Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

රු. 500ට අඩුවෙන්! ගමකට ඇතිවෙන්න ටොප් ෆ්‍රයිඩ් රයිසක් කන්න කියාපු තැන් 5ක්

කාලෙකට පස්සෙ ඉතින්.. එළි පෙහෙලියෙ බැහැලා, හැන්දැකරේ…

Posted by

කාලෙකට පස්සෙ ඉතින්..

එළි පෙහෙලියෙ බැහැලා, හැන්දැකරේ රවුමක් ගහද්දී..

හිතුනා උණු උණු අපේ ටයිප් ෆ්‍රයිඩ් රයිස් එකක් කන්නම ඔ්න කියලා..

ඒ හිතලා යමු සයිට් එකේ එහෙමත් හොයලා බලද්දි තමයි, ඔන්න ඔය කඩ ටික සෙට්වුනේ.

බලන්න මේවා ඔයාලත් දන්න කියන තැන්ද කියලා?

1. New Hotel Nisha (Pol Athu Bath Kade)

පෝර්ක්, ඉස්සො, දැල්ලො ඔ්න දෙයක් සමඟින් පංකාදු දවල් කෑම වේලක් රස බලන්න විතරක් නෙවෙයි.. මෙතන ලෙසටම සෙට්වෙනවා හැන්දෑවෙ 5න් පස්සෙ පටන් ගන්න රයිස්, කොත්තු ටිකට. වැඩක් නෑ යාළු කියලා.. හොඳ හැටි ගැඹුරු තෙලේ බැදපු චිකන්, පෝර්ක්, ඉස්සො, දැල්ලො පොඩි පොඩි කෑලි.. ඒ ඒ ජාතියෙන් ඔ්න නම් එහෙමයි, නැත්නම් මික්ස් කරලා නම් එහෙමයි. හැබැයි ඒ කොහොම වුනත්.. සුවඳ ගහන පදමට බිත්තරයක්, චිලි පේස්ට්, එළවළු අඩුම කුඩුම දාලා කීරිසම්බා, සම්බා, බාස්මතී.. ඉල්ලන ජාතියෙ හාලකින් බත දාලා.. රු. 300-500 අතරෙ දෙන්නෙක්ට කන්න පුලුවන් ගාණටත් හොඳේ..!

2. Monarch Kitchen

මේ අනික් තැන! රු. 500 ඉඳන් උඩට තියෙන්නෙ රයිස් ටික. හැබැයි වගකීමෙන්.. 3දෙනෙක්ට නම් ඉස්මුරුත්තාව එන ගාණටම. එකම දේ තමයි මෙයාලා ලඟ බීෆුත් තියෙනවා. ඊටත්.. එහෙම සියළු මස් මාළු දාලා හදන මෙයාලගෙ ස්පෙෂල් රයිස් එක එපැයි බලන්න. හප්පා.. ඒකෙ නැති දෙයක් නෑ වගේම රසත්, නොම්මර එකයි ඈ.. අනික සැර පදම, මස් වර්ගත් අපිට ඔ්න විදියට කියලා දාගන්න පුලුවන්නෙ.

3. Mr. Gamarala

මේ ප්ලේස් එක ගැන ලියන්න හිතුවෙ ෆ්‍රයිඩ් රයිස් නිසා නෙවෙයි. මෙයාලා ලඟ තියෙන අනිත් රයිස් ජාති නිසා.. විශේෂයෙන්ම තරු පන්තියෙ පෝර්ක් කරියක් එක්ක මේසෙට එන රයිස් ඇන්ඩ් කරිය වගේම.. මෙයාලගෙම ස්පෙෂල් දුන්තෙල් බත! හප්පා.. සුවඳයි, ඒකෙ කුලුබඩු අඩුම කුඩුම රසයි එක්ක.. පෝර්ක් වුනත් වෙන මස් මාළු ජාතියක් වුනත්..

කන්න නම් පුලුවන් යාළු රඹටි හැලෙන්න! අනික ගාණත් රු. 400ක් වගේනෙ.

4. Nevil Food

බීෆ් පෝර්ක් නැති වුනාට..

චිකන්, ඉස්සො, දැල්ලො ඔ්න ජාතියකින් දාලා හදල ගන්න පුලුවන් මෙයාලගෙ රයිස් එක..

දෙන්නෙක්ට බඩ පැළෙන්න වගේම, කන කන කටක් ගාණෙ මස් මාළු අහුවෙන්න.. බිත්තර, එළවළු රසින් අඩුවක් නැතිවෙන්න..

ඒ විතරක් නම් බැරියැ, ඔ්න විදිය කියලා චිලිපේස්ට් එක්ක සැරට නම් එහෙමයි, ෆ්‍රයිඩ් මීට් නැත්නම් කරි මීට් නම් එහෙමයි..

ඒකත් රු. 300-400 අතරෙ කිව්වාම!

5. Demerara by Chef Warm

අහම්බෙන් හම්බවුන අපූරු ප්ලේස් එකේ.. චෙෆ්ම හදන රස වෑහෙන ෆ්‍රයිඩ් රයිස් එක!

බිත්තර එළවලු හොඳ හැටියට දාලා, කීරි සම්බා හාලෙන් රයිස් එක හදලා..

ඒක උඩින් තියලා කියන්නකො නොම්මර එකේ උණු උණු බාබකියු චිකන් ඩ්‍රම්ස්ටික් එකකුයි, ජම්බො සොසේජ් එකකුයි. ආයෙ.. ග්‍රෙවි ටිකක් එක්ක ඒකට චිලි පේස්ටුත් එකතු වුනාම..

රු. 450ට නම් ලොවෙත් වටිනවා යාළු

Leave a comment