Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

නිකමට හදලා බලන්න! පංකාදු කලවම් එළවළු, මාළු ව්‍යංජන 5ක්

ජාති දෙක තුනක් උයන්න කම්මැලි…

Posted by

ජාති දෙක තුනක් උයන්න කම්මැලි අයට..

මෙන්න..

ජාති විසඳුමක්!

1. සෝයා සහ පරිප්පු

මුකුත් නෑ ඉතින් ආයෙ ජාති දෙකෙන්ම ඇති පදමට හෝදලා කරලා ගත්තා.. තෙල් ටිකක් ලිපේ තියලා ඉඟුරු, සුදුලූණු, ලූණු, රම්පෙ කරපිංච ටිකක් බැදෙන්න ඇරලා, ඒකට ජාති දෙකම දැම්මා.. දාලා ලාවට බැදිලා පාට වැටීගෙන එනකොටම කෑලිමිරිස්, අමුතුනපහ, අමුමිරිස්, ලුණු පදම බලලා දාලා දියකිරෙන් තම්බන්නයි තියෙන්නෙ. ඊට පස්සෙ දියකිරි හිඳීගෙන එද්දි මිටිකිරි දැම්මා, දෙපාර නටද්දි බෑවා!

2. කරවල සහ කරවිල

කරවිල දික් අතට කපන්න. කරවල ලොකු කට්ට හරියෙන් කපලා ගන්න. අරගෙන හෝදලා කරලා මැටි ඇතිලියකට දාලා ලූණු, රම්පෙ කරපිංචා, අමුතුනපහ, මිරිස් කුඩු, අමුමිරිස්, සියඹලා හොඳහැටි දාලා අතගාලා දියකිරෙන් හින්දන්න. හිඳීගෙන එද්දිම මිටිකිරි දාලා.. ඔ්න නම් හොද්ද තියෙන්න ගන්නත් පුලුවන්, නැත්නම් හින්දල ගන්නත් පුලුවන්.

3. හාල්මැස්සො පොල්සම්බෝල

උම්බලකඩ දාලා හෝ නොදා..

ලූණු, කොච්චි, ලාවට පුච්චපු හෝ බැදපු සුදුලූණු, මිරිස් කුඩු, ලුණු, පොල්.. එකට දාලා, හැබැයි ගලේ අඹරලා තමයි ගන්න ඔ්න. අරගෙන ඒකටම එකතු කරන්න බැදපු පොඩි හාල්මැස්සො. එකතු කරලා දෙහි ඇති හැටියට දාලා, හොඳට අතින් අනලා.. පැය බාගයක් තියලා,

සම්බාහාලෙ බතක් එක්ක ගන්නකො බලන්න!

4. ඔම්ලට් කිරිහොදි

ඩුවල් පර්පස් පෝෂනේ..

මේක හරිම ලේසියි. කරන්න තියෙන්නෙ මුලින්ම ලොකු පෑන් එකක ඔම්ලට් එකක් දාගන්න බිත්තර 3, 4ක් හීනියට ලියපු කැරට්, ලීක්ස්, ගෝවා, අමුමිරිස්, කෑලි මිරිස්, ගම්මිරිස්, ලුණු පදමටම දාලා ගහපු. දාලා ඒක ඇඟිලි පුරුක් දෙකක විතර සයිස් එකට කොටු කපන්න. කපලා ඒක එහෙම තියෙද්දි මැටි ඇතිලියකට තෙල් චුට්ටක් ලිපේ තියලා රම්පෙ කරපිංචා, මිරිස් කුඩු, අමුතුනපහ, උලුහාල්, අබ, සුදුලූණූ පදම බලලා දාලා.. බැදීගෙන එද්දිම ඔම්ලට් ටිකත් දාලා, කලවම් කරලා.. දැම්මා දියකිරි.

දාලා බාගෙට හිඳීගෙන එද්දි මිටිකිරි දැම්මා දෙතුන්පාර නටද්දි බෑවා!

5. අළුකෙහෙල්, අළුකෙහෙල් ලෙලි, වැටකොලු ලෙලි

අළුකෙහෙල්.. ලෙලි ඇරලා ඇඟිලි පුරුක් සයිස් එකට කොටු කපාගන්න. කපලා කහ, ලුණු, ගම්මිරිස්, දෙහි ඇඹුල් අතගාලා පදම් වෙන්න අරින්න පැයක් හමාරක්, ඊට පස්සෙ ගැඹුරු තෙලේ ලාවට බැදගන්න ඔ්න. ඒ අතරට අර ලෙලි ටිකත් හීනියට ලියලා හෝදලා කරලා කහ, ගම්මිරිස්, ලුණුවල අතගාලා තියන්න. ඔ්කටම ඔ්න නම් වැටකොලු ලෙලිත් ලියලා එකතු කරන්න පුලුවන්. කොහොමහරි සියල්ල පැයක් හමාරක් පදම් වුනාට පස්සෙ..

මැටි ඇතිලියකට තෙල් ටිකක් ලිපේ තියලා සුදුලූණු ටිකක් බැදෙන්න ඇරලා මුලින්ම, ඊට පස්සෙ අබ, ඉඟුරු, කෑලි මිරිස්, ලූණු, රම්පෙ කරපිංචා දාලා බැදීගෙන එද්දිම අළුකෙහෙල්, අළුකෙහෙල් ලෙලි, වැටකොලු ලෙලි එකතු කරලා පාට වැටීගෙන එද්දිම බාන්න. බාලා නිවෙන්න තියලා දෙහි ඉස්මත් දාලාම ගන්නකො කෑමට!

Leave a comment