4/5

Agra

100/10, Independence Avenue, Colombo 7


Agra is another one of those rare fine dining Indian restaurants in Colombo. They're not cheap but we think their food is definitely worth the price.


ඉන්දියන් කෑම කියන්නේ අපි හන්දියක් හන්දියක් ගානේ තියෙන සයිවර් කඩවලින් ගන්න තල්ලු කෑම කියල කියන්න බැහැ. (ඔව් එහෙම කියන කට්ටිය ඉන්නවා) නියම ඉන්දියන් රෙස්ටුරන්ට් හොයාගන්න ටිකක් විතර අමාරුයි. ඒ තියෙන කිහිපයෙන් එකක් තමයි අග්‍රා කියන්නේ.

තැන

අපි කලින් මැන්චෙස්ටර් බාර් එක ගැන ලියපු එක කියෙව්වනං අග්‍රා එක තියෙන තැන හොයාගන්න පුළුවන්. මැන්චෙස්ටර් එක ඉස්සර අග්‍රා එකේම බාර් එක තමයි. දෙකම එක තැන තියෙන්නෙ. කොළඹ රේස්කොර්ස් එකට ටිකක්  පිටිපස්සේ තියෙන පදනම් ආයතන පාරේ දිගටම ගියාම අග්‍රා එකේ විසාල නියොන් බෝඩ් එක පේනවා. අපි ගියාම අග්‍රා එක ඇරලද වහලද කියල හරියටම කියන්නත් බැහැ. ඒකෙ මාලිගාවක වගේ විසාල දොරවල් දෙක වහලමයි තියෙන්නෙ. හැබැයි තල්ලු කරල ඇරගෙන ඇතුලට ගියොත් ලස්සන පුරාණ ඉන්දීය තාලෙට හදපු රෙස්ටුරන්ට් එකක්. ඉන්දියානු කීවට හිතෙන්නෙ අරාබි නිසොල්ලාසේ තැනකට වැටුන වගේ. දෙපැත්තේ බිත්තිවල හය දෙනෙකුට ඉන්න පුළුවන් බූත් හදල තියෙනවා. පුටු එහෙම හරි සැපපහසුයි. අලංකාරෙට බිත්තියේ කැටයම් කපලත් තියෙනවා. මැද තියෙනවා හතරදෙනෙකුට ඉන්න පුළුවන් පොඩි මේස. ඒ වගේම පොඩි වතුර ගලාගෙන යන පොකුණකුත් තියෙනවා. වැඩිය සෙනග නැති වෙලාවක ඒ සද්දෙ ළාවට ඇහෙනකොට මාර සැහැල්ලුවක් දැනෙනවා. කට්ටිය ඉන්නවනං එතන මැද ස්ටේජ් එකේ සමහර වෙලාවට සංගීතඥයන් ගෙන්වල ලස්සන සංගීතයක් දානවා. මුළු තැනම අඩ අඳුරේ. ළා කහපාට එලිවලින් ආලෝකමත් කරලා සන්සුන් වාතාවරණයක් සකස් කරන්න උත්සහ කරල තියෙන්නෙ.

කෑම බීම

මෙතැන කෑම උතුරු ඉන්දීය ආභාෂයට හුරුයි. ඉතින් අපි සාමාන්‍යයෙන් ඉන්දීය රෙස්ටුරන්ට් එකක හොඳට තියෙන්න ඕනේ කෑම ටිකක් ඔර්ඩර් කරලා බැලුවා. බටර් නාන් (එකක් රු.250), චිකන් හයිද්‍රබාදී කරිය (රු.975) සහ මටන් බිරියානි එකක් (රු.1575). අපි තව ජින්ගා ඖර් නිම්බු ශෝර්බා එකකුත් ගත්ත. බයවෙන්න එපා; හින්දි කතාකරන කෙනෙක් අරං යන්න අවශ්‍ය නැහැ, මෙනුවේ ඉංගිරිසියෙන් තියෙනවා. මේක ඉස්සෝ සාරයෙන් හදපු සුප් එකක්.

ඔක්කොටම කලින් හැබැයි අපි බොන්න මොනවහරි ගත්ත. ස්වීට් ලස්සී (රු.550) එකකුයි මසාල තේ (රු.250) එකයි. ස්වීට් ලස්සී එකනං වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්වීට් තමයි. පැණිම පැණි. හැබැයි හොඳට යෝගට් එහෙම දාල තිබුණ හින්ද  ඒකේ ඇඹුලට පැණි රස කැපෙනවා.

තේ එකට  නං පොඩ්ඩක් කිරි මදි, කරදමුංගු වැඩයි. හැබැයි සීනි ටිකක් දාල ගත්තම ගාණට ආව. තේ ආවෙත් තේ කෝප්පෙක නෙමෙයි, තේ පෝච්චියක. එකේ තුන් දෙනෙකුට ඇතිවෙන්න තේ තිබුණා.

ඒ දෙක ආවට පස්සෙ තමයි ඉස්සෝ සුප් එක ආවේ. මේකෙන් ඉස්සෝ විතරක් නෙමයි, සේර, ඉඟුරු රසත් අපිට තේරුණා. නිකං පැහැදිලි පාටක් පෙනුණට මේකේ නහය ප්‍රීතියෙන් පිනා යන හොඳ සුවඳක් දුන්න.  රසත් නරක නැහැ. ඉස්සොත් හොඳ ප්‍රමාණයක් එකතු කරලා තිබුණා.

කුකුල් මස් එක ආවම නිකං අමුත්තක් බැලූ බැල්මට පෙනෙයි; මොකද මේකෙ කොළ පාටක්  තියෙන්නෙ. ඉතින් වෙනද කුකුල් මස් කරියේ තියෙන පාටවල් නෙමෙයි. හැබයි ඒකෙන් මුකුත් වැරැද්දක් හිතන්න එපා, මොකද මේක මාර රසයි. පේනවට වඩා ලොකු ප්‍රමාණයක් මේකේ තියෙනවා. මොකද කරිය ටිකක් ඝනකම් පැත්තට බරයි. ඉතින් පොඩ්ඩක් ඇති ගොඩක් කන්න.

නාන් එක නරක නැහැ. විශේෂ හොඳක් නැහැ.

මටන් බිරියානි එක සුප් එකයි කුකුල් මස් කරියයි තරම් හොඳට තිබුනනං මේක නියම කෑමක් වෙනවා. හැබැයි ඒක එහෙම වුනේ නැහැ. බිරියානි එක කන්න පුළුවන්; ඒත් සුපිරි නැහැ. අපි ගෙවපු ගාණට සුපිරි වෙන්න ඕනේ. බිරියානි එකෙ මස් කෑලිත් ටිකක් වේලිලා තිබුනේ.

අවසාන වශයෙන්

බිරියානි එක ඇරෙන්න අපේ කෑමේ ඉතිරිව ගැන නං හොඳ කියන්න පුළුවන්. ඒ වුනාට අපි ගෙවපු ගාණට කෑම සුපිරි වුනේ නැත්තං වැඩක් නැහැ. මොකද අන්තිමේ අපි රු.6000 විතර ගෙවල ආවේ.


TIP

Taxes tend to be high so keep that in mind when ordering.

Address

100/10, Independence Avenue, Colombo 7

Contacts

Open until 11:30 PM

Cuisine

Indian

Price Range

More than Rs.1500

Dish Types

Biriyani

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
5


Latest