Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

වනපියසක නිවාඩුවක් ගතකරන්න.. රු. 2000ට අඩු අපූරු නවාතැන් 5ක්!

කැළේ කොලේටම වෙලා.. ලී දඬු, මැටි, පොල්අතු…

Posted by

කැළේ කොලේටම වෙලා..

ලී දඬු, මැටි, පොල්අතු වලින්ම නිමවෙච්ච..

ගං ඉවුරක, වන වදුලක මායිමේම පිහිටපු..

කෑම්ප් සයිට්, කොටේජස් වගේ සුන්දර නවාතැන් ටිකක්..

1. River Side Camp (Kithulgala - 077 239 5060)

කිතුල්ගල පහුවෙච්ච ගමන්.. හරියටම කලුගල හරියෙ කැළණි ගං ඉවුරට වෙන්න.. මැටියෙන්, ලී‌යෙන්, කලුගලින් නිමවුනු අපූරු නවාතැනක්. ඒ විතරක් නෙවෙයි මේකෙ කෑම්ප් සයිට් එක තියෙන්නෙත් ගං ඉවුරෙ බෑවුමට වෙන්න. එතකොට.. හවසට පොඩි බාබකියු, ගිණිමැල පාර්ටියක් දාන්න එහෙමත් එළිමහන් තැනක් ස්වභාවික විදියටම හදලා තියෙනවා. ඊටත්.. මෙයාලා ලඟ රාෆ්ටින්ග්, කන්ෆිඩන්ස් ජම්පින්ග්, නයිට් හයිකින්ග් වගේ ඇක්ටිවිටිසුත් තියෙනවනෙ. ඉතින් ඇඩ්වෙන්චර් දවසක් ගතකරලා, කෑම්පින්ග් පාරකුත් දාලා එන්න.. ගමේ රහට කෑම ටිකක් එහෙමත් රස බලලා..

එක්කෙනෙක්ට රු. 2000කට වගේ.

2. Medapita Kumbura Camping Site (Belihuloya - 077 3595911)

සබරගමුව කැම්පස් එක පිටිපස්සෙ.. හිරිකැටි ඔයට මායිම් වෙච්ච අපූරු කුඹුරු පොඩ්ඩකටයි, හේන් පොඩ්ඩකටයි මැදි වෙන්න ඉදිකරපු ලස්සන උඩ පැලක්.. ලී වලින් නිමවලා, පොල් අතු හෙවිලි කරලා.. ආයෙ ගමේ අත්දැකීමක් කියන්නෙ ඒක නම් සුපිරිම ගමේ අත්දැකීමක්. ඊටත් එයාලගෙ කෑම බීම? ෂැහ්, පංකාදුයි ඈ. එතකොට.. පැලේ ඉන්න අකමැති අයට බිම ටෙන්ට් ගහගෙන, ගණිමැල ගහගෙන ඉන්නත් පුලුවන්. කොහොම වුනත් හිරිකැටි ඔය අතලඟ නිසා නාන්න කරන්න, විනෝද වෙන්නත් මහන්සියක් ඇත්තෙම නෑ.

ඔක්කොමත් හරි එක නයිට් එකකට එක්කෙනෙක්ගෙ ගාණ රු. 1500යි කිව්වාම?

3. Blue Boats On The Edge (Kanthale - 0265 682563)

කන්තලේ වැව් ඉවුරේ.. ප්‍රධාන පාරට මායිමව පිහිටපු රෙස්ටුරන්ට් එකක්. හැබැයි මෙයාලා ලඟ තියෙනවා කෑම්පින්ග් එහෙමත්. එකම ප්‍රශ්නෙ තමයි ‘අලි’. ඉතින් වැව් ඉවුරෙ කෑම්ප් කරනව නම්, ගිණිමැල දෙක තුනක් අනිවා.. ඒ හැරුනාම නම් ඉතින්.. අත්දැකීම අතින්, වැවේ හතර මායිමේ ඔරු සෆාරියක්, ඊට පස්සෙ ලීයෙන්, මැටියෙන් නිමවුන අවන්හලක ටොප් ගමේ රහට හැදුණු කෑම ටිකක්.. හැන්දෑවට වැව් මාළු බයිට් එකක් එක්ක පොඩි ෂොටක් දාන්න එහෙමත්..

රු. 2000න් වගේ එක්කෙනෙක්ට.

4. Villa Anawilundawa (Arachchikattuwa - 077 7798240)

හොඳ සුවපහසුවට ඉදිවුණු, ආනවිලුන්දාවට මුහුණලා බැල්කනියක් එහෙමත් තියෙන අපූරු කාමරයක දවස ගතකරන ගමන්.. එළිපෙහෙලියට බැහැලා හතර වටේ කුරුල්ලො බලන්න යන්න. ඒ බලලා ඇවිල්ලා හැන්දැ වෙලා, අඩ අඳුරෙ පූල් එකේ නාලා.. කොහොමද විල්ලුවට කිට්ටුවෙන් ලෑස්තිවෙන ගිණිමැල, බාබකියු පාර්ටියකට වාඩි වෙද්දි. ඒ විතරක් නෙවෙයි එහෙම්මම රෑ කෑමත්..!

ආයෙ එන්න හිතෙන්නෙ නෑ හොඳේ..

රු. 2000ට.

5. Relax Nature Villa (Sigiriya - 071 5706390)

සීගිරි බලකොටුව පිටිපස්සෙ මහ කැළේට වෙන්න..

මැටියෙන්, ලීයෙන් නිමවෙලා, පොල් අතු හෙවිලි කරපු අපූරුම නවාතැනක්. කෙලින්ම ආයෙ පිටිසර ගමක ගෙදරකට ආවා වගේ තමයි. කෑම බීමත් එලෙසමයි. එතකොට.. හතර වටින්ම කැලෑව. රෑට පොඩ්ඩක් එලිපෙහලියට බැස්සොත් නිශාචර සත්තුත් එමටයි. හැබැයී.. බලාගෙන අලි එහෙමත් හතර වටින්මනෙ..

කොහොම වුනත් අත්දැකීම රු. 1500ට පංකාදුයි, හ්ම්..!

Leave a comment