Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

රු. 250ට අඩුවෙන්.. චිකන්, පෝර්ක් රයිස් ඇන්ඩ් කරි රස බලන්න හොඳම කඩ 7ක්

තවමත් තියෙනව යාළු අතේ තියෙන ගාණට, හිතේ…

Posted by

තවමත් තියෙනව යාළු අතේ තියෙන ගාණට, හිතේ තියෙන බත්වේල කටට රහට කන්න කියාපුම තැන්..

ඔ්ං බොරු නම් බලන්නකො!

1. Aththamma

රියල්ම ගමේ රහට.. අර කිව්වත් වගේ අත්තම්මා හදලද මන්දා මිරිස් තුනපහේ ඉඳන්, රම්පෙ කරපිංච, ගොරක සුදුළූණු මොනවත් අඩුවක් නෑ. එකම අවුල තියෙන්නෙ මෙතන පෝර්ක් නැති එක තමයි. හැබැයි තියෙන චිකන්, කිරි මාළු, මිරිස් මාළු ටික.. ෂැහ්, පංකාදුයි ඈ. ඊටත් උණු උණු රතුබතට එයින් එකක් එකතු වෙලා.. කොළ මැල්ලුම්, තෙල් දැමුම්, අල, පරිප්පු, අඹ, ඇඹරැල්ලා එක්ක ගැලපිලා ආවා කියන්නේ.. ඉස්මුරුත්තාව තමයි කෙලින්ම. අනික ගණනුත් යන්නෙ රු. 150-200 අතරෙනෙ.

2. Pela

සුපිරිම.. සුපිරිම අපේ රහට හොඳ හැටි මිරිස් තුනපහ දාලා, හායි හූයි ගෑවෙන්න හැදන බත් වේලක්. ඒ වගේම තමයි එළවළු ව්‍යංජනත් හරිම ෆ්‍රෙෂ්. කොළ මැල්ලුම් අනිවා. රතු සුදු දෙකෙන්ම උණු උණු බතුත් තියෙනවා. ගණනුත් ඔක්කොම.. ඉස්සො, දැල්ලො රයිස් ඇන්ඩ් කරි රු. 250න්. මෙතන පෝර්ක් නෑ. හැබැයි ෆ්‍රයිඩ් චිකන්, කරි චිකන්, චිකන් ලිවර් වගේ ඒවා රු. 200න්. බැදපු මාලු ගත්තත් රු. 200යි. ඒත් ඇඹුල් තියල්, මිරිස් මාළු රු. 170න්. හැරත් ආයෙ, බෙදන එකත් මදි නොකියන්නම බෙදන නිසා..

3. Rasa Piyasa

ටොප් එකට රයිස් ඇන්ඩ් කරි හදන තවත් ප්ලේස් එකක්. මෙයාලගෙත් එළවළු, මාලු ටිකේ ලුණු ඇඹුල්, මිරිස් තුනපහ අඩුම කුඩුම නූලටම. ඒ වගේම කොයි වෙලාවෙ ගියත් කෑම ටික උණු උණුවට පිඟානට එනවා. බත් ජාති දෙකක් එක්ක ව්‍යංජන ජාති 8, 10කින් 4ක් තෝරගන්නයි තියෙන්නෙ. එහෙම තෝරගෙන.. පංකාදු චිකන් කරියක්, නැත්නම් පෝර්ක් කරියක් එකතු වෙලා රයිස් ඇන්ඩ් කරිය මේසෙට, රු. 250ට! එහෙම නැතුව මාලු ඇඹුල් තියල් හරි බැදපු මාළු හරි මාලු කරි හරි ගත්තොත් රු. 200යි, හ්ම්..

4. Himsara Foods

බත් කොහොමත් සුපිරි මෙතන. හැබැයි මෙයාලගෙ පෝර්ක් කරියත් එක්ක පාන් බාගයක්, නැත්නම් පරාටා ටිකක් තමයි! කාරි නෑ, මෙහෙමයි විස්තරේ. හිම්සර එකේ ලොකු ලොකු ජාති නෑ තෝරන්න. පෝර්ක් රයිස් ඇන්ඩ් කරි එක රු. 250යි. එළවළු ජාති 6, 7කින් 3ක් තෝරලා ගන්න පුලුවන්. එතකොට.. චිකන් රු. 200යි. මිරිස් මාළු, බැදපු මාළු මොනවා ගත්තත් රු. 170න් යන්නෙ.

5. Chiminiya

ගමේ අයටත්, කොළඹ අයටත් දෙගොල්ලන්ටම කන්න පුලුවන් කෑම වේලක්. ඒ හැටි සැරත් නෑ, තෙලුත් නෑ හැබැයි තුනපහ අඩුම කුඩුම නූලටම දාලා කටට රහට හැදෙනවා. මෙතන.. බැදපු මාළු, ෆ්‍රයිඩ් චිකන් රු. 250යි. චිකන් කරි, ෆිෂ් කරි රු. 230යි. එළවළු ව්‍යංජන 4ක් ඔ්න විදියට බලල තෝරගන්න පුලුවන්. බැදපු මිරිස් පපඩමුත් එක්ක.. යමරෙට අඹරන්න තියෙන්නෙ ඉතින් ඊට පස්සෙ.

6. Home Cooking Fast Foods

ම්.. හොඳයි. හැබැයි ගොඩක්ම කොළඹ අයට තමයි. මොකද මෙයාලගෙ කෑම හරි සැරට, තුනපහ රස හොඳහැටි දැනෙන ගාණට හැදෙන ඒවා නෙවෙයිනෙ. සියල්ල ගාණට තියෙන්නෙ ගාණට. එහෙමයි කියල ඉතින් එළවළු ව්‍යංජන 4ක් එක්ක චිකන් කරි, මාළු කරි, කිරිමාළු.. ඔ්න එකක් රු. 250ට ගන්න පුලුවන්, හ්ම්..

7. Matara Bath Kade

අඩුම ගාණට, බඩ පැළෙන්න කන්න.. ඔ්න දෙයක් ඔ්න තරම් ඉල්ල ගන්න.. මෙන්න තැන! මිරිස් මාළු, බැදපු මාළු රු. 150යි, චිකන් රු. 180යි. ව්‍යංජන 4යි. බැදපු මිරිස් පපඩම් ඔ්න දෙයක් තියෙනවා.. හැබැයි එකක්. කෑමවල මිරිස් තුනපහ වගේම, රහ අල්ලන්න තෙල් චුට්ටකුත් තියෙනවා. එහෙමයි කියල ඉතින් නොකා ඉන්න..? පිස්සු හැදෙයි. ආයෙ එක පාරක් කෑවොත් අනිත් පාර අනිවා..!

See 1 Comment