3/5

Araliya Food Center

507, High Level Road, Delkanda, Nugegoda


An all right rice & curry spot in Nugegoda.


වැඩ තොගයකට හිරවෙලා.. කොටින්ම කියතොත් උදේ බත් එකත් තවම බෑග් එකේ. ඒ මදිවට හයිලෙවල් එකේ අම්බානක ට්‍රැෆික් එකත් කියන්නකො. කරන්නම දෙයක් නැති තැන.. මම ඉස්ඉස්සෙල්ලාම කල්පනා කළේ යන ගමනෙම ඊලඟ පැය දෙක තුන ගැන!

“හෑ.. ඒ කියන්නෙ මේ විදියට ගියොත් මට අද ඔෆිස් යන්න වෙන්නෙ හාෆ් ඩේද?”

දඩිබිඩියට ඔක්කොම පැත්තකින් තියපු මම සනික ගත්ත ගෙදරින් ගෙනාපු බත් එක අතට. අරගෙන වීල් එකේ අයියටත් කියල, මගින් නවත්තල දුන්න ඒක දුප්පත් මනුස්සයෙක්ට. ඇයි ඉතින් නැත්නම් ඒක මට කන්නත් නෑ, වෙන කෙනෙක්ට කන්නත් නෑනෙ. ඊට පස්සෙ ඉතින් ආයෙත් වැඩ ටිකකට සෙට්වෙලා.. උදේ ඉඳන්ම තිබ්බ බඩගින්න ඩබල් වේගෙන එද්දි තමයි බැලුව වටපිට කොහේ හරි හොඳ බත් කඩයක් තියද කියල කෑම එකක් ගන්න.

ම්ම්.. නාවින්නත් පහුවුනා..

ම්හ්, නෑනෙ කිසිම ලයින් එකක්. ඒ මදිවට විජේරාමෙන් තවත් වැඩක් තියෙනව කරගන්න. කමක් නෑ ඔන්න ඔහෙ ඒකත් කරගෙනම බලනව කියල ගියා එතනට.

වැඩේ කියන්නෙ එතනින් එළියට බහිද්දිනෙ, වෙලාව 1ත් පහු කියන්නකො. දැන්නම් හරියන්නෑ දෙයියෝ.. කියල, එතනින් සියලු වැඩ අහවර කරල.. ඔෆිස් එකට යන ගමනෙම හෙව්ව ආයෙත් බත් කඩයක්ම.

අතීත මතකයක්..!

ආහ් ඔව්නෙ. අරලිය එක ඇරලද දන්නෑ. අපි ඒ ලෙවල් කරපු කාලෙත් කාපු කඩයක්. ටොප් රයිස් ඇන්ඩ් කරියක් තිබ්බ මෙයාලගේ..

“හෝව් හෝව් අයියෙ. අන්න අතන. අර බලන්නකො වම්පැත්තෙ ඔන්න ඔය කඩේ ඇරලද කියල”

“ම්.. ඇරල වගේ මල්ලි. දාන්නද ඇතුලට?”

“ඔව් ඔව් ඔව්. දාන්න දාන්න අයියෙ”

වීල් එක නැවතුනත් හරි එළියට බැහැපු වේගෙ මට තේරුනෙත් නෑ. ඇයි අප්ප ඒ තරම් බඩගින්නනෙ. බැහැලා අඩියට දෙකට කඩේ ඇතුලෙ.

යද්දි ඉන්නව සේවක මල්ලියෙකුත් ඉස්සරහින්ම.

“පෝර්ක් කෑම එකක් (රු. 300)..!”

මල්ලිට නිකම් පොල්ලෙන් ගැහුව වගේ. ඇයි අප්ප අර පැත්තට වෙන්න දෙන්නෙක් විතර පෝලිමෙත් එක්කනෙ. හැබැයි මල්ලි ඒවා නොබල වැඩේට බැස්ස. ඒ නිසාම මාත් මැද්දෙන් මැද්දෙන් ගිහින් තව බිරියානියකුත් (රු. 350) ගත්ත. හිටියොත් කවුරුහරි ෂෙයා කරගෙන කෑවා, නැත්නම් තනියම කෑවා.

