Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

කටට රහට.. බර්ගර්, රයිස්, කොත්තු ගෙන්නගෙන රස බලන්න හොඳම තැන් 5ක්!

කවදා වෙනකම් ගෙදර ඉන්නද අප්පා මේ…

Posted by

කවදා වෙනකම් ගෙදර ඉන්නද අප්පා මේ විදියට?

ඊටත් කොත්තුවක්, රයිසක්, බර්ගරයක් නොකා..

ඒ නිසාමයි මමත් මේ කල්පනා කලේ.. ටොප් කෑම ටිකක් ඩිලිවරියක් දාලා ගෙදරටම ගෙන්නගෙන කන්න කියාපු තැන් ටිකක් හොයන්න..

1. Stoners Korner

ස්මෝක්ඩ් බීෆ් බර්ගර් රු. 720යි. චිකන් ජොයින්ට් බර්ගර් රු. 800යි.

ලාවට පෑන් ෆ්‍රයි කරපු සොෆ්ට් බනිස් පලු දෙකකට මැදිවුනු, බටර් දාලා පදමට පිසින ලද සුපිරි බීෆ් පැටි එකක්. ඒකත් නිකම් නෙවෙයි හරක්මස් ඇති පදමට සහ පොඩි පොඩි ස්පයිසස් ටිකකුත් ලාවට ගැලපෙන්න එකතු කරලා, තෙල් ගතිය හිඳෙන්නම ස්මෝක් කරලා හදාපු පැටි එකක්. හිතන්නකො.. ඊට උඩින් මෙයොනීස් එක්ක රස්නෙට මෙලෙක් වෙච්ච චීස් අතුරලා කිව්වාම?

එතකොට.. චිකන් බර්ගර් එක?

පැටි දෙකක් එක උඩ එක තියපු තඩි ටවර් එකක්. ලූණු එක්ක නයි මිරිසුයි, ඇති පදමට ගම්මිරිසුයි, කුළුබඩුත් මදි නොකියන්ටයි.. චිකන්? හප්පේ.. මස් රසින් අනූන වෙන්නයි. ආයෙ පංකාදු පහයි ආ.. 

ආහ්, ඒ විතරක් නෙවෙයි පැටි දෙකට උඩින් යටින් මයොනිස්, චීස්, සෝස්.. 

ගමකට කතහැකි!

2. The Bearded Chef

8, 10 දෙනෙක්ට ඇති හැටියට කන්න පුලුවන් චිකන් බිරියානි රු. 5000යි, බීෆ් බිරියානි රු. 5500යි, මට්න් බිරියානි රු. 6500යි. ඒකත්.. එන්නෙ මැලේ අච්චාරු, රයිතා, මසාලා ෆ්‍රයිඩ් මීට් සහ වටලප්පම් එක්කමයි.

බාස්මතී හාලෙ බත, කුළුබඩු වලින් අනූන වෙන්න හදලා නිසා සුවඳවත් ටොප් එකට. හයිද්‍රාබාද් බිරියානියක් වුනාට මොකද මේකට කජු, මුද්දරස් පලම්, කැරමල් ළූණු එහෙමත් දාලා. එතකොට.. අල කෑලිත් තොගයක්ම. විශේෂයෙන්ම කියන්න ඔ්න මස්වලත් හොඳහැටි චාකෝල් රස හොඳඳ!

3. Lansi's

වෙනසකට ලම්ප්‍රයිස් එකක්! එළුමස් රු. 650යි. කුකුල් මස් රු. 600යි.

කෙහෙල් කොලයක ඔතලා එන පංකාදු භාණ්ඩයක්. සුවඳ වගේම රසත් ටොප් එකට.

සුදුරු සම්බා හාලෙ බත. පොඩියට කපලා, හොඳහැටි තුනපහ දාලා මස් හින්දපු කරියට හදලා.. ෆ්‍රයිඩ් අළු කෙසෙල් ව්‍යංජන, බ්ලැන්චන්, මික්ස් මීට් කට්ලට් දෙකක්, අබ සෝස්වල දාලා බැදපු වම්බටු සහ සීනි සම්බල්.. 

ආයෙ කියන්න ඔ්න නෑනෙ ඉතින් නේ..

4. Cinnamon & Spice

පොඩි ගාණට බත් ටිකක් බඩට! රු. 200න් පටන් ගන්නෙ. රු. 300 වෙනකම් මස්, මාළු ඔ්න දෙයකින් රයිස් ඇන්ඩ් කරි ගන්න පුලුවන්. එළවළු ජාති 3ක් එනවා. එතකොට.. චිකන්, මාළු, බුල්සායි එක්ක මිරිස්, පපඩම් බැදලා.. ඒ විතරක්මත් නෙවෙයි, ඇඹුල් තියල්, ඩෙවිල්, ෆ්‍රයිඩ් වගේ විදිවලටත් මෙයාලා ලඟ මස් මාළු තියෙනවා හොඳද.

5. Chooty's Kitchen

චිකන් වැඩ කෝටියයි කිව්වොත් හරි. මෙයාලා ලඟ තියෙන්නෙ චිකන් සහ ෆ්‍රයිඩ් රයිස්. රු. 400න් පටන් අරගෙන රු. 600 වගේ වෙනකම් ගණන් වලට.. පෝෂන් එකට තඩි පොටැටෝ වෙජස් ටිකක් එහෙමත් එනවා. කොහොමහරී.. චිකන් වින්ග්ස්, තයිස්, ඩ්‍රම්ස්ටික්ස්, ලොලිපොප්ස්,

කුළුබඩු සහ සෝස් රස පදමට තියෙන විදියට පදම් කරලා චාකෝල් රසත් ලාවට එන්න ග්‍රිල් කරලා.. බලන්න එපැයි, ගාලික් සහ ලයිම් රස නම් එහෙමයි, හනි මස්ටඩ් නම් එහෙමයි.. ම්.. බයිට් එකකට වුනත් පංකාදුයි ආ..!

Leave a comment



Latest