Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

වෙඩිතලතිව් ඉවුරේ.. තල් රා කට්ටට පැහුණු පංකාදු කලපු කකුළුවෝ!

ගමන එහෙම්ම හැරෙව්වා රා මණ්ඩියට. ගත්තා බෝතල්…

Posted by

දවස් ගාණක මන්නාරම් පුවතින් පස්සෙ අවසාන දවස් කීපය නිදහසේ විනෝදයෙන් ගතකරන්න,

අපි හිතුවා ඊටත් පොඩ්ඩක් උඩහට යන්න. ඒ අදහස ඇවිල්ලා ඉතින් හොයල බැලින්නම් අපේ ටැම්පගෙම මහ ගෙවල් එහේ කියන්නකො.

ඉතින්.. කල්තියාම වැඩේ කතාකරගෙන ඔන්න, අපි පිටත්වනදා පාන්දරින්ම..

වීල් එකේ, පාර දිගේ..

“ෂැහ්.. තල්!

ඒ තල් රා ටිකක් තියන්න කියන්න බැරිවුනානෙ බං එච්චර වෙලා” යාළුවට සප්පායම මතක් වුනේ පාන්දර ඉර එළියත් එක්ක එක යායට දිස්න දෙනන්න ගත්ත තල් රුප්පාව දැක්කාම.

“අඩෙහ්.. ඒක නේන්නම් බං.

නෑ අවුලක් නැතිවෙයි. ටැම්පලෙ තාත්තා ඉතින් ටැම්පා වගේම නැතෑ. ගිහිල්ලා මොකක්හරි ගැලපිල්ලක් දාගන්න බැරිවෙන එකක් නෑ” කල්තියාම වචනෙ දාලා මම, මගේ හිතයි උගේ හිතයි දෙකම හැදුවා.

හදලා.. වටපිටේ සුන්දරත්වයත් හිතේ හැටියට විඳ විඳ.. උදේ 9 වෙනකොට අපි වෙඩිතලතිව් ඉවුරට. ඉස් ඉස්සෙල්ලාම නම් කිට්ටු කලේ ටැම්පලලෙ මහ ගෙදරට. හැබැයි ඊට පස්සෙ අප්පුච්චයි අපි දෙන්නයි කදමලු බැඳගනෙ විල්ලු දිගේ පහලට. 

“පුතා.. දවල්ට වැල්ලට ගියොත් නම් ඉන්ට වෙන්නෙ නෑ. ඒ නිසා අපේ වාඩියෙ ඉඳලා හැන්දැකරේටම යමු.”

“ඔව් ඔව් මාමා. ඒක හොඳා. කිරි අප්පේ.. මේ රස්නෙට දවල්ට වැල්ලට යන්න තියා එළියට බහින්නවත් තියාගන්න නරකයි මාමා”

“හිහ්.. පුතාලට නම් හරිම අමාරුයි වගේ. ඒකට අපි.. කලපු ගානෙ ඇවිදිනව ඔ්ං කකුළුවො, ඉස්සො බාන්ට”

“හෑ.. මාමා මේ මද්දහනෙ”

“හිහ්.. ඔ් පුතා. අපිට ඉතින් පුරුදු වැඩේනෙ.

ඒක නෙවෙයි පුතාලා.. කන බොන පැත්තක් තියේ නං කියන්ට. රා ටිකක් එහෙම, මෙහෙම්මම ඇන්න ගියෑකි”

“මාමා.. සත්තයි ඔ්ං කියාගන්ට බැරුව හිටියෙ. ටිකක් නෙවෙයි මාමා බෝතල් 4, 5ක් හරි කමක් නෑ ගන්නකො”

වචනෙ විතරයි..

ගමන එහෙම්ම හැරෙව්වා රා මණ්ඩියට. ගත්තා බෝතල් 5ක්. අරගනෙ ඉර මුදුන පෙනි පෙනීම.. විල්ලු පඳුරු අතරින් වාඩියට. යද්දි වාඩියෙ තවත් කොල්ලෙකුයි, වයසක උන්දැ කෙනෙකුයි.. 

“අඩේ අප්පා.. වේලු අයියා.. අපි මේ කෑමට කිට්ටු කලා ඔ්ං.”

“ආ.. ඒමෙයි මලයා. අරි අරි, කන්ට කන්ට. අද මොකෝ අස්සැන්න”

“හොඳ හොඳ.. වේලු අයියා. ආං වලේ දැම්මා”

කතාබහට අපි දෙන්නත් අන්දුන් කුන්දුන්. මොනවද බොලේ ‘අස්සැන්න’?

ඒත් එක්කම පිළිකන්නෙන් එළියට බැහැපු මාමා එක්ක පිටිපස්සෙන් අපිත්. ගිහින් බැලින්නම්නෙ.. තඩි දැලක අම්බානක කකුළුවොයි, ඉස්සොයි. ඇත්තටම ඒ වෙලාවෙ නම් අපේ හිත් පට්ට අප්සෙට් ගියා.

ඒත්.. ඇතුලට ඇවිල්ලා බත් බෙදාගෙන කන්න කිව්වාමනෙ..

සුදු කැකුළුයි, කකුළු හොදියි, තක්කාලි පොල්සම්බෝලයි!

ඊටත් ඒ අතරට තඩි රා වීදුරු දෙකක් වත්කරලා අතට දුන්නාම?

ගත් උගුරටම පළවෙනි වීදුරුව ඇරලා දාපු මායි යාළුවයි කකුළු කරියෙන් පොඩියක් තොල ගාලා තව වීදුරුවක් ඇරපි.

හම්මේ.. ඊට පස්සෙ නේද.. ඔලුව නිකම් කැරකිලා රඹටි හැලෙන ගාණට.

මාමගෙම අතින් බෙදිලා ආපු තඩි බෙලෙක් පිඟන් දෙකේ.. බත් නිකම් දෙදරනව වගේ..

හැබැයි කෑවා කෑමක්..

රස නහර විතරක් නෙවෙයි, ඔලුවෙ නහරත් ඉලිප්පිලා ගියේ. කිව්වට විශ්වාස කරන්න යාළු සැර නම්..

තනි කරම රතු මිරිසෙන් අරගෙන තිබ්බෙ. හැබැයි කඳුලු පනින ගාණට හොඳේ. ඊටත් තුනපහ, රම්පෙ කරපිංච ටික මදි නොකියන්නම. දිය කිරෙන්ද කොහෙද ඉදවපු හොද්දෙ බොර ගතිය.. රා නෙවෙයි අමුවෙන් වෙන ජාතියක් දුන්නත් ගහන්න පුලුවන් ඒකත් එක්ක. ආහ්.. හොඳහැටි ගොරකා එහෙමත් දාලා තිබ්බ හොද්දට ඈ..

හැබැයී.. තක්කාලි පොල්සම්බෝලෙ නම් අපිට එච්චර සෙට්වුනේ නෑ. මොකද ඒකෙ ඇඹුල මදිනෙ. ලූණුත් ඒ හැටි නෑ. කොටින්ම සැර විතරයි. ඒත් අර උණු උණු බත නිසා..

රා කට්ටයි, කකුළු කරියයි..

සදා මතකයකටම එක් වූ වගයි..!

Leave a comment