Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

මාළු කන්නත් නැති එකේ.. කටට රහට මට්න් ටිකක් රස බලන්න, කියාපු කඩ 6ක්

ඒ මට්න් කරිය…? පංකාදු පහයි, මල් හතයි! ගාණ…

Posted by

1. Tanki Tanki

“පංකාදුවට මට්න් රස තියෙන බ්ලැක් පෙපර් මට්න් එකක්.. රු. 1050යි. මතක් වෙද්දිත් නිකම් කටට කෙල උනන තරමට රස! වගේම තමයි සාමාන්‍ය සයිස් මට්න් කෑලි, පොඩි පෝෂන් එකේ කෑලි 12, 15ක්ම. ඊටත් රස! පෙපර් රස නූලට තියෙන්න, ලා සෝස් රසකුත් ගැලපෙන්න.. ඇත්තටම හිතා ගන්න බෑ කොහොම හදලද කියලා, රසයි නෙවෙයි ඒක තරු පන්තියෙන්, රස නහර පිනවයි..

2. Rampe (Sushi Bar Samurai)

රු. 990ට පංකාදුවට හදාපු කිරිඅල කරි, පරිප්පු, බෝංචි, මැල්ලුම්, පොල් සම්බෝල, පපඩම්, ෆ්‍රයිඩ් පැපිරිකා, ෆ්‍රයිඩ් මාළු එක්ක.. තුනපහ, මිරිස්, ගම්මිරිස් අඩුම කුඩුම පදම නූලට තියෙන්න හදාලු මට්න් කරියයි, කීරි සම්බා හාලෙ බතයි.

ආයෙ දෙසන්න පුලුවන්.. රඹටි හැලෙන්න ඈ..

3. Sanora Restaurant

ඒ මට්න් කරිය…? පංකාදු පහයි, මල් හතයි! ගාණ නම් රු. 1600ක්. හැබැයි ඇඟිලි පුරුකක් සයිස් මට්න් කෑලි 12,15ක්ම දාලා මිරිස්, තුනපහ, රම්පෙ, කරපිංච, සේර, ඉඟුරු, සුදුලූණු සියල්ලත් නූලට තිතට දාලා.. හිතාගන්න බෑ මැටි හට්ටියක උයලා වගේ රස! අනික ඒ මට්න් කෑලි වලටත් පදමට අඩුම කුඩුම රස අල්ලලනෙ. ඉතින් බතකට එහෙම ගැලපෙනවා..

4. Lemongrass

ටොප් ඉන්ඩියන් මට්න් එකක්. රු. 1050ට මට්න් චෙට්ටිනාඩ්. ලොකු මට්න් කෑලි 7, 8ක් කරියෙ. ඊටත් රස! ෂැප්පේ, පං..කාදුයි. මසාලා කුලුබඩු අඩුම කුඩුම විතරක් නෙවෙයි, රස, සුවඳ පදමට තියෙන්න කුරුඳු, එනසාල්, කරාබු සියල්ලමත් නූලටම දාලා, කිරිත් හොඳහැටි පදමට එකතු කරලා..

5. Elite Family Restaurant

මට්න් බිරියානි රු. 650යි. මේ ඒක ගැන අපේ විශ්වි කියපු කතාව! 

“මේගොල්ලෝ මස් වර්ග බිරියානි බතේ දාලා උයන්නේ නැහැනේ. ඒවා එන්නේ වෙනම. ඒ නිසා බතේ රස සේරම එන්නේ ඒකට දාන කුළුබඩුවලින්. හොඳ රසක් තිබුණත්, ඒක බිරියානි ස්ටයිල් එකේ රසක් නෙවෙයි. මට්න් කරියේ මස් කෑලි ටික නම් ගොඩක් හයියයි. අපරාදෙ, තෙල් කෑලි එකක්වත් නැතුව තිබුණු මේ මට්න් ටික තව වෙලාවක් තැම්බුනා නම් නිකන්ම සොෆ්ට් වෙනවා. අනික එහෙම වුණා නම් ස්පයිසස් ටිකත් මස්වලට තව උරා ගන්නවා.”

6. The Flavours by Doc

රු. 900ට නෝ කතා, නෝ සිනා.. කන්නයි තියෙන්නෙ! මෙයාලගේ.. පෝෂන්වල සයිස් එක ටිකක් පොඩි වුනාට.. රසයි, මස් ප්‍රමාණයයි.. නොම්මර එකයි යාළු. සත්තයි හොඳහැටි තුනපහ, මසාලා රස අල්ලපු නොම්මර එකේ තඩි මස්කෑලි 4, 5ක්ම. ඊටත් ඒකට ගම්මිරිස්, කුළුබඩු අඩුම කුඩුමත් මදි නොකියන්න දාලා, කිරෙන් හින්දලා අරගෙන..!

Leave a comment