Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

5/5

Artisan Diletto

Delivery only

Artisan Diletto is a home-based venture that does one of the BEST CBPs in the city.

යමු එකේ කට්ටියට චොකලට් බිස්කට් පුඩින් ගැන තියෙන්නේ උපන්ගෙයි පෙරේතකමක්. ඒ නිසා චොකලට් බිස්කට් පුඩින් හදන රෙස්ටෝරන්ට් එකක්, හෝම් බේකර් කෙනෙක් හමුවුණු ගමන් වෙන මොන වැඩේ තිබුණත් අපි එයාලව රිවිව් කරනවා. 

ඉතින් මේකත් එහෙම එකක්. මේකේ නම Artisan Diletto. බත්තරමුල්ල පැත්තට වෙන්න, ගෙදර ඉඳන් චොකලට් බිස්කට් පුඩින් හදලා, ඔයාලගේ ගෙවල්වලට ඩිලිවර් කරන කාණ්ඩයක්. PickMe Food හරහා ලේසියෙන් ම ගන්න පුළුවන්. 

චොකලට් බිස්කට් පුඩින්

Artisan Diletto එකෙන් චොකලට් බිස්කට් පුඩින් ජාති 4ක් හදනවා. ඒ තමයි ක්ලැසික්, මෝකා, මින්ට් චොකලට් සහ මයිලෝ. හැබැයි අපි මේ රිවිව් එක කරපු දවස්වල තිබුණේ මුල් තුන විතරයි. ඉතින් අපි ඒ ජාති තුනෙන් එක ගාණේ ගත්තා.

මේ තියෙන්නේ ක්ලැසික් (රු. 600). හප්පොච්චියේ! ඒකෙ රස! ඩාක් චොකලට් රසින් අනූනයි. අනික බටරි ගතියට තියෙන මාර ම ස්මූත් චොකලට් ලේයර්ස් ටිකක් තිබුණේ. ඒ විතරක් නම් මදැයි, චොකලට් චිප්ස්, කජු එහෙමත් හැපෙනවා එහෙන් මෙහෙන්. සීනි රසත් නියම ගාන. අනික මේක අර අයිසින් ෂුගර්වලින් නාවලා හදන, පැණි රසට බර වෙන්න හදපු ඒවත් නෙවෙයි. චොකලට් රසටයි මුල් තැන දීලා තියෙන්නේ. බිස්කට් තට්ටු ටිකත් හරි ම පදමට කිරිවල ගිල්ලලා තමයි එකතු කරලා තිබුණේ. මාර ම සිරා.

මෝකා (රු. 650) කියන්නේ ක්ලැසික් එකට ම ඉන්ස්ටන්ට් කෝපි හැන්දක් දාලා හදන එකක්. අර සුපිරි චොකලට් රස අස්සෙන් හීනියට එන කෝපි කික් එක මරේ මරු. ගත්ත ඒවයෙන් මගේ ප්‍රියතම එක තමයි මේක.

ඔන්න තියෙනවා මින්ට් චොකලට්. සාමාන්‍යයෙන් මින්ට් චොකලට් කියන්නේ මට පේන්න බැරි ජාතියේ ෆ්ලෙවර් එකක්. ඒ වුණාට ඉතින් රාජකාරිය දේව කාරිය කියලා සලකලා මම ඒකෙත් රස බැලුවා. 

වැඩේ කියන්නේ මේක පට්ට නේ! මට හිතාගන්න බැරි වුණා මම මේ ආසාවෙන් කන්නේ මින්ට් චොකලට්මද කියලා. ඒ තරම් බැලන්ස් වෙච්ච රසක්. චොකලට් රස කලින් වගේ ම දරුