Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

5/5

Appu’s Kitchen

46B/1, Pamunuwa Road, Maharagama


Super delicious Sri Lankan Chinese food and Burgers.. But bit expensive!



වැස්සත් එක්ක..

වැඩත් අම්බානක වැඩි වුනාම?

කොහෙ උය උය ඉන්නද යාළු. එක්කො තියෙන දෙයක් රත්කරගෙන කනවා, නැත්නම් පික්මි ෆුඩ් එකෙන් ඔ්ඩරයක් දානවා..

ඒ විදියට තමයි, මේ වැඩෙත්..
ඊයෙ දවල් කෑමට සෙට්වුනේ.

“ම්.. මොකෝ කරන්නෙ. දැන් 1ත් පහු. උයනවද, නැත්නම් ගේනවද?”

දෙතුන් පාරක්ම කල්පනා කලා.. හැබැයි වැඩක් වුනේ නෑ. මොකද, ඒ තරමට වැඩ. ඉතින් 1.30 විතර වෙනකම්ම බලලා ගත්තා ෆෝන් එක අතට. අරගෙන ඇප් එකෙන් පොඩි නිරීක්ෂනයක් දාන්න පටන් ගත්තා විතරයි.. මෙන්න බොලේ උඩින්ම! අළුත් කඩ දෙකක්. එකක් බත් කඩයක්. අනෙක නම් ටිකක්.. ඇඟට පතට දැනෙන පාටෙ කඩයක්. ඊට පස්සෙ ගිහින් බැලුවා ඇතුලට.

බොලේ.. බර්ගර්, සබ්මැරීන් එක්ක රයිස් සහ කොත්තුත් තියෙනවා ගන්න. ඒකත් එසේ මෙසේ නෙවෙයි, පොර්ක් බේකන් ෆ්‍රයිඩ් රයිස්, චිකන් බේකන් කොත්තු, මික්ස් කොත්තු, පෝර්ක් කොත්තු, ක්‍රිස්පි චිකන් බර්ගර්..

“රඹටි හැලෙයි.. මේකට නම් පුතෝ කෝල් එකක් දීලා බලලාම ඔ්ඩරේ දාන්න වටින ප්ලේස් එකක් ඈ..” කියලා සනික ගත්තා ගූගල් එකෙන් නොම්මරේ, අරගෙන කෝල් කලා.

“හලෝ.. ගුඩ් ආෆ්ටනූන්. මේ ‘අප්පුස් කිචන්’ එකද?”

“ඔව් සර්. ගුඩ් ආෆ්ටනූන්.”

“ආ.. මම මේ කතා කරන්නෙ පික්මි ඇප් එකෙන් ඔ්ඩර් එකක් දාන්න.. ඔයාලගෙ ස්පෙෂල් කොත්තුවකුයි, බේකන් නයිමිරිස් රයිස් එකකුයි. මේ වෙලාවෙ අවේලබල්ද කියලා දැනගන්න කතාකලේ”

“ආහ්.. සර් රයිස්, බර්ගර්, සබ් නම් ගන්න පුලුවන්. කොත්තු නම් 5න් පස්සෙ තමයි”

“හප්පා.. එහෙමද? වෙලාවට මම කතා කලේ. නෑ මේ ඇප් ඒකේ අවේලබල් කියලා පෙන්නවා ඒකයි. කමක් නෑ මට ඒනම් බේකන් රයිස් එකකුයි (රු. 845), ස්පෙෂල් චිකන් බර්ගර් එකකුයි (රු. 1510) දාන්නකො. මම දැන් ඔ්ඩර් එක ප්ලේස් කරන්නම්”

“හා සර්.. අනේ සොරි. මට මේ.. කොත්තු ඔ්ෆ් ලයින් දාන්න බැරිවෙලා සර්..”

“ආ.. ඒකට කමක් නෑ, ඒකට කමක් නෑ. තෑන්ක්ස්”

කියලා අනික් පැත්තට ඔන්න ඔ්ඩරේ දැම්මා..

දාලා, හිතා ගන්න බැරි විදියට, පැය භාගෙට, කෑම අතට!

ඊට පස්සෙ ගෙනාවා,

හැඳි, ගෑරුප්පු, කූල් වතුර ලංකර ගත්තා,

පැක් එක ඇරියා විතරයි.. “සූස්” ගෑවුනා අප්පා..

යාළු රයිස් එකේ ලස්සන! ඊටත් සුවඳ? බාස්මතී හාලෙ බත හොඳේ.. වැඩිත් නොවෙන්න, අඩුත් නොවෙන්න කැරට්, ලීක්ස්, බිත්තර ටික දාලා.. රවුටම කපපු නයිමිරිසුත් පදමටම. ඔක්කොමත් හරි පොඩියට කපපු පෝර්ක් බේකන්.. කටකට කෑල්ලක්, දෙකක් සෙට්වෙන තරමට.. හිතාගන්නකො ඉතින් ඒකත් එක්ක චිලි පේස්ට් ගැලපුනාම..

අනෙ අප්පේ.. කාපු කෑමක් කියන්න, බාගයකට විතර සොට් එක දෙද්දි තමයි මතක් වුනේ “බොලේ තව බර්ගර් එකකුත් තියෙනව නේ” කියලා.

හැබැයි ඒ අනික් පැත්තටම වගේ තිබ්බා රයිස් එක පැත්තකින්. තියලා කොලයක ඔතලා ආපු බර්ගර් එක ගත්තා දිග ඇරලා. අරගෙන.. පුංචි පැකට් එකේ ආපු ෆ්‍රයිස් ටිකත් පැත්තකට හලලා, උඩ බනිස් පලුව නිකමට උස්සලා බැලුවෙ..

කෑගැස්සුනේ නැති එක විතරයි.

ඔන්න උඩින්ම.. පදමට ෆ්‍රයි වුනු පෝර්ක් බේකන් එකක්, ඊට යටින් තඩි ෆ්‍රයිඩ් චිකන් හැම් පෙති දෙකක්. ඊට පස්සෙ ලූණු තක්කාලි සහ මයො. ඊටත් යටින්.. අඟල් 2ක් විතර ඝනකම, පීරිසියක් විතර සයිස් පත ක්‍රිස්පි චිකන් පලුවක්.. ආහ්, කියන්න බැරිවුනානෙ. ඔය අතරින් පතර හාෆ්බොයිල් බුල්සායි දෙකකුත් ඈ..

කොහොමහරි අන්තිමටම මෙලෙක් වුනු චිස් පෙත්තක්!
ඔක්කොමත් හරි බන් එකෙත් දෙපැත්ත ග්‍රිල් කරලා.. බටර් ගාලා..

කන්න නෙවෙයි යාළු අන්තිමට මට ඒක දිහා බලාගෙන යදින්න..

වුනේ..

සත්තයි ජීවිතේ පළවෙනි වතාවට දැක්කෙ එහෙම බර්ගර් එකක් ඈ..


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment