Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

යකින්ණි ගලේ මුදුන් උලේ... කූඩාරම් නැති, කඳවුරු බැඳි සීත රැය! 3 කොටස

කැඩි කැඩි නින්දෙ අවසානය සනිටුහන් වුනේ, පාන්දර…

Posted by

කැඩි කැඩි නින්දෙ අවසානය සනිටුහන් වුනේ, පාන්දර 5 පනිද්දිම වගේ බාපු ලොකු මීදුමෙන්.. ඒ වෙනකම් තිබ්බ අසීමිත සීතල, මීදුමත් එක්ක නැතිවෙලා ගියාට මොකද ඒ අනික් පැත්තට ඇල්ලුවා පොඩි මන්දාරමක්. එහෙමයි කියලත් ඇස් ඇරියෙ මාමයි, මායි, ලසායි විතරයි.. අනික්වුන් සේරම රේන්කෝට් පොරව ගත්තා කියන්නකො සැප නින්ද ඩබල් වෙන්න.

එහෙම වුන එකත් හොඳයි කියලා අපි තුන්දෙනා ඉතුරු වෙලා තිබ්බ වතුර වලින් මූණකට හෝදගෙන, ශරීරකෘත්‍යත් කරගෙන ලාවට ගිණිඅඟුරු තිබ්බ මහ කොටන් දෙකට ආයෙත් පොඩි පොඩි රොඩු කෝටු දාලා ඇවිලුවා. අවුලලා සාස්පානට වතුර රත්වෙන්න තිබ්බා ටූ ඉන් වන් බ්‍රෙක්ෆස්ට් එක ගහන්න. ඒ වෙද්දි අර මන්දාරමත් නතරවෙලා. හැබැයි අපිට ලොකු ප්‍රශ්නයක් ඉතුරුවෙලා..

‘වතුර නෑ’!

නූඩ්ල්ස් වැඩේ මං බාර අරගෙන මාමවයි, ලසාවයි යැව්වා වතුර ටිකක් තියෙද බලන්න. ටික වෙලාවකින් දෙන්නා ආවා වතුරත් අරගෙන. හැබැයි පහල ගලේ පොඩි වළක පිරිච්චා. ඒ නිසා පෙරලා කරලයි ගන්න වුනේ. ම්ම්.. ඔය විදියට ඉතින් උදේ 6 වෙද්දි සියලු වැඩ නිමායි.. උණු උණු සුප් එකක් සහ නූඩ්ල්ස් තොගයකුත් ලෑස්තියි. ඒත් අවාසනාව කියන්නෙ එච්චර අපූරු මුදුනක ඉඳලත් මීදුම නිසා ඉර උදාව බලන්න බැරි වෙච්ච එක. කොටින්ම කියතොත් 7ටත්.. ම්හ්! මුකුත්ම නෑ. ආයෙ තව බලාගෙන ඉඳලා වැඩක් නැති නිසයි කට්ටියටත් ඇහැරවලා ලෑස්ති කරගත්තෙ. ඊටත් දැන් දුර පාරෙන්, පාර හොයාගෙන බැහැලා, ලෙන් පැත්තටත් විසිට් එකක් දාන්න එපැයි.

8.30ට විතර පිටත් වුන ගමනෙ මුල් කිලෝමීටරයම පෙරදා පරිදි බටගාල් මැදින්. ඊට පස්සෙ මතුවුනා කුරු කැලේට. ඒක නම් පොඩ්ඩයි. ඊට පස්සෙ හරි හරියට මහ කැලේ..

“පුතා.. දැන් නං ඔ්ං අපි දඩඉමට කිට්ටු කරලා ඉන්නෙ. කවුරු කවුරුත් අත්වාරු ඉස්සර කරගෙන යන්න ඔ්න, එහෙ මෙහෙ සද්ද කරන්නත් බෑ. මොකද මේක ඇවිල්ලා කාගෙ, කොහේ ඉමද කියන්න මං දන්නෙත් නෑ. හදිස්සියෙවත් සුදුගල එපිට ලයින් කාරයින්ගෙ වුනොත් උන් අපිව දන්නෙත් නැති නිසා ප්‍රශ්න. අනික මං අඩිය තියන පාරෙම තියන්න ඔ්ං, හරිය.”

