Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

වැලන්ටයින් දවසේ ඩේට් එකට අන්තිම මොහොතේ වත් ප්ලෑනක් නැද්ද? එහෙනං මේ තැන්වලට යමුද?

වැලන්ටයින් දිනේ එනව විතරක් නෙමෙයි, ඒකට…

Posted by

අපේ සංස්කෘතියට සුදුසු නැහැයි කියල බැණුම් අහන, ඒත් හුඟක් කොල්ලෝ මැරීගෙන මහන්සි වෙන, නිල නොවන ජාතික දිනයක් තමයි පෙබරවාරි 14 වැටෙන වැලන්ටයින් දිනේ. මේ කාලෙට තමයි ඔය සමහර පවුල් පන්සල් වෙච්ච කට්ටිය, පවුල ඇතුවත් බැරි, නැතුවත් බැරි තත්ත්වයක් ඇතිවෙන්නේ. ඇයි වැලන්ටයින් දිනේ එනව විතරක් නෙමෙයි, ඒකට කරන්න දෙයක් හදාගන්නත් එපැයි. ප්ලෑනක් ගහන්න වෙලාවක් නැතිවුනාද? එහෙනං මෙන්න අපෙන් අයිඩියාස් කිහිපයක්.

ලාබෙට

ලේසිම වැඩේ ඉතින් ඔය හැමදාම යන ගෝල් ෆේස් එක පැත්තෙ යන එක තමයි. හවස් වෙලා යන්න හැබැයි. එතකොට කුඩයක් යට කොටුවෙලා ඉන්න ඕනේ නෑ නේ. නේද? සරුංගලයක් එහෙම ඇරලා, පොඩ්ඩක් ඇවිදලා, ඉස්සෝ වඩයක් එහෙම කාල පොඩ්ඩක් සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. ඕනේ නං මෙතැනින්ම කොත්තුවක් වගේ මොනව හරි කාල යන්නත් පුළුවන් නානා ගේ කඩෙන් වගේ.

ටිකක් වියදම් කරන්න පුළුවන් නං යන්න Lighthouse Galley. ගෝල් ෆේස් එකෙන් වැඩිය දුරත් නැහැ. තැනත් ලස්සනයි.

ඊටත් වඩා හොඳ Grand Oriental Hotel එකේ Harbour Room එකට ආවනං. පරණ, ලොකු හෝටලයක් වුණාට හාබර් රූම් එකේ ගණන් සැර නැහැ. අනික ඒ වගේද මෙතන ජනේලෙන් එළියේ පේන දර්ශනේ? පට්ට ලස්සනයි.

කොළොම්පුරේ ශ්‍රියා

ලස්සන දර්ශන තියෙන තැනකට යන එකත් මේ වගේ දවසක් වටිනවා. සිරා රොමෑන්ටික් මූඩ් එකක් ඇතිකරගන්න ඕව ගැන හිතන්නත් ඕනේ. කලින් කිව්වා වගේ හාබර් රූම් එක මාර ලස්සනයි. ගණන් සැර වැඩිමත් නැහැ.

ඒ වගේ ගාණකට බීච් වීව් එකක් ඕනේ නං දෙහිවල බැරකූඩා එක පැත්තෙ ගිහිල්ල බලන්න. හවස් වෙලා ඉර බහින වෙලාවට මාර ලස්සනයි.

තවත් වෙරළ දිගේ එහාට යනවනං ගල්කිස්ස මහා හෝටලෙත් ලස්සන තැනක්. අනික කොහොමද ස්ටේටස් එක ඔහොම ලොකු තැනකට ගියාම.

වැඩේ තියෙන්නෙ ලස්සන තැන් අල්ලාගෙන තියෙන්නෙ, ටිකක් සාක්කුවට සැරට වදින තැන්. එහෙම ගණන් ඔරොත්තු දෙනවනං කිංස්බරි හෝටලේ Sky Lounge එක, OZO හෝටලේ ON14 එක, තමයි Best Western හෝටලේ VU Restobar එක එහෙම සිරා තැන් කිහිපයක්. තව අපේ රූෆ්ටොප් බාර් ලැයිස්තුව බැලුවනං තව තැන් ටිකක් බලාගන්න පුළුවන්.

ප්‍රයිවසි

ඕක ඉතින් කළුනික හොයනවා වගේ වැඩක් නේ. වෙන මොකකටවත් නෙමෙයි පොඩ්ඩක් නිවිසැනසිල්ලේ කතාකරන්න වත් දෙන්නෙ නෑ නේ මේ ලංකාවේ එකෙක්වත්. හැබැයි ටිකක් හරි ඔහොම තැනකට තියෙන්නෙ Havelock Place Bungalow එක. නිස්කලංකයි, හුදකලාවයි, කෑමත් නරක් නැහැ. හුඟක් සාක්කුවට වදින්නෙත් නැහැ.

කුස්සිය මුල්ලේ

නෝනගේ ආලේ හෝටලේ වුණාට අපේ ආලේ ගෙදර කුස්සියේ නං ඒකත් අවුලක් නැහැ. ෆිල්ම් එකක් එහෙම බලාගෙන, තේ එකක් හදාගෙන, චිල් එකේ ඉන්න. එහෙම එකේ උයන්න/උයවන්න කැමති නැත්තං Giovanni’s එකෙන් හොඳ පීසා එකක් ගෙන්න ගන්න. පීසා ගන්නවනං අපි හැමදාම යන්නෙ මෙතෙන්ට.


තව ගෙන්න ගන්නවා නං සිරා එකක් තමයි Naniyori එකේ බෙන්ටෝ පෙට්ටියක්. ජපන් කෑම කන්න ආසනං මේක නියමයි. දැක්කමත් ලස්සනයි.

Leave a comment