Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

හවස් වරුවේ ගොඩ වෙන්න.. 2021 කොළඹ හොඳ ම හයි ටී තියන තැන්

තේ කෝප්පයක් නැතුව ගෙවන්න බැරි වෙලාවක්!

Posted by

සැන්ඩ්විච් එකක්, කේක් කෑල්ලක්, රසකැවිල්ලක් හපන ගමන් උණු උණු රස තේ කෝප්පයක් තොල ගාන්න.. ඒ ගමන් යාළුවෙක් දෙන්නෙක් එක්ක පොඩි කයිවාරුවක් ගහන්න.. හොඳම ක්‍රමේ තමා හැන්දෑ වරුවක හයි ටී එකකට එළියට යන්න වෙලාවක් හොයාගන්න එක. කොහොමටත් හැන්දෑ වරුවක් කියන්නෙ තේ කෝප්පයක් නැතුව ගෙවන්න බැරි වෙලාවක් නේ. ඔය හවස තේ පුරුද්ද අපිට ආවෙ බ්‍රිතාන්‍යයන්ගෙන් ලු. දැන් ඉතින් ඒ පුරුද්ද, ඒ කියන්නෙ හවස ‘තේ පුරුද්ද’, අපෙත් ජීවිතේම කොටසක්.

කොලොම්පුරේ හවසට හයි ටී සර්ව් කරන හොඳම තැන්වල ලිස්ට් එකක් අපි හැදුවා. මේ තියෙන්නෙ ඒ ගැන විස්තර.

Hilton Colombo

  • මිල:

  1. දෙන්නෙකුට හයි ටී ප්ලැටර් එක: රු. 3288.  L.A.B. එකේ හැමදාම
  2. එන්ඩ්ලස් හයි ටී බුෆේ: එක්කෙනෙකුට රු. 3188. Graze Kitchen එකේ හැම ඉරිදාම
  • වෙලාව: ප.ව. 12.30 - ප.ව. 2.30 / ප.ව. 3.00 - ප.ව. 5.00

  • වෙන් කරවගන්න: 0112492492

Jetwing Colombo 7

  • මිල:

  1. හයි ටී බුෆේ: එක්කෙනෙකුට රු. 1500. හැම බ්‍රහස්පතින්දාම
  2. දෙන්නෙකුට හයි ටී ප්ලැටර් එක: රු. 1900. බ්‍රහස්පතින්දා හැර හැමදාම
  • වෙලාව: ප.ව. 3.30 - ප.ව. 5.30 (ප්ලැටර්) / ප.ව. 12.00 - ප.ව. 6.00 (බුෆේ) 

  • වෙන් කරවගන්න: 0112550200

rare Bar + Kitchen

  • මිල: එක්කෙනෙකුට රු. 2420

  • වෙලාව: ප.ව. 3.00 සිට

  • වෙන් කරවගන්න: 0766205675

The Lounge (Cinnamon Lakeside)

  • මිල: එක්කෙනෙකුට රු. 2300 (බුෆේ)

  • වෙලාව: ප.ව. 3.00 - ප.ව. 6.00

  • වෙන් කරවගන්න: 0112491956

The Lobby Bar (Galadari)

  • මිල: එක්කෙනෙකුට රු. 1800 (බුෆේ)

  • වෙලාව: ප.ව. 3.30 - ප.ව. 6.00 (බ්‍රහස්පතින්දා සිට ඉරිදා දක්වා)

  • දුරකතන අංක: 0112544544

Tea Avenue

  • මිල:

  1. රෙගියුලර් හයි ටී මෙනු: ප්ලැටර් එකක් රු. 2650
  2. වීගන් හයි ටී මෙනු: ප්ලැටර් එකක් රු. 2650
  • වෙලාව: හැමදාම ප.ව. 12.00 - ප.ව. 6.00 වන් ගෝල්ෆේස් අවුට්ලට් එකේ

  • වෙන් කරවගන්න: 0769693577

The Gardenia Coffee Shop (Ramada)

  • මිල:

  1. රෙගියුලර් ඉංග්ලිෂ් හයි ටී: ප්ලැටර් එකක් රු. 1888
  2. මෝගල් හයි ටී: ප්ලැටර් එකක් රු. 1999
  3. ජැපනීස් හයි ටී: ප්ලැටර් එකක් රු. 2250
  • වෙලාව: ප.ව. 3.00 - ප.ව. 6.00

  • වෙන් කරවගන්න: 0112422001

Tea Lounge (Cinnamon Grand)

  • මිල: ප්ලැටර් එකක් රු. 2500

  • වෙලාව: ප.ව. 3.00 - ප.ව. 6.00

  • වෙන් කරවගන්න: 0112497380, 0772001726

The Verandah (Galle Face Hotel)

  • මිල:

  1. එක්කෙනෙකුට රු. 1400: බුෆේ හෝ Three-tier stand. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා
  2. එක්කෙනෙකුට රු. 1864: බුෆේ හෝ Three-tier stand. සිකුරාදා සිට ඉරිදා දක්වා
  • රු. 1000කට අමතරව වයින් වීදුරු දෙකක් ලබාගන්න පුළුවන්

  • වෙලාව: ප.ව. 4.00 - ප.ව. 6.00

  • වෙන් කරවගන්න: 0769445830, 0112541010

Churros The Kingsbury Hotel

  • මිල: එක්කෙනෙකුට ප්ලැටර් එකක් රු. 2000

  • වෙලාව: ප.ව. 3.00 - ප.ව. 4.30 / ප.ව. 4.30 - ප.ව. 6.00

  • වෙන් කරවගන්න: 0771087720

Water's Edge

  • මිල:

  1. KOBE එකේ ජැපනීස් හයි ටී බුෆේ: වැඩිහිටියෙකුට රු. 3500. කුඩා දරුවෙකුට රු. 1850. හැම මාසෙම අන්තිම ඉරිදාට
  2. රෙගියුලර් හයි ටී බුෆේ: එක්කෙනෙකුට රු. 2400. හැම සතිඅන්තයකම
  • වෙලාව: ප.ව. 3.00 - ප.ව. 6.30

  • වෙන් කරවගන්න: 0777448534, 0775249725, 0773587419

Sapphyr Lounge (Shangri-La Colombo)

  • මිල: 

  1. ආෆ්ටනූන් හයි ටී: ප්ලැටර් එකක් රු. 1950
  2. ශ්‍රී ලංකන් ටී: ප්ලැටර් එකක් රු. 1750
  • වෙලාව: හැමදාම ප.ව. 3.00 - ප.ව. 5.00

  • වෙන් කරවගන්න: 0117888288

Leave a comment