Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

පොඩියට පටන් ගන්න, ලොකුවට හම්බකරන්න... පුංචි පහේ බිස්නස් අයිඩියා 5ක්!

එකක් බඩු එන්නෙ නෑ. අනෙක එන බඩු…

Posted by

1. Apparels

පුංචි ගාණක් යටකරලා පටන් ගන්න පුළුවන් හොඳ බිස්නස් එකක්. කරන්න තියෙන්නෙ තමන්ගෙ අතේ තියෙන ගාණට හරියන්න... ෆැක්ටරි අවුට්ලට් හරි හෝල්සේල් ගාමන්ට්ස් හරි අරගෙන සිල්ලරට විකුණන එක. හැබැයි එතනදි ඔයාට ඔයාගෙ ම බ්‍රෑන්ඩ් එකක් පටන් ගන්න බෑ. මොකද ඔයා ඒ විදියට ගන්නෙ එක එක බ්‍රෑන්ඩ්වලට මහපුවානෙ. කොහොම වුණත් තමන්ගෙ බ්‍රෑන්ඩ් එකක් පටන් ගන්න හිතනෙවා නම් ක්‍රම දෙකක් තියෙනව. එකක් තමයි උපරිම කොලිටියට, තමන්ම ඩිසයින් හොයාගෙන මස්සන එක. අනිත් එක තමයි සාමාන්‍ය කොලිටියට මහන ඇඳුම් අරගෙන ඒවා පාරිභෝගිකයන්ගෙ අවධානය දිනාගන්න පුළුවන් වෙන්න බ්‍රෑන්ඩ් කරන එක. ඇත්තටම ඔය දෙවනි වැඩේට ගොඩක් මහන්සි වෙන්න ඕන නෑ. මොකද ඒකට තියෙන්න ඕන නිර්මාණශීලීව හිතන්න පුළුවන්කමයි, ඒක වෙළඳපොලට ඉදිරිපත් කරන්න පුළුවන් කමයි තමයි.

2. Fashion Accessories

කලාව සහ නිර්මාණ හැකියාව ඔයාට තියෙනව නම් ඔයාගෙ ම වැඩක් පටන්ගන්න එක ලොකු දෙයක් නෙවෙයිනෙ. හැබැයි ඔයාට ඒ දෙක නැත්නම්... කලාව, හැකියාව තියෙන, මාර්කටින්ග් නොදන්න අය හොයාගෙන (සමාජ මාධ්‍යය හරහා ඕන තරම් හොයාගන්න පුළුවන්)... ඔයාට කරන්න තියෙන්නෙ පොඩි ආයෝජනයක් දාලා, එයාලගෙ නිර්මාණ එකතු කරගෙන ඒවා බ්‍රෑන්ඩ් කරලා විකුණන එක. ඒ විතරක් නෙවෙයි, ඒ විදියට ගමන යද්දි කස්ටමර්ස්ලගෙන් එන රික්වෙස්ට්වලට අනුව කස්ටමයිස්ඩ් බඩු හදන්න පටන් ගන්නත් ඔයාට පුළුවන්. ඒ අතරට ඒ නිර්මාණ ඩිරෙක්ට් ෂිපින්ග්වලින්, ඊබේ වගේ සයිට්වල විකුණන්නත් පුළුවන්. හැබැයි එකක්... වැඩේ පටන් ගන්න කලින් අනිවා ඇනලයිස් කරලා බලන්න මොනවද ඒ භාණ්ඩ අතරින් වැඩියෙන් ම විකිණෙන්නෙ කියලා. ෆැෂන් පැළඳුම් නම් විකිණීම අතින් උඩින් ම තියෙනවා හොඳද.

3. Fruits & Vegetables

මේ දවස්වල සුලභව දැකගන්න පුළුවන් පුංචි පහේ ව්‍යාපාර තමයි වීදි පලතුරු කඩ. ඒ අතරට එළවලු එහෙමත් සමහර තැන්වල තියෙනවා. මේකට ඔයාට මැදිහත් වෙන්න පුළුවන් ඒ වෙළෙන්දන් එක්කම කතා කරලා. මොකද එයාලා බොහොමයක්, කොළඹ තොග වෙළෙන්දන්ගෙන් තමයි බඩු ගන්නෙ. ඒ කියන්නෙ ගමෙන් කොළඹට පලතුරු ඇවිල්ලා ගොවියා, ප්‍රවාහනය කරන්නා සහ තොග මුදලාලි තුන්දෙනාගෙ ම ගණන් එකතු වෙලා එන ගාණට, සුලු ලාභ තියලා, විකුණලා තමයි බිස්නස් කරන්නෙ. හැබැයි ඔයාට පුළුවන් කෙලින්ම (සමාජ මාධ්‍යය හරහා වුණත්) ගොවීන් එක්ක කතා කරලා, ගොවීන්ගෙම පොඩි පොඩි වාහනවල පලතුරු, එළවළු කොළඹට ගෙන්නනලා, වීදි ව්‍යාපාරිකයින්ට දීලා ලොකු ලාභ උපයන්න.

4. Electronic Repairs

කොයි කවුරුත් දන්න දෙයක් තමයි එන්න එන්න ම ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ සම්භන්ධයෙන් ඇතිවෙන ගැටලුව. එකක් බඩු එන්නෙ නෑ. අනෙක එන බඩු අස්ප ගණන්. තවත් කාරණාවක් තමයි දැනට භාවිතාවෙ තියෙන බඩු කැඩුණාම හදාගන්න විදියක් නෑ, මොකද පාර්ට්ස් හිඟයි. ඒ නිසාම කවුරුත් ලේසියකට ඒවා හදන්න කම්පැනි දාන්නෙ නෑ. 

ඉතින්... ඔයා ඉලෙක්ට්‍රොනික් පැත්තෙ වැඩ්ඩෙක් නම් හෝ, ඒ දේ ඉගෙන ගෙන අලුත් වැඩක් කරන්න කැමති නම්, පටන් ගන්න ෆෝන්, ලැප්ටොප් සහ ගෙදර දොරේ ‌ඉලෙක්ට්‍රොනික්ස් හදන්න විකල්ප හොයන්න... එක භාණ්ඩයකට එක විකල්පය ගානෙ හොයාගත්තත් ඔයා ගොඩ!

5. Home Made Food

මේකට නම් අනිවා ඔයාට උයන්න පුළුවන් වෙන්න ඕන. වැඩිය ඕන නෑ, ගෙදර දි ම... රයිස් ඇන්ඩ් කරි ටිකක්, රයිස්, කොත්තු ටිකක්... එහෙමත් නැත්නම් සැන්ඩ්විච්, පනිනි, බර්ගර්, සබ්මැරීන්... බිස්කට් පුඩිං වගේ ඩෙසට් වර්ග වුණත්... හැදුවා, සෝෂල් මීඩියා හරහා ප්‍රමෝට් කළා, ‘පික්මි ෆුඩ්’ එකේ නොමිලේ ම රෙජිස්ටර් වෙලා සට සට ගාලා එන ඕඩර් ටිකට සප්ලයි කරන්නයි තියෙන්නෙ. 

Leave a comment