කතාව ඇහුවත් හරි කාගෙ කාගෙත් ඉහේ ඉඳන් හීන් දාඩිය. එච්චර වෙලා කයියක් දාගෙන ආපු උදවියගෙ කතාබහත් නිමි. ඔය විදියට ඉතින් අඩු වේගෙන් මහා බෑවුමේ රූට රූට අපි පාමුලට කිට්ටු කලා. ඒ අතරට එක්කෙනක් දෙන්නෙක් ‘මාඋස්සා’ ටිකක් එහෙමත් අතේ ගාගෙන ඉදිමෙන ගාණට ඇවිල්ලා හිටියෙ. ඒ සියල්ලටම ඉතින් එකම වාසිය වුනේ මගක් කාරිය බහිද්දි සිග්නල් අහුවෙච්ච එක. 

පොඩි තැන්නක් අල්ලලා ගමන නතර කරපු මාමා, විටක් කටේ දාගෙන හරි හරියට කෝල් එකක් ගත්තා..

“ආහ්.. ඔ්යි මං මේ සෙනවි. අපි දැන් ඉන්නෙ ගඟට කිට්ටු කරලා. එතනින් කොයිබටෙයි එන්න ඔ්නා?”

කෝල් එක ඉවර වෙනවත් හරි මාමාගෙ ඇස් දෙකේ අමුතුම එළියක්. “පුතා.. අපේ ගමන සාර්ථකයි ඔ්ං ඈ. තව පැය බාගෙට වගේ කළුවගෙ ලෙනට ඇද්දහැකි. උං දවල්ට රොටි තම්බනවලු. ඒවා කාලා හිටං එහෙම ඌත් එක්කම ගියෑකි ගමට.

“හෑ.. සිරාවට මාමා? අඩේ හූවක් කියන්නමයි අප්පා හිත. කමක් නෑ පැය බාගයයිනෙ. ඒකත් ඉඳලම කියනවා” කතාව අහපු අපේ එකෙක්ට සතුට දෙගොඩ තලා ගිහින්. ඒ විතරක් නෙවෙයි, සෙට් එකම.. ගමන එතනින් ඉවර ගානට බඹර පදමට අරිසි දේවල් හරි හරියට කටට, බඩට.

“ඒහ්.. ඔය යන්න පුලුවන් ගාණට ගහපල්ලා ඈ. අනික වාඩියෙ උන්ටත් පොඩ්ඩක් තියාගනිල්ලා. ආයෙ ඊලඟ පාර වාසියට”

ලොකු විරාමයෙන් අනතුරුව හැමෝටම අමුතු ජවයක්. පැය බාගෙ ගමන විනාඩි 20න් ලෙනට. යද්දි කලින්දා වැඩක් අහවර කරලා කැන්දකොළ, හබරල කොළ, කෙහෙල් කොළ තොගයක ඔතපුවා පොහොර උර දෙකක බැඳලා කදේ. ඒකත් මොකෝ.. ලිපේ ඉදෙන හොද්දෙ සුවඳ?

හොඳම වැඩේ වුනේ අපේ ඒවයින් ෂොට ගානෙ දාලා උගුරට හලාගන්න පරක්කුවට ලහිපිටකුත් රෝල් කරලා යැව්වාම!

වේළපුවා, දුමේ දාපුවා සියල්ල එක්ක.. “කොල්ලොන්ටනෙ, ඉඳාල්ලා මේවයෙ උෂ්ණෙ බහින්න” කියලා මුං ඇට හොද්දකුත් හදලයි රොටි එව්වෙ..

හප්පේ.. කෑවා නෙවෙයි, වේල් දෙකකම මදි පාඩු ඇල්ලුවා පින් දිදී.

ඒ දෙසා බාලා, තිබ්බ ඉතුරු මදිපාඩුත් ඉවර කරලා නින්දක් දැම්මා කට්ටියම 2 විතර වෙනකම්. දාලා තමයි ආපහු ගමට ගමන ඇල්ලුවෙ. මොකද කළුවා මාමලාට බෑනෙ කදත් එක්ක ඇහැ කණ පේන වෙලාවෙ ගාටන්න!

ඔවුහු අපට අසීමිතව ආදරය කළහ..!

Leave a comment