Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

3/5

3Brothers Italian Bistro

180, Park Road, Colombo 05


The pizza parlour that occupies the previous Off The Hook premises.



කාලෙකින්.. පීසා කන්න ආසාවක් ඇවිල්ල ඔන්න බැලුවා තැනක්. ඒකත්.. කොළඹ ඇතුලෙන් වුනා නම් ලේසියිනෙ කියලා තැන දුන්නෙම බම්බා අවටට. ඒ දීලා හිටං තැන් දෙක තුනක් අවසාන වටයට තෝරගෙන ඔන්න ග්‍රැන්ඩ් ෆිනාලේ..

“ඒහ්, මොකෝ කියන්නෙ ත්‍රී බ්‍රදර්ස්ද, ආතර්ස්ද?”

“ම්.. ආතර්ස් එකෙන් ලඟදිත් කෑවා නේ බං. ත්‍රී බ්‍රදර්ස් යං”

හරි හරියට දාගත්ත පික්මියට නැගපු මායි යාළුවයි.. 

පැය බාගයක් වගේ ගියා තැනට කිට්ටු කරන්න නම්. මොකද.. මහ දවල් වුනාට සතිඅන්තයෙ ට්‍රැෆික්නෙ. ඊටත් ගිණියම! හප්පේ.. වීල් එකෙන් බැස්ස අනික් පැත්තට අපි රෙස්ටුරන්ට් එක ඇතුලට. 

දෙයියනේ කියලා, වෙලාවට ඒසී. කරලා තිබ්බෙ. අනික හරි ලස්සනට, සුවපහසුවට ඉන්ටීරියර් එකත් නිමවලා නිසා.. හිතේ හැටියට බලලා ඔ්න තැනකින් වාඩි වෙන්නත් පුලුවන්. ඉතින් අපිත්, කැරකිලා කැරකිලා.. හොඳහැටි බලලා.. පීසා පෝරණුව ලඟටම සෙට්වුනා.

ඒ සෙට්වෙලා ඉතින් හරිබරිය ගැහුනත් හරි මෙන්න සේවක මිත්‍රයයි, මෙනුවයි දෙකම අපේ ලඟ. ඊට පස්සේ.. ආයෙ බල බල ඉඳිලි තියෙනවැයි. මම ගත් කටටම ඔ්ඩර් කලා මීට් කලෙක්ෂන් හාෆ් විත්, මාගරිටා හාෆ් (රු. 2630). යාළුවා මික්ස් මෂ්රූම් හාෆ් විත් ක්වට්ට්‍රෝ ෆොමැගි හාෆ් (රු. 2470). ඒ අතරට මදිවුනොත් කියලා දැම්මා පැස්ටා එකකුත් ටස්කන් ග්නොක්චි (රු. 1420).

දාලා.. කූල් වතුර ටිකක් එහෙමත් බීලා පිපාසය නිවාගෙන.. මේසෙට ආපු හැඳි, ගෑරුප්පු අමෝරාගෙන, පිඟන් ඉස්සරහින් තියාගෙන බලං හිටියෙ පීසා ටික එනකම්. ඒත්.. වැඩේ වුනේ මුලින්ම මේසෙට ආවෙ පැස්ටා එකනෙ.

“කොරන්ට දෙයක් නෑ පුතී.. බඩගිනියි”

කියලා මමම වැඩේ පටන් ගත්තා. හැබැයි වෙනදා වගේ නෙවෙයි ටබැස්කෝ ටිකකුත් දාගෙන.

හප්පේ.. කාපු පළවෙනි කටම?

කියන්න තේරෙන්නෙ නෑ මොකක්දෝ අවුලක්. අනේ මන්දා ඒකට දාලා තිබ්බෙත් පාමෙසාන් චීස් එක්ක හීනියට ලියපු මෂ්රූම් සහ හැම් හරි බේකන් හරි.. ඒත් රසේ තිබ්බා නිකම් ෆ්‍රෙෂ් නැති ගතියක්. වැඩේ වුනේ අර තිබ්බ බඩගින්න නිසා අපි ගෙඩිය පිටින්ම කාලා දැම්මනෙ.

එහෙම කාගෙන කාගෙන යද්දි ආවා පීසා දෙකත්. උණු උණුවට, දුම් දදා..

ඒකෙන් නම් ඉස්සරවුනේ සුපුරුදු පරිදි මාගරිටා එක.

හොඳයි, හැබැයි මදි. එකක් පීසා එක අඟල් 10යි. අනිත් එක, අඩුම කුඩුම දාලා තියෙනවා මදි. එහෙම කිව්වෙ ඇත්තටම පීසා එක කද්දි ටොමැටෝ බේස්, බෆලෝ මොසරැල්ලා රසට සමානවම වගේ රොටියෙ රසත් එන නිසා. හැරත්.. කද්දි තේරෙනවා, මොසරැල්ලා එහෙම තව දාන්න තිබ්බා කියලා පැහැදිලිවම.

ම්.. කොහොමවුනත් ඒක අනික් පැත්තෙ තිබ්බ මීට් කලෙක්ෂන්!

අනේ.. ඒකෙත් මහලොකු දෙයක් නෑ යාළු. පෝර්ක්, චිකන්, හැම්, බේකන් එක්ක, මොසරැල්ලා, ටොමැටෝ බේස් එකයි, පාට දෙකකින් බෙල් පෙපරුයි. අර.. චිලි ඔයිල් එක්ක ටබැස්කෝ තිබ්බ නිසා මිසක් නැත්නම් අමාරුයි ආ..

ක්වට්‍රෝ ෆොමැගි එක නම් ටිකක් හොඳයි. හැබැයි තව පාමෙසාන්, මොසරැල්ලා වැඩි කලා නම් තමයි පංකාදු.

ඔක්කොමත් හරි මෂ්රූම් මික්ස් එකනෙ. හපෝ.. ඒකට දාපු මෂ්රූම් කරවෙලා වැඩියි. ඒ නිසාම මොසරැල්ලා, පාමෙසාන් රස උඩ එනවා. ඒත් අර කර රස නිසා පීසා එක මෙලෝම රහක් නැතුව ගිහිල්ලා.

එහෙම එහෙම වෙලා ඉතින්..

අවසානයෙ..

බඩ පිරුණට අපේ හිත් නම් පිරුනෙම නෑ හොඳද!

ඔක්කොමත් හරි ගාණ?

Address

180, Park Road, Colombo 05

Contacts

Facebook Instagram

Report Inaccuracy

Closed right now

Cuisine

Italian

Price Range

More than Rs.1500

Dish Types

Pasta Pizza Coffee Alcoholic Wine Cocktails

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
5
Ambience Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment