Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

‘වසා ඇති’ දවස් ටිකේ.. රසම කෑම ගෙන්නගෙන රස බලන්න හොඳම තැන් 6ක්!

ම්.. පැහැදිලිවම කියන්න පුලුවන් මේ ඔ්න පෝෂන්…

Posted by

1. Crab Tales

ලොකු ක්‍රැබ් කරි මීල් එක රු. 6200යි. ග්‍රෑම් 500 විතර කකුළුවො 2න්නෙක් දාපු කරියකුයි, ලොකු රෝස් පාන් 4කුයි එන්නෙ. ඒ හැරුනාම මෙයාලා ලඟ තව තියෙනවා ඉස්සො කරි එහෙමත් රස කීපයකින්ම හොඳඳ.

ම්.. පැහැදිලිවම කියන්න පුලුවන් මේ ඔ්න පෝෂන් එකක් 3 දෙනෙක්ට නම් බඩ පැලෙන්න කන්න පුලුවන්. තඩි මැටි හට්ටියකනෙ මේවා එන්නෙත්. ආයේ.. හට්ටියෙ කවරෙ ගලවද්දිම සුවඳත් ගලනවා.. රස නහර පිස්සු වට්ටගෙන. ක්‍රැබ්වල කොලිටියත් ඉහලින්ම. කලපු කකුළුවොනෙ. ඒ නිසා ඇතිවෙන්න මසත් තියෙනවා. ඇති හැටියට කුළුබඩු, අඩුම කුඩුමත් දාලා නිසා රසත් ටොප්! විශේෂයෙන්ම කියන්න ඔ්න හොද්දට මුරුංගා කොළ එහෙමත් යහමින් ගලපලා. බාග වෙලාවට ජෆ්නා ක්‍රැබ් කරිත් වගේ.

2. Artisan Diletto

ඔක්කොම බිස්කට් පුඩිං. ක්ලැසික් එක රු. 600යි, මොකා රු. 650යි, මින්ට් චොකලටුත් රු. 650යි.

ක්ලැසික් එකේ.. මදි නොකියන්න චොක්ලට් රස තිබුනට වැඩි බරක් තියෙන්නෙ කිරි පැත්තට. මොකද ඒක හදල තියෙන්නෙ මිල්ක් චොක්ලට් සහ මාරි වලින්නෙ. හැබැයි සීනි නම් සෑහෙන්න අඩුයි. එතකොට.. කජු ටිකක් එහෙමත් උඩින් දාලා තියෙන නිසා රසත් පංකාදුයි. මොකා එකේ තියෙන විශේෂත්වය තමයි චොක්ලට් රසට තකට තක සෙට් වෙච්ච කෝපි රස! ආයෙ කියන්න ඔ්න නෑනෙ නේ..? ම්.. මින්ට් එකත් නරකම නෑ. හැබැයි පොඩ්ඩෙක්ට වගේ තමයි හොඳ. පියෝ රසවල් හොයන කෙනෙක්ට ඒ මින්ට් මික්ස් වෙච්ච චොක්ලට් රස එච්චර අල්ලන එකක් නෑ මගෙ හිතේ. 

3. Bake Box

මෙයාලගෙ තියෙන්නෙ බ්‍රව්නි. නටෙලා බ්‍රවුනි රු. 190යි, එම්ඇන්ඩ්එම්. රු. 170යි, කිට්කැට් රු. 175යි, චොකලට් චිප්ස් රු. 125.

රස එහෙමත් නරකම නෑ. හොඳ සොෆ්ට් එකට, චොක්ලට් රස වලින් අනූන වෙන්න, පැණි රස නූලට තියෙන්න.. ආයෙ ඩෙසට් එකකට එහෙමත් කියාපුම! 

4. Pasta King

කෙලින්ම ශ්‍රී ලංකන් පැස්ටා. චිකන්, පෝක්, එග් රසවලින් එන්නෙ. ගණන් යන්නෙ රු. 700-1000 අතරෙ.

ම්.. ක්‍රීමි චිකන් කරි පැස්ටා එකේ ක්‍රීමි ගතිය උපරිමයි. එතකොට.. කරි බේස්ඩ් සෝස් නිසා රස ටොප් එකට. ඒ හැරුනාම කරපිංචා, සේර සහ කුළුබඩු පැත්තත් ගානටම වගේ. ඔක්කොමත් හරි පොඩි පොඩි චිකන් කෑලි තොගය.. පදමටම කුක් වෙලානෙ.

ස්පයිසි ඇන්ඩ් ක්‍රීමි බ්ලැක් පෝක් පැස්ටා එකත් ටොප්. ඒකට නම් ඉඟුරු, සියඹලා, තක්කාලි එහෙමත් දාලා. සැරත් තමා ඉතින් මදි. කොහොම වුනත් ඒකෙ නම් බ්ලැක් පෝර්ක් පුංචි පුංචි කෑලි ගොඩක් තියෙනවා.

5. Kochchi Rice & Curry

රයිස් ඇන්ඩ් කරි විතරක් නෙවෙයි මෙයාලා ලඟ පාන්, කරි වර්ග, ෆ්‍රයිඩ් රයිස්, ෆ්‍රයිඩ් නූඩ්ල්ස්, ආප්ප එහෙමත් තියෙනවා. රු. 400 ඉඳන් රු. 800 වගේ වෙනකම්.

රයිස් ඇන්ඩ් කරි වලට බත් ජාති ‌‌තොගයකින් තෝර ගන්න පුලුවන්. රතු, සුදු, බාස්මතී, කහ බත්. එතකොට.. එළවළු ජාති 4යි, බීෆ්, මට්න්, චිකන්, ෆිෂ්, ඉස්සො, දැල්ලො.. කැමත්ත හැටියටයි, මිරිස්, පපඩම් බැදලා.. ආයෙ පංකාදුයි! ඔක්කොමත් හරි සියල්ලට ලෝභ නැතුව මිරිස් තුනපහ ටික, කිරි ටික එහෙම දාලානෙ හදල තියෙන්නෙ.

6. Classic Bites

ටොප් කැෆේ ෆුඩ් ප්ලේස් එකක්. රු. 500, 800 අතරෙ ටෝස්ට්ස්, රැප්ස්, බර්ගර්ස් වගේ කෑම ඔ්න විදියකට තෝරලා ගන්න. හොඳහැටි චීස්, එළවළු අඩුම කුඩුම එක්ක සෝස්, මස් එහෙමත් කොලිටි බඩු වලින් දාලා.. ආයෙ ෆුල් ෆ්‍රෙෂ් එකට කන්න පුලුවන් හොඳද. 

Leave a comment



Latest