අරගෙන හෙමින් සැරේ බිලත් ගෙවල හිටං කෙලී..න්ම ඔෆිස් එකට.

ගියා විතරයි ඉතින්. අත්දෙක හෝද ගත්තා.. හැරෙන තැපෑලෙන්, කෑමට! 

ඒකත් හරි පළවෙනි, දෙවනි කට කද්දිම.. ඉස්මොල්ලෙ යන්න තරමට කියන්නකො. කිරි අප්පේ.. මම ආයෙත් බැලුව මොනවද ඒ කළුම කළු පාටට කියල. බලල ඒකෙ තිබ්බ කෑල්ලක් අරගන කෑවා. බොලේ කෑවාමනෙ, ‘පෝර්ක්’! ඕව් ඒ පෝර්ක්. පෝර්ක් කියන්නෙත් එසේ මෙසේ පෝර්ක් නෙවෙයි, එදා මෙදාතුර කාපු හොඳම.. බ්ලැක් පෝර්ක්. තරු වලින් දෙනව නම් යාළු 100ක් විතර දෙන්න ඕන. මොකද ඒකෙ, මේං කියල අඩුවක් නෑ දෙයියො කියන්න. ඕන නම් වැඩියක් කිව්වහැකි තුනපහවල. හැබැයි මට නම් ඒක තමයි ගානම. ඇත්තම කියනව නම් ඒ පෝර්ක් එක ගැන වචනයෙන් කියන්න බැරි තරම්.

හැරත්, හිතන්නකො ඒ තරම් රස පෝර්ක් එකක් එක්ක රස වෑහෙන පරිප්පුවකුත් සෙට් වුනාම. පුන්නි සම්බා හාලෙ උණු උණු බතත් එක්ක..

හප්පෝ, මතක් වෙද්දිත් කටට කෙල උනනව. අනික යාළු එයාලගෙ පෝර්ක් එක විතරක් නෙවෙයි, ගොටුකොළ මැල්ලුමක් තිබ්බ ෆුල් ෆ්‍රෙෂ් එකට හදල. ලුණු ඇඹුලුත් පදමට තියෙන්න, හොඳහැටි ලූණු අඩුම කුඩුමත් දාලා..

ඊට දෙවනි නැති කැරට් සම්බෝලෙත්! පංකාදු පහයි. ලුණු ඇඹුල් වගේම පොල් පොඩ්ඩකුත් දාලා..

රස නහර පිනා ගිහින් කට පිස්සු වැටුනෙ කටගැස්මට තිබ්බ මල්ගෝවා තෙල් දාපු එක කෑවට පස්සෙ තමයි. හිතන්නකෝ.. පොඩි පොඩි මල් ගෝවාවල මල විතරක් ෆ්‍රයි කරල, ඊට පස්සෙ ඒ ඔක්කොම හොඳහැටි මිරිස් තියෙන්න තෙලට දාලා ගත්තාම.

එච්චරයි ඉතින්!

ම්.. බත එහෙම කාලා…

ඊට පස්සෙ බැස්සනෙ බිරියානි එකට. අන්න ඒකෙ, ඒ තරම්ම ලොකු රසක් නෑ.. මං කියන්නෙ හොඳයි. හැබැයි තනි ලෝකල් බිරියානියක්. අර සම්බා හාලෙන් එහෙම හදල, රස කාරකත් එක්ක ලූණු බැදලා දාලා.. මං හිතුවෙම මුදදරස්පලම්, කජු ටිකක්වත් සෙට්වෙයි කියල. ඒත් එහෙමත් නෑ.

තම්බපු බිත්තරෙයි, තඩි රෝස්ට් චිකන් පලුවයි තිබ්බෙ නැත්නම් ඇත්තටම ඒක එච්චරටම ගොඩදාන්න අමාරුයි.

ඒ කොහොම වුනත්.. අර පෝර්ක් කරියෙ (රු. 400) මතකය නම්…

ෂැහ්! ටොප් ආ...



Latest