මේ දවස්වල ලංකාවේ තියෙන දැවෙන ප්රශ්නය තමයි පිදුරංගල පුක පෙන්නන ෆොටෝ. ලසන්ත ව තාජුදීන් ව මරපු අය තාම එළියෙ හිටියට, එක්නැලිගොඩව අතුරුදන් කරපු අය තාම නිදැල්ලෙ හිටියට, ජාතිවාදි කෝලහල ඇති කරපු ගොඩක් අය තාමත් ප්‍රසිද්ධියේ ජාතිවාදය පතුරමින් හිටියට මොකද, මේ විදියට පුක පේන ෆොටෝ අරන් ෆේස්බුක් දාපු කීපදෙනෙක් ව ම මේ වෙනකොට අත්අඩංගුවට ගන්න පොලිසිය සමත්වෙලා තියෙනවා.
ලංකාවට මේක අලුත් දෙයක් වුණාට ලෝකේ පුරා සංචාරකයෝ අතර මේක දැන් ටික කාලෙක ඉඳන් එන ට්‍රෙන්ඩ් එකක්. මේ වෙනුවෙන් ම වෙන්වුණු MyNakedTrip වගේ වෙබ්සයිට් පවා හැදිලා තියෙනවා.
නිරුවත කියන එක ආර්ට්වලට අලුත් දෙයක් නොවුණට මේ වගේ සංචාරක ආකර්ෂණය තියෙන ප්‍රසිද්ධ ස්ථානවල ඇඳුම් නැතුව ෆොටෝ ගන්න ට්‍රෙන්ඩ් එක නම් ටිකක් අලුත් එකක්. 2010 දි ප්‍රංශ ස්ට්‍රිප් ඩාන්සර් කෙනෙක් ඕස්ට්‍රේලියාවේ උලුරු ගල්තලාවේ ඉඳන් ඇඳුම් ගලවලා වීඩියෝ එකක් රිලීස් කළා. මේ උරුලු ගල්තලාව ඕස්ට්‍රේලියන් ආදිවාසින්ගේ පූජනීය ස්ථානයක්. සුද්දො එන්න කලින් මේ ගොල්ලො කොහොමත් හිටියේ ඇඳුම් නැතුව වුණාට මොකද, ප්‍රංශ සුද්දියෙක් ඇවිත් මෙතන ස්ට්‍රිප් ඩාන්ස් කරන එකට (ලංකාවේ වගේ ම) එයාල කැමති වුණේ නෑ.
කාම්බෝජයේ ඇන්කොර් උද්‍යානයත් මේ නේකඩ් ටුවරිස්ට්ලා අතර ජනප්‍රිය තැනක්. හැබැයි එහෙත් මෙහෙ වගේ තමයි; මේකේ තියෙන පන්සලක් ළග නියුඩ් ෆොටෝ ගහපු කීපදෙනකුට දඩ කන්න වගේ ම අත්හිටවූ සිරදඬුවම්වලටත් මුහුණදෙන්න සිද්ධ වුණා.
තායිලන්තය, හොංකොං තව ගොඩක් තැන්වල දි මේ වගේ නඩු වැටුණත් ලෝකේ පුරා පැතිරෙන මේ නිදහසේ රැල්ල නවතින පාටක් නෑ.
2015 දි මැලේසියාවේ භූමිකම්පාවක් සිද්ධ වුණේ කිනබලු කන්දට ගිය සංචාරකයො පිරිසක් ඇඳුම් නැතුව ෆොටෝ ගහපු නිසා කියලයි එ් පැත්තෙ කට්ටිය හිතන්නෙ.
දකුණු ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ සංචාරක කර්මාන්තය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ෆ්‍රෙයා හිගින්ස් කියන විදියට මේක නිකම්ම නිකං නාසිසසම් හෝ ආකර්ෂණය දිනාගන්න කරන දේකට වඩා ගැඹුරු දෙයක්. “මිනිස්සු ගොඩක්වෙලාවට මේක කරන්නෙ කඳු මුදුනට නැග්ගට පස්සෙ, එහෙම නැත්නම් ලස්සන අයිකොනික් තැනකට ගියාම. මම හිතන්නෙ මේ වගේ එක්ස්ට්‍රීම් දේවල්වලින් ඒගොල්ලො කියන්න හදන්නෙ ඒ තැන තියෙන සුන්දරත්වය ගැන හැඟීමක්… ඒ වගේ ම මේක අකීකරු තාරුණ්‍යයේ ප්රකාශනයක්.” කොහොම වුණත් ලෝකේ සමහර රටවල අනිත්වට වඩා ගතානුගතික සංස්කෘතියක් තියෙන නිසා, ඒවට යන සංචාරකයෝ ඒ ස්වදේශිකයන්ගෙ ගතානුගතික සංස්කෘතියට සහ නිතිවලට ගරුකරන්න ඕන කියල තමයි මහාචාර්ය හිගින්ස් කියන්නෙ.
නීතිරීති සහ ආගමික සංස්කෘතීන්ගෙන් කොච්චර බාධා ආවත්, ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් වගේ සෝෂල් මීඩියා තියෙනකල් මේ ලෝකේ පුරා පැතිරෙන මේ බෙල්ෆි විප්ලවය නවත්තන්න පුළුවන් වෙයි කියල හිතන්න අමාරුයි. හැබැයි කරන දෙයක් පරිස්සමින්. මොකද නීතිය ආතල් දන්නෙ නෑනෙ.
Buddhi Batiks takes the tradition of the batik industry and revamps them to create designer fashion.
Here's a round-up of Colombo's buffets with what they do best.
Countries that let you in without a fuss with your Lankan passport
The food court of the largest mall in Sri Lanka! Explore the exciting options they have on offer.
Donate your hair to cancer patients and get a free styling from Ramani Fernando Salons!
Delete Comment