Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

බිස්නස් මීටීමක් ද? පොරක් වගේ පේන්න ඕනේ ද? මෙන්න මේ තැන් 10න් කෑමක් දීල බලන්න

බිස්නස් වැඩ කරන කොට වැඩ්ඩෙක් කියල පෙන්නන…

Posted by

බිස්නස් වැඩ කරන කොට වැඩ්ඩෙක් කියල පෙන්නන තරමට තමයි හරියන්නේ. අනිත් එකා තමන්ව තුට්ටු දෙකේ ගාණට දාගෙන බැහැනේ. අනික හොඳ කෑමක් දුන්නම ඕන කෙනෙක්ව තමන්ගේ පැත්තට නම්මගන්න පුළුවන් නේ. ඔය දෙකම කරගන්න පුළුවන් පට්ට සිරා රෙස්ටෝරන්ට් එකක කෑමකට සෙට් කරගත්ත නං. එහෙම හොඳම තැන් ටිකක් තමයි මේ තියෙන්නෙ. ටිකක් ගණන් සැර නං තමයි. ඒත් ඕක බිස්නස් එකේ ආයෝජනයක් කියල කපල දාන්න බැරිය.

 

Park Street Mews Restaurant

පාක් ස්ට්‍රීට් මිව්ස් එක හුඟ කාලයක් තිස්සේ කොළඹ ඔෆිස් සහ බිස්නස් ජනතාව අතර ජනප්‍රිය තැනක්. කොළඹ මැද්දෙම තියෙන හින්ද ලේසියෙන් මෙතෙන්ට එන්නත් පුළුවන්. සර්විස් එකත් සුපිරි. කොළඹ රෙස්ටෝරන්ට්වලින් ඉහළින් සැලකුවට අනිත්වට සාපේක්ෂව මෙතන ගණන් අඩුයි. අනික සිරා බිස්නස් ලන්ච් මෙනුවක් තියෙනවා. ඒකෙන් අරගන්න.

 

Semondu

සෙමොන්දු කියන්නේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එකේ ශ්‍රී ලංකන් කෙර්ටරින් ඒකෙන් කරන ඉහළ මට්ටමේ රෙස්ටෝරන්ට් එකක්. ඉතින් කෑම ගැන එච්චර වදවෙන්න ඕනේ නෑ. පට්ටම හොඳයි. පට්ට ගානක් වියදම් වෙන එකකුත් නැහැ. මෙතන ඕන ජාතියකින් කන්න තියෙනවා. මෙනුවෙන් බාගයක් විතර ලංකාවෙන්, ඉතිරිය යුරෝපෙන් සහ ආසියාවෙන්'.

 

The Gallery Cafe

තමන් ටිකක් පොෂ්, කලාත්මක දේවල් ගැන යමක් කමක් දන්න කෙනෙක් කියල පෙන්නන්න ඕනේ නං, මෙතනට කාවහරි එක්කං යන්න. මේ ලංකාවේ අග්‍රගණ්‍ය ගෘහනිර්මාණ ශිල්පියා වුණ ජෙෆ්රි බාවා ගේ කාර්යාලය තිබුණ ගොඩනැගිල්ලයි. ඉතින් ඒ ලස්සන කලාවෙන් සහ ගෘහනිර්මාණ ශිල්පයෙන් වටවෙලා හොඳ රස කෑමක් කන්න පුළුවන්. මාර රස පෝර්ක් චොප් එකක් තියෙනවා. සර්විස් එක නං විවිධාකාරයි.

 

Sugar Bistro & Wine Bar

ෂුගර් එකත් ලේසියෙන් එන්න යන්න පුළුවන් තැනක්. කොල්ලුපිටියේ ක්‍රෙස්කැට් එක හොයාගන්න අමාරුවක් නැහැ නේ. ක්‍රෙස්කැට් එකට ඇතුළුවෙන තැනම වම් පැත්තෙ තමයි මේක තියෙන්නෙ. මෙතැන මීටිමකට විතරක් නෙමෙයි, සැහැල්ලු කෑමක් ගන්නත් හොඳ තැනක්. වැඩිය කැෂුවල් පැත්තටයි මෙතන බර. වැඩි වියදමක් නැතුව කෑමත් එක්ක වයින් පාරක් දාන්න ඕනේ නං මෙතන හොඳයි. ක්‍රෙස්කැට් එකේ විතරක් නෙමෙයි, දැන් ඔඩෙල් එකෙත් මේ වගේම ෂුගර් එකක් තියෙනවා.

