Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

ඉස්සො, කකුළුවො.. හායි හූයි පදමට, රු. 700ට රස බලන්න හොඳම තැන් 6ක්!

කාලෙකින් හොඳ හැටි ඉස්සො කකුළුවො ටිකක්…

Posted by

කාලෙකින් හොඳ හැටි ඉස්සො කකුළුවො ටිකක් කන්න බැරිවුනානෙ. ඒ නිසාමයි..

මේ මට කන්න හොයනකොට හම්බවුන ටොප් පේලේස් ටිකක්..

1. Mayura Hotel

පිටකොටුවෙ කදිරේසන් පාරෙ තියෙන මයුර හෝටලේ..

තවමත් එලෙසින්ම තියෙනවා යාළු. ඒ විතරක් නෙවෙයි, කෙහෙල් කොලේට බෙදෙන බත, කඳුල පනින සැරට මිරිස් තුනපහ අඩු නැතුව එකතු වෙලා හැදෙන කකුළු කරිය, ෂැහ්.. වැඩක් නෑ කියලා ඈ.. ඒකටම ඉතින් උණු උණු පරිප්පුවයි, මාලු මිරිස්, බෝංචි, මුරුංගා වගේ කරි ටිකකුයි එකතු වෙලා, පැත්තකින් බැදපු පපඩමක්, මෝරු මිරිස් කරලකුත් සෙට්වුනාම.. කෙලින්ම ඉස්මුරුත්තාව තමයි.

හැබැයි ඉතින් වැඩේ කියන්නෙ දැන් ඉස්සර වගේ නෙවෙයි, මෙයාලගෙ කකුළු රයිස් ඇන්ඩ් කරිය රු. 750ක්!

2. Big Daddy's BBQ

රු. 900ට ලොකු රෝස් පාන් ගෙඩි 2යි.. කකුළු කරියක් එනවා දීසියක් පිරෙන්න. ඒකත් නිකම් නෙවෙයි තඩි කකුලුවෙක් එක්ක. රස පදමට කිරි දාලා හදාපු කකුලුවගෙ.. සැර නම් නැතිම ගානයි. හැබැයි තුනපහ, ගම්මිරිස්, රම්පෙ කරපිංචා ටික හොඳහැටි වැටිලා තියෙනවා. එතකොට.. හොද්දත් තක්කාලි වලින් තමයි ඇඹුල බැලන්ස් කරලා අරගෙන තියෙන්නෙ. ඔක්කොමත් හරි කරිය, උණු උණුවෙ සුවඳ ගහන කොටනෙ.. ආයෙ බලාගෙන ඉඳිද්දි වාශ්පයි ඈ..

3. Yarl Eat House

කතා දෙකක් නෑ ආයෙ පිටකොටුවට මයුර හෝටලේ වගේ වැල්ලවත්තට‘යාල්’ තමයි ඉතින්. කිව්වට විශ්වාස කරන්න කෑමවල රස පවා ගොඩක්ම ලඟින්නෙ යන්නෙ. හැබැයී.. ගණන්, අඩුයි!

මෙයාලගෙ කකුළු රයිස් ඇන්ඩ් කරිය රු. 600යි. එහෙමයි කියලා අඩුවක් නෑ ආ.. ඇති හැටියට හොදි, තඩි කකුලුවා.. ඒකත් හායි හූයි ගෑවෙන සැරට!

ඒ විතරක් නෙවෙයි මෙයාලගෙ තියෙනවා දැල්ලො කරියකුත්.. හප්පා.. පාන්, පරාටා වගේ කෑවොත් ඉතින් ඉලක්කම් 2 ගණන් වලින් යන්නෙ ඈ..

4. ANS Food

කිඹුලාවල හංදියෙ හැන්දෑවට පත්තුවෙන වීදි කෑම..

කඩ අතරෙ තමයි මේ කඩේ මට අහම්බෙන් සෙට්වුනේ. හැබැයී ගොඩ වෙලා බැලුවාම, ඒකෙ නැති දෙයක් නෑ කියන්නකො. ඉඳි ආප්ප, රොටි, තෝසෙ එතකොට ක්‍රැබ් කරි, ඇඹුල් තියල්, පෝර්ක් කරි..

ඔක්කොමත් හරි ඒ කොයි එක ගත්තත් රු. 250යි කියන්නකො. එහෙමයි කියල රසේ අඩුවකුත් නෑ. ඔය හොඳහැටි කිරි දාලා, රම්පෙ කරපිංච අඩු නැතුව.. සැරත් තියෙනව ටොප් එකටම..

5. Banana Leaf

කොල්ලුපිටියෙත් තියෙනවා බම්බලපිටියෙත් තියෙනවා..

ඉතින් ඒ කොහෙන් කෑවත් එකම රස තමා. තඩි කකුළුවෙක් දාපු ජැෆ්නා ක්‍රැබ් කරිය, එහෙම නැත්නම් අල්ලක් විතර සයිස් කැලමාරි කෑල්ලක් දාපු කට්ල්ෆිෂ් කරිය..

සැර, තුනපහ පදමට හැදිලා.. උණු උණු බතත් එක්ක සෙට්වුනාම!
රු. 700ට නම් යාලු ලොවෙත් වටිනවා ඈ..

6. Taste of Asia

සත්තයි..

ආසියාවෙ අපේම රහ තමයි. කටට සැර ගතිය මදි නොකියන්ට. තුනපහ අඩුම කුඩුමත් නූලට පදමට. කිරි ටිකත් දාලා හොඳ හැටියට.. හොද්ද හදලා තියෙනවා කට දෙක කද්දි රස නහර පිනා යන්ට..

ඒ නිසාම මතක තියාගන්න මෙයාලගෙ ක්‍රැබ් හරි කට්ල්ෆිෂ් හරි ගන්නව නම්.. 

ගැලපෙන්නෙ එක්කො ඉඳි ආප්ප, නැත්නම් පරාටා, එහෙමත් නැත්නම් පිට්ටු

හ්ම්..!

Leave a comment