Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

අඩියක් දිග මස්, චීස් පිරිච්ච.. සබ්මැරීන්ම කන්න! නොම්මර එකේ තැන් 6ක්

නිකම් හිතුනා ඉතින්.. හැමදාම රයිස්, කොත්තු කන එකේ..…

Posted by

නිකම් හිතුනා ඉතින්..

හැමදාම රයිස්, කොත්තු කන එකේ.. කාලෙකට පස්සෙ, අපි ඉස්සර ආසාවෙන්ම කාපු කෑමක් ආයෙ පාරක් රස බලන්න යන්න.

ඒ හිතලා.. යන්න කලින් ‘යමු සයිට් එක පීරලා පීරලා.. බලන්න මම හොයාගත්තු තැන්ටික.

1. Diner's Delight

රු. 400-500 අතරෙ, ඇති හැටියට.. ඩීප් ෆ්‍රයිඩ් මස් දාපු, චෙඩර් චීස් එක්ක මයො, සෝස් මදි නොකියන්න දාපු පංකාදු සබ් එකක්.. චිකන්, බීෆ්, මට්න් ඔ්න ජාතියකින්! ප්ලේස් එක තියෙන්නෙ වැල්ලවත්ත, ඩබ්. ඒ. සිල්වා පාරට හැරෙනවත් එක්කම. ඉන්ඩියන්, මිඩ්ල් ඊස්ට් කෑම තමයි මෙතන වැඩියෙන්ම යන්නෙ. හැබැයී.. ඒ ස්ටයිල් එකටම හැදෙන නිසාද මන්දා.. මේ සබ් වලත් පුදුම රසක් තියෙන්නෙ. 

2. The FoodCycle

බම්බා ගාලු පාර අයිනෙම තියෙන ‘කෑම බයිසිකලේ’..

කෑමවල රස ගැන නම් අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ. මොකද අතේ තියෙන ගාණට.. ස්ටෆ්‍රයි කරපු පුංචි පුංචි මස් කෑලි තොගයක මික්සර් එකක්, මයො, සෝස් රසත් නූලට තියෙන්න.. බටර් ගාලා ලාවට ටෝස්ට් කරපු බනිස් ගෙඩියක් මැද්දට වැටිලා හැදෙන උණු උණු සබ්නෙ. වැඩේ කියන්නෙ ඉතින් මේ සබ්වල චීස් නැති එක තමයි.

3. Grill Mansion

අළුත් කඩේ ස්ට්‍රීට් ෆුඩ් කඩ පෝලිමේ කෙලවරටම වෙන්න.. හරි ලස්සන, සුවපහසුවට හදපු කඩයක්. වගේම කෑමත්.. පංකාදුයි, මල් හතයි. විශේෂයෙන්ම මෙයාලාගෙ බීෆ් සබ් එක එහෙම..

කියලා වැඩක් නෑ රස උතුරන ගානට. උණු උණු ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එක්ක, ඩීප් ෆ්‍රයි කරපු පුංචි පුංචි මස් කෑලි තොගයක්, හොඳහැටි ලූණු, මිරිස්, ලුණු, ගම්මිරිස් එක්ක ස්ටෆ්‍රයි කරලා.. රස පදමට සෝස්, මයො දාලා..

ඊටත් ගාණ රු. 450යි කිව්වාම!

4. Fatty Patty

කොල්ලුපිටි - බම්බා ගාලු පාර අයිනෙ තියෙන පුංචි කඩේ. හැබැයි කඩේ පුංචි වුනාට මෙයාලාගෙ බීෆ් සබ් එක? තඩි සයිස් එකට, ෆ්‍රයිඩ් බීෆ් තොගයක් මැදි වෙන්න, මෙල්ටඩ් චීස් තට්ටුවක්ම දාලා.. මෙක්සිකන් සෝස් වලිනුත් රස කරලා.. ආයෙ ඉතින් කන්න කන්න, බඩයි හිතයි දෙකම පිරෙන්න..

ඒකත් රු. 550කට ඔන්න..

5. Grill Hut

කොහොමද? රු. 600කට වගේ ග්‍රිල්ඩ් පෝර්ක් සබ් එකක් රස බලන්න ලැබුනොත්. හොඳහැටි සෝස්, ස්පයිසස් දාලා පදමට ග්‍රිල් කරලා, පොඩි පොඩියට කපපු පෝර්ක් කෑලි තොගයක් එක්ක.. මැද්දට ඇතිරුනු මයො, සෝස් රසින්..

ම්.. එහෙම නැත්නම් රු. 450කට වගේ ග්‍රිල්ඩ් චිකන් සබ් එකක්?

හැබැයි එකක්, ඔය කෝක කෑවත් බඩ නම් පිරෙනව ඉස්මුරුත්තාව එනකම්. මොකද ඒකෙ එච්චරටම මස්!

ආහ්.. කියන්න බැරිවුනානෙ. මේ ප්ලේස් එක තියෙන්නෙ තලවතුගොඩ හංදියට ඔහොම මෙහෙම හොඳේ.

6. Kitchen 3576

රු. 450කට.. චීස් පෙති දෙකක්, රස පදමට හදාපු ග්‍රිල්ඩ් චිකන්, ඩෙවිල් චිකන්, ග්‍රිල්ඩ් බීෆ්.. අනං මනං මස් ජාති ඔ්න එකකින්.. ඇති හැටියට දාලා, මයො, සෝස් එහෙමත් හොඳහැටි දාලා හදාපු තඩි සබ් එකක් එක්ක උණු උණු ෆ්‍රෙන්ච් ෆ්‍රයිසුත්.. 

කන්න, යන්න, බම්බා මරීන් ඩ්‍රයිව් එකට, හැන්දෑවට!

Leave a comment



Latest