Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

ගෙදරදිම හදාගෙන රස බලන්න! රස වෑහෙන අමුතු කොත්තු ජාති 4ක්

නිකම් ඉන්න ගමන් කරල බලපුවගෙ ප්‍රතිඵල තමයි…

Posted by

නිකම් ඉන්න ගමන් කරල බලපුවගෙ ප්‍රතිඵල තමයි යාළු. හැබැයි හරි රහට සෙට්වෙච්ච ඒවා ටිකකුත් තියෙනව. ඔන්න බලන්නකො හදන විදිය. බාග වෙලාවට ඔයාලටත් ගෙදර ඉන්න වෙලාවක ට්‍රයි කරන්න බැරියැ..

1. සෝයා මට්න් කොත්තු

සත්තයි රෙසිපියක් කරන්න ගිහිල්ල වැඩේ වැරදිලා, විසි කරන්න බැරිකමට හදල බැලුවෙ.

හදල බැලින්නම්නෙ, ආයෙ පංකාදුයි ආ..

කොහොමහරි සෝයා ටික ලුණු, ගම්මිරිස්, කහ දාලා තම්බල, වතුර පෙරලා.. ඊට පස්සෙ මට්න් ටිකට ලුණු, ගම්මිරිස්, සුදුලූණු, ඉඟුරු, රම්පෙ කරපිංචා දාලා පෑන් ෆ්‍රයි කරන්නයි තිබ්බෙ. ඒක කරන්න ගිහිල්ලනෙ පොඩ්ඩක් මද ගින්නෙ කුක්වෙලා ස්මෝක්ඩ් ගතියක් ආවෙ. ඇත්තටම එහෙම වුනාට පස්සෙ පස්සෙ අර රෙසිපිය කරන්න බෑ. ඒත් එහෙමයි කියලා ඒවා විසික් කරන්නයැ. මම දැම්ම ඒකටම තව තෙල් චුට්ටකුයි, බිත්තරයකුයි. දාලා ෆ්‍රයි වීගෙන එනකොට දැම්මා කැරට් ලීක්ස් ටිකකුත් කපලා. දාලා හොඳහැටි කවලම් කරලා අන්තිමටම සෝයා ටිකත් අතින් කඩලා කඩලා දාලා.. සෝස්, චිලිපේස්ට් ටිකකුත් එක්ක “සාස්.. සාස්..” ගාලා පෑන් එකේම ෆ්‍රයි කරලා බෑවා..

2. බේකන් චීස් පාන් කොත්තු

මේක නම් හිතලම හැදුවෙ, කන්න දෙයක් නොතිබ්බ කමට. මුලින්ම ගත්තා ෆ්‍රිජ් එකේ තිබ්බ බේකන් පෙති ටිකක්. අරගෙන පොඩියට කපලා, ඊට පස්සෙ කලින්දා ගෙනාපු පෝරණු පාන් ගෙඩියෙනුත් පෙති කපලා, ඒවා ආයෙ පොඩි පොඩි කෑලි වලට කැපුවා. කපල ඉවරවෙලා.. කැරට්, මාළු මිරිස්, ලූණු කොළ, සුදුළූණු, රම්පෙ කරපිංචා මදිපාඩු සියල්ලමත් ලං කරගෙන.. තාච්චියකට තෙල් ටිකක් රත් කරලා මුලින්ම බිත්තර 2ක්, ඊට පස්සෙ මිරිස්, සුදුලූණු, රම්පෙ කරපිංච ටික, ඊටත් පස්සෙ පාන් ටික.. පාන් ටික බැදීගෙන එද්දි, බේකන් ටික, ඒකත් බැදීගෙන එද්දි ඉතුරු එළවළු සියල්ලමයි, සෝයි සෝස් ටිකකුයි... දාලා බාපු ගමන් චීස් කෑලි 4ක් තිබ්බ හතර පැත්තෙන් රස්නෙට දියාරුවෙලා වැක්කෙරෙන්න.

3. කරවල මඤ්ඤොක්කා කොත්තු

මේක මම හදපු එකක් නෙවෙයි. හැබැයි හදපු තැන මම හිටියා. මුලින්ම මඤ්ඤොක්කා ටික තැම්බෙන්න තිබ්බා ලුණු, කහ දාලා. ඊට පස්සෙ ගත්තා දැල්ලො කරවලයි, කූනිස්සොයි, ලොකු ඉස්සොයි. අරගෙන ඔලු කඩලා හොඳට සුද්ද කරලා, හෝදලා.. තාච්චියකට තෙල් ටිකක් රත්වෙන්න තිබ්බා. තියල තෙල් රත්වෙද්දිම ඒකට ඉඟුරු, සුදුලූණු, ලූණු, මිරිස් අඩුම කුඩුම ටික දාලා.. දැම්මා කරවලත් සියල්ලම. ඒ එක්කම තව කොච්චි, ගම්මිරිස්, ලීක්ස්, කැරට් ටිකකුත් දැම්මා. දාලා ඒ ටික බැදීගෙන එනකොට හොඳහැටි තැම්බිච්ච පොඩි පොඩි මඤ්ඤොක්කා කෑලි ඔක්කොම දාලා, පොඩ්ඩ ෆ්‍රයි වෙන්නත් තියලා කලවම් කරලා අරගත්තෙ. 

හප්පා.. රස! ආ‌යෙ කෙලින්ම වැල්ලවාය පැත්තෙ හේනක. හිතාගන්නකො..

4. අළුකෙහෙල් බිත්තර කොත්තු

මේක මම නිකම් මගේ මස් නොකන යාළුවෙක්ට ට්‍රයි කරපු එකක්. හොඳ රහට ආවා ඇත්තටම. මුලින්ම කළේ අළුකෙහෙල් පොඩි පොඩි කොටු කපලා ගැඹුරු තෙලේ බැදගත්ත එක. ඊට පස්සෙ තාච්චියකට තෙල් ටිකක් තියලා, තෙල් රත්වෙද්දි දැම්මා බිත්තර 3ක්. දාලා මිරිස්, ලුණු එහෙමත් දාලා බිත්තරේ කරවෙන්න දුන්නෙ නෑ. සනික අළුකෙහෙල් කෑලි ටික දාලා හොඳට කලවම් කලා, කෑලි වටේට බිත්තර තැවරෙන්න. එහෙම තැවරිලා පදමට ආවට පස්සෙ..

නෝමල් කොත්තුවල වගේම ලීක්ස්, කැරට් ටිකක් එක්ක චිලිපේස්ට් පොඩ්ඩකුත් දාලා බාලා ගත්තෙ ඔය!

Leave a comment