 

Governor's Restaurant (Mount Lavinia Hotel)

ගල්කිස්ස පැත්ත වැඩිය කිට්ටු නං කොළඹට එන්න ඕනේ නෑ. ගල්කිස්ස මහා හෝටලේට යන්න. ඓතිහාසික වටපිටාව, ලස්සන මුහුදු දර්ශනය, මිලට වටින කෑම.... මොන කෙංගෙඩියද තව ඕනේ කියන්නේ? යුරෝපිය, චීන, ඉන්දියන් කෑම වගේම චෙෆ් පබ්ලිස් සිල්වා ගේ නියම ලංකා කෑමත් මෙනුවේ තියෙනවා. රෝස් කරපු පෝර්ක් කෑම වේල එහෙ ගිය අපේ කට්ටියට අල්ලලා ගිහිං තිබුණා.


Graze Kitchen (Hilton Colombo)

හිල්ටන් එක ලොකු හෝටලයක් වුණාට හුගක් කල් පල්ලම් බැහැපු පෙනුමක් තියාගෙන හිටියේ. කොහොමහරි පහුගිය අවුරුද්දෙ ලොකු ගේමක් දීල ඔක්කොම ලස්සන කරලා අරං තිබුණා. ඒකෙන් ආපු සුපිරිම දෙයක් තමයි මේ රෙස්ටෝරන්ට් එක. දවස පුරාම තියෙනවා වගේම ලොකු මෙනුවක් තියෙනවා. හිත කැමති විදියට රසවිඳින්න පුළුවන්. විශේෂයෙන්ම බුෆේ එක නං පට්ට වගේම මිලට වටිනවා.

 

Harbour Court (Kingsbury)

මුහුදු දර්ශනයක් ඕනේ නං කිංස්බරියේ හාබර් කෝර්ට් එකත් සිරා. ඒත් දැන් නං ඉදිවෙන පොර්ට් සිටි එක හින්ද ඒ දර්ශනේ සෑහෙන්න කෙළවෙලා. ඒ වුණාට තාම කෑමවලට කෙළවෙලා නැහැ. මෙතන බුෆේ එක සිරා කියල විශේෂයෙන් කියන්න ඕනේ. මස් ජාති ටිකක් මදි මදි වගේ තේරුනාට සැලඩ් ටිකයි, මුහුදු කෑම ටිකයි සුපිරි.

 

Verandah Bistro & Bar

වැඩිය සෙනග නැති තැනක් ඕනේ නං වෙරන්ඩා එකට එන්න. මෙතන සෙනග අඩු තියෙන අමුතු තැන හින්ද. JAIC හිල්ටන් බිල්ඩිමේ තුන්වෙනි තට්ටුව කියන්නේ සාමාන්‍යයෙන් කන තැනක් තියෙනවයි කියල හිතන තැනක් නෙමෙයි. අනික මේ පීනන්න තටාක දෙකක්ම තියෙන තැනක්. ඒක වැඩියට හිතන්න එපා. මෙතන කෑම සිරා. ෂුගර් එක වගේ මෙතන කැෂුවල් පැත්තට වැඩිය නැඹුරුයි. මෙතන ගාණ නං පොඩි නෑ හැබැයි. සාක්කුවට හොඳට තට්ටු වෙනවා.

 

Whight & Co

කෝපි පිස්සෙක් නං වයිට් එකට යන්න. කොළඹ ඉස්තරම්ම කෝපි තියෙන තැන්වලින් එකක් මේ. කෑමත් නරක නැහැ. ඊටත් හරියන්න තැන සිරා. හොඳට ඉඩකඩ තියෙනවා. පොඩි පොඩි අහුමුළුවල එක එක ප්‍රමාණේ මේස තියෙනවා. ජනේලයක් ගාව මේසයක් අල්ලගත්ත නං තමයි හොඳ. ඉන්දියන් සාගරේ මාර ලස්සනට පේනවා.

 

Flag and Whistle

ෆ්ලෑග් ඇන්ඩ් විසල් කියන්නෙත් ලාබ තැනක් නෙමෙයි. ඒ වුණාට මෙතනින් සාක්කුවට වෙන තට්ටුව ඔරොත්තු දෙනවනං, මෙහෙ තියෙන කොළඹ වරායේ දර්ශනයට ගහන්න බෑ ලේසියෙන්. ඉස්සර අධි ආරක්‍ෂිත කලාපයක් හින්ද යන්න බැරි වුණාට, දැන් නං වරාය ඇතුළටම බලාගන්න පුළුවන්. රෙස්ටෝරන්ට් එකත් ලස්සනයි, ඉඩයි, සර්විස් එක නියමයි. වැඩි ප්‍රසිද්ධයක් නැති හින්ද අමුතු තැන් දන්නවා කියල ලකුණු ටිකක් දාගන්නත් පුළුවන්.

 

මේ ටික ඇරුණු කොට අපේ තව මේ වගේ තැන් බලාගන්න අපේ සයිට් එකේ Business ලේබල් එක බලන්න. තව තියෙනවනං අපිට කියන්න.

Leave a comment