Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

30 වසරක යුද්ධයේ වාසි! මඩකලපුවයි, ගෝදම්බායි, මස් සහ එළවළුයි..

1985න් පස්සෙ නැගෙනහිර හතර දිග්බාගෙම ප්‍රසිද්ධ වෙලා,…

Posted by

මෙහෙම කිව්වට ඉතින් වැරදියට ගන්න එපා. ඇත්තටම යුද්ධයේ වාසි කිව්වට මම මේ කතා කරන්න යන්නෙ දේශපාලනික කාරණාවක් නෙවෙයි. අපි ආදරය කරන කෑමක් ගැන කාරණාවක්.

කොත්තු..

කවුරු කොහොම කිව්වත් ‘කොත්තු’ පටන් ගන්නෙ ලංකාවෙන්මයි. ඒකට සාක්ෂි සාධකත් තියෙනවා.

දළ වශයෙන් 1970 විතර මේ සංකල්පය මඩකලපු ආශ්‍රිත ප්‍රදේශවල හෙමින් හෙමින් ව්‍යාප්ත වෙන්න පටන් අරගෙන.. 1980 වෙද්දි සහ 1983 එල්ටීටීඊ. කලබල ඇතිවෙන කාලය වෙද්දි හැන්දෑ ජාමට නැගලා යන කෑමක් විදියට ප්‍රසිද්ධ වෙලා තියෙනවා කියලා, ඒ කාලෙ මඩකලපුවෙ කල්ගතරපු සුද්දෙක්ගෙ ලියවිල්ලක තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ ලියවිල්ලෙ හැටියට 1985 විතර වෙද්දි යුද්ධයත් එක්ක ඇතිවෙන්න පටන් ගත්තු දරිද්‍රතාවයට හොඳම විසඳුමක් විදියටත් කොත්තු සමාජ ගතවෙලා තියෙනවා.

ඇත්තටම කොත්තු කියන්නෙ දෙමළ භාෂාවෙන් ‘කැඩුණු රොටි’ කියන එක. සංකල්පය සරල වුනත්, කොත්තුවල රස ගැන නම්.. කියන්න ඔ්න නෑනෙ නේ?

මේකෙ මුලපිරුම දෙමළ සහ මුස්ලිම් සංස්කෘතීවල එකතුවක්. ඒ නිසාම මුල් කාලයේ කොත්තුවල කුළුබඩු රසත් හොඳ හැටියට තිබිලා තියෙනවා. සාම්ප්‍රදායික කොත්තු හදන්න ප්‍රධාන හේතුව වෙලා තියෙන්නෙ මඩකලපු පැත්තෙ උදේ ඉඳන් විවෘත වෙලා තියෙන රොටි කඩවල හැන්දැ වෙද්දි ගොඩ ගැහෙන ඉතුරුවට, රස වෑහෙන විසඳුමක් විදියට. වරුවකට එහා පැත්තෙ පරණ ගෝදම්බා රොටි හීනියට කපලා කුළුබඩු, එළවළු, බිත්තර, මස් එක්ක එක තැටියෙ.. බෙලෙක් තහඩු දෙකකින් රිදම් එකට කැපුනට පස්සෙ මිරිස්, ළූණු අඩුම කුඩුමත් දාලා හොඳහැටි කලවම් කරලා!

කොත්තු එනවා මේසෙට, මස් හොදිත් එක්කම.

හැබැයී.. එතනදි පොඩි ‘මස් බේදයක්’ ඇතිවෙලාත් තියෙනවා. ඒ තමයි දෙමළ ජනයා හරක්මස් ආහාරයට ගන්නෙ නැති නිසා.. දෙමළ කඩවල කොත්තු හැදිලා තියෙන්නෙ චිකන්, මට්න්, මාළු, කකුළුවො වගේ ජාති වලින් විතරයි. මුස්ලිම් ජාතිකයින් හරක්මස් කන නිසා එයාලගෙ කඩවල නම් හරක්මස් සහ ඉතුරු සියළු මස් වර්ගත් එක්කම කොත්තු හැදිලා තියෙනවා. 

ඉතින් මේ විදියට කරලියට ආපු කොත්තු 1985න් පස්සෙ නැගෙනහිර හතර දිග්බාගෙම ප්‍රසිද්ධ වෙලා, කොටින්ම කියතොත් පාරක් පාරක් ගාණෙ සියළු හෝටල්වල හැන්දෑවට කොත්තු පාර්ටි දාන ගානට වැඩේ නැගලා ගිහින්. කාලයක් තිබිලා තියෙනවා ඇති පදමට කන්න තියෙන ගෙවල්වල උදවියගෙ ඉඳන් දුප්පතා වෙනකම්ම හවසට ටවුමට ගිහින් කොත්තු කාලා ආපු. ඊටත් පස්සෙ කාලයත් එක්ක ඒ කඩවල් වටා හැන්දෑවට තව තව සුලු ව්‍යාපාර බිහිවෙලා. ඒ අතරෙ විශේෂයෙන්ම සංගීතය, මත්පැන් එකතු වුනා කියලත් කියනවා

කොහොමහරි ඒ අතර තුර කාලයෙම කොත්තු කොළඹටත් ඇවිත්. දළ වශයෙන් 1990 විතර වෙද්දි කොළඹ හෝටල්වල කොත්තු හැදෙන්න පටන් අරගෙන තියෙනවා. හැබැයි මුල් කාලෙ වැඩේ එච්චර නැගලා ගිහිල්ලා නෑ. මොකද ඒ වෙද්දි කොළඹ තිබ්බ, දකුණෙ ජනයාගෙ ආභාෂය නිසා. ඒත් 2000 කිට්ටු වෙද්දි නම්.. හැඩවැඩ දාලා, සෝස් අඩුම කුඩුම, රස කාරක සියල්ල එක්ක.. 

ඔන්න‌ කොළඹත් කොත්තු ගජරාමෙට ට්‍රෙන්ඩින් වෙලා..!

Leave a comment