Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

උමඟ දිගේ.. අඳුරේ ඉම සොයා! වැලිමඩ, ස්ත්‍රීපුර උමං ගවේෂණය, 4 කොටස

අඩොහ් ඒකිගෙ ලස්සන දැක්කද? කොණ්ඩෙ එහෙම නිකම්…

Posted by

සියළු බර බඩු කට්ටිය ඉන්න තැනින් ගලපලා, මීටර 100ක වගේ දුරක් තියලා, මායි ලසායි ගියා හෙලේ ගැට්ටට. ගිහිල්ලා පොඩි ගල් කෑල්ලක තංගුස් එක ගැටගහලා දැම්මා පල්ලෙහාට..

‘ටහ්.. ටර්…’

“හ්ම්.. ඒ ගාන, ඒ කියන්නෙ? බලාංකො මීටර් කීයක් විතර තියෙනවද කියලා.”

“මහ ගොඩක් නම් නෑ. 100 පංදුවෙන් බාගයක්වත් නෑ වගේ.. ඉඳාන්කො හරියටම කියන්න.” කියලා ලසා ගාණ හදනවා. මම ටෝච් එකට අලුත් බැටරි කෑලි දෙකක් මාරු කලා පතුලක් ලාවට හරි පේනවද බලන්න. මාරු කරලා.. ටෝච් එක ගැහුවා නූල දිගේ..

ඒ අතරට ලසා..

“මීටර 12-13ක් වගේ තියෙන්නෙ. උපරිම 15ක් තියමුකො. ඒ කියන්නෙ අඩි 45ක් වගේ”

“සිරාවට? ඒහ්.. බහින්න පුලුවන් ඒ කියන්නෙ අපේ රෝප් එකෙන්.”

“හ්ම්.. බහින්න නම් පුලුවන්. හැබැයි ඔක්සිජන් කේස් එක? නරකද වැඩේට අපි තව ගමනක් තියාගත්තොත්. දැනටත් හරි අමාරුයිනෙ දෙන්නටම මෙතන හුස්ම ගන්න”

“ඔව් නේ ලසා.. අනිවා පහල තඩි තලාවක් ඇති, උසින් අඩු. හැරත් පොළවෙ යටට යන්න යන්නනෙ. මේකෙ හැබැයි බහින්නම ඔ්න හොඳද”

අනතුරක් පෙනි පෙනි මෝඩ වැඩ කරන එක අපි ඒ කාලෙ ඉඳන්ම ටිකක් බැහැර කරලයි තිබ්බෙ. ඒ නිසාම දාපු ගලත් නූල් පන්දුවෙම ඔතාගෙන ආපස්සට අඩිය තිබ්බා. 

‘හ්ම්.. යන්න නම් හිතක් ඇත්තෙම නෑ. ඒත්.. බහින්නත් බෑනෙ’ මගේ හිතට ඇත්තටම හරිම අඩුපාඩුයි.

ගිහිල්ලා බඩු බාහිරාදිය තිබ්බ තැනින් වාඩිවෙලා මුලින්ම ලොකු හුස්මක් පහලට.

“ඔක්සිජන් කේස් එක තමා බං. නැත්තං බහින්න තිබ්බා. විටක් ගනින්කො කන්න”

“අනිවා ආයෙ පාරක් එන්න වෙනවා බං. අනික රිංගන්න අමාරු ප්ලේස් 2ක් තිබ්බනෙ බං කට විතරක් පුංචි. ඒවයෙත් ඇතුලට බැහැලා බලන්න ඔ්න. හිතන්න එපා බං. කොහොමත් මේ වගේ ගමන් එක පාරෙන් ගොඩ දාන්න බෑනෙ”

“ඒක ඇත්ත ඒක ඇත්ත. ම්.. වෙලාවත් 6ට කිට්ටුයි බං. ගිහිල්ලා.. අර මග එන අතරට හම්බුවෙච්ච ඇලෙන් නාගෙන, මේ කන්ද මුදුනෙම ටෙන්ට් එක ගහනවද.. නැත්නං බෝඹුරු ඇල්ල පැත්තට අදිනවද?

“කැමැත්තක් ඉතිං. ඔ්න නං නැන්දටම රෑ කෑම ඔ්ඩරෙත් දීලා මේ කිට්ටුවම බෝඩ් වෙන්නත් පුලුවන්. නැත්නං.. ලූණුවත්ත පැත්තට අදින්නත් පුලුවන් ඉතින්”

කතාවට හරි හමං විසඳුමක් එවෙල ආවෙ නැත්තෙ කරායි, හරායිත් විටක් හපන්න ගත්ත නිසා. ඊටත් මහන්සියටම එතන ගල් උඩ වාඩිවෙලා උමං බිත්තයට ඔලුව තියාගෙන කල්පනාව. එහෙම එහෙම කල්පනාවෙම 6 විතර වෙනකම්ම උමඟ ඇතුලෙ ඉඳලා අපි පිටත් වුනා එන්න.. විනාඩි 20ක් විතර තමයි ගියේ. හැබැයි කටෙන් මතුවෙද්දි සැඳෑ අන්ධකාරෙ පේන ඉමේ.. අහසත් රතුම රතුයි. ඒකටත් කාරි නෑ.. වැද්දො වගේ ධූවිලි නාගෙන, මඩ කාගෙන අපි කන්දෙන් බහින්න ගන්නවත් එක්කම, පිටිපස්සෙන් ආපු හිනාව..!
“අයියණ්ඩී.. අපිට යන්න ඉඩදෙනවැයි”

“හෑ.. හා.. සොරි නංගි. ඔයාලා කොයි පැත්තෙන්ද ආවෙ අපි දැක්කෙවත් නෑනෙ?”

“අපි උඩහ දරට ගියා.. ඔයාලා උමඟෙ බැස්සා..?”

“ආ.. ඔව්නෙ. අපි මේ ගියා පොඩ්ඩක් බලන්න කියලා”

“අයියලා පත්තරෙන්ද..?”

“ම්.. නෑ නංගි. අපි මේවා ඉන්ටනෙට් එකේ තමයි දාන්නෙ. නංගි එතකොට මේ කන්දෙන් එහා පැත්තෙත් ගම් තියෙනවද?”

“එපිටටම නෑ අයියා. එහාට යන්න ඔ්න. හරි ලස්සනයි මෙහේ.. අද යන්නෙ නැත්නං හෙට ඇවිදින්න ගම වටේ.. හි හි හි..

යන්නං අයියා..”

“කිරි අප්පට බල්ලො බුරපි කිව්වලු. යකෝ මං බයවුනා බොල සද්ධයක්වත් නැතුව පස්සෙන් ඇවිල්ලා කතා කලාම.”

“හෑ තෝ බයවුනේ ඒකටද. යකෝ මං බයවුනේ.. එක්කො ඒක ඔ්න නෑ.

අඩොහ් ඒකිගෙ ලස්සන දැක්කද? කොණ්ඩෙ එහෙම නිකම් නැව් කඔයක් වගේ යකෝ ගොතලා. ඒකත් දණිස් දෙකටම. අනික සුද”

“සුද නං මොනව හරි කරන්න බැරියැ. ඉස්කොලේ යන වයසෙ කෙල්ලෙක් වගේ පෙනුම. මම හැරිලා බැලූ බැල්මට දැක්කෙ ඇස්දෙකනෙ. අයිබ්‍රෝස් නිකම් හදලා වගේ යකෝ..”

“ආ.. මේ…!

හරි හරි බං. ඔ්ක තිබ්බනෙ එක පොතක. මේ ‘ස්ත්‍රීපුර’. ලංකා රජ ඉතිහාසයෙ මුල් කාලයෙ, මෙහෙන් තමයි අන්තප්පුරයට බිසෝවරු කැන්දගෙන ගිහිල්ලා තියෙන්නෙ. ඒ කාලෙ ලංකාවෙ ලස්සනම ගෑණු ඉඳලා තියෙන්නෙ මෙහේලුනෙ.

“ඒ කාලෙ නෙවෙයි භල්ලො.. දැනුත් ලංකාවෙ ලස්සනම ගෑණු ඉන්නෙ මෙහේ වෙන්න ඇති. බලපංකො, ගමනටම ඒක සාම්පල් එකයි. ඒකට කොළඹින් ආපු අපිත් ඇඹරිනෙ”

Leave a comment