරේ තියාගමු. අනිත් එක තමයි හොඳට මීටරේ ඉන්න හුස්ම ගන්න වේගෙ ගැන. එන්න එන්න වැඩි වෙනවා කියන්නෙ අපි යැවෙන්නෙ ඔක්සිජන් අඩු පැත්තකට. එහෙම වුනොත් සනිකව ආපහු හැරිල්ලක් හොඳද.”

“මචං.. මට හිතෙනවා කට්ටිය දෙකට බෙදිලා යනවට වැඩිය හොඳයි එක රූට් එකක යන එක. මොකද මේකෙ බෙදිලා ගිහිල්ලා අතරමං උනොත් හූවක්වත් තියලා පැත්ත හොයාගන්න බෑ දෝංකාරෙනෙ” හරාත් වැදගත්ම පොයින්ට් එකක් එළියට දැම්මා.

 

ඊට පස්සෙ තමයි අපි කතා වෙච්ච විදියට තුම්මං හංදියෙන් වම් පැත්තට තිබ්බ පාරෙ යන්න තීරණය කලේ. තීරණයත් එක්ක වතුර ටිකකුත් බීලා, විටකුත් හපාගෙන ඔන්න ගමනෙ. ඇත්තටම විට ප්‍රයෝජනවත් වෙන්නෙ ගියපු පාර මාර්ක් කරන්න. උමං බිත්ති මුලු වලට කෙල ගහගෙන ගියාම ආයේ තීන්ත අරගෙන විකාර කරන්න ඔ්න නෑනෙ.

මුල් බැස්මෙ උමං බිත්ති ටිකක් තෙතට වගේ, පස් ගතියට තිබ්බට යන්න යන්නම මතුවුනේ කබොක. ඒ අතරට සුදු තිරිවාණ කැටි, ග්‍රැනයිට් එහෙමත් අතරින් පතර තිබ්බා. කොහොම වුනත් මේක ස්වභාවික උමඟක් නම් නෙවෙයි. අනිවාර්යයෙන්ම මිනිස් නිර්මාණයක්. ගොඩක් දුරට වළගම්බා රජ සමයෙ කැපුණු එකක් වෙන්න පුලුවන්. එහෙම නැතත් මෑත ඉතිහාසයෙ ඉදිවුණු එකක්. එහෙම කියන්න හේතුව තමයි උමං පද්ධතියෙ සංකීර්ණ මාවත් බෙදුම් රටාව සහ උස. සාමාන්‍යයෙන් ලංකා ඉතිහාසයෙ යුධ උමං ඉදිවුණා කියන්නෙ එක් පුද්ගලයෙක්ට නැමිලා ගමන් කරන්න පුලුවන් ප්‍රමාණයට විතරයි. සහ දෙන්නෙක්ට මාරුවෙන්නත් ඉඩ නොතියෙන්න. මොකද අපේ අයගෙ සටන් ක්‍රම අනුව ඉදිරියෙන් එන කෙනාට ලඟට එන්න නොදී මරා දාන්න පුලුවන්කම තිබිලා තියෙනවා.

කොහොම වුනත්.. අපේ ගමන ඒ විදියටත් ලොකු දුරක් යන්න හම්බවුනේ නෑ. ආයෙත් මුණ ගැහුනෙ දෙමං හංදියක්. 

“වමේමෙ අල්ලගෙන යමු” මම වචනෙ ඉස්සර කලේ අපි ගියපු රටාවවත් ඔලුවෙ හදාගන්න පුලුවන් නිසා. හැරත් දෙවනි හංදියෙන් තිබ්බ අනිත් පාර තනිකරම බඩ ගාගෙන යෑමක්. උස, පළල අඩි 2ක් විතර.

ඔය විදියට එතනිනුත් වමට ගියපු ඉමේ අපි මතුවුනා ටිකක් ලොකු පාරකට. අඩි 6ක් විතර පළල.. කෙලවරේ ‘ටී’ හංදියක් තියෙන. එතන.. වවුල්ලු එහෙමත් එමට. හැබැයි වවුල් ගඳටත් එහා ගියපු මොකක්දෝ මළකුණු ගඳක් දෝරෙ ගලනවා.

“මිහිහෙක්වත් මරලා දාලාද මංදා බං. අම්බානක ගඳයි. වැඩේ කියන්නෙ කොහෙන් එනවද කියලා කොහොම හොයන්නද?”

“ම්.. ඒකත් ඇත්ත. මෙහෙම කරමු. කොහොමත් ඔ්ක හිතේ තියාගෙන ඉස්සරහට යන්න බෑනෙ. බලලා මොකෙක්ද කියලා දැනගෙන යමු. කට්ටිය පුලු පුලුවන් විදියට ඉවකරහල්ලකො” කියලා ලසා ප්‍රධාන පාර දිගේ ඉස්සරහට ගියා. මම වමට ගියා. කරා ආපස්සට ගියා. හරා ඉඳපු තැනම වටපිටාව..!

ම්.. විනාඩියක් විතරම සද්දයක් බද්දයක් නෑ. හැබැයි මගේ ඉසව්වෙ එන්න එන්නම ගඳ අල්ලනවා.

“ෂුවර් එකට මේ පැත්තෙ තමයි” හිතා‌ගෙන මම තව තවත් ඉස්සරහට.

යද්දි, මළ කෙලියයි.. තවත් ‘වයි’ හංදියක්. හැබැයි ඒකෙ දකුණු පැත්තෙ පාර වැහිලාම වගේ ගිහිල්ලා. අඩියක විතර ගැප් එකක් තමයි රිංගන්නත් තිබ්බෙ. කෙලින් හිටගන්න උස තිබ්බ නිසයි මම අමාරුවෙන් හරි අස්සට රිංගලා බලන්න හැදුවෙ. කොහෙද, රිංගලා අඩියයි තිබ්බෙ බූට් එක එරුණා චරස් ගාලා අඟල් 2-3ක් විතරම. සත්තයි මං හිතුවෙම ගිලා බැස්සා කියලා. හැරත් ටෝච් එක ගහලා බැලින්නං..

බුදු සන්තෝ…

Leave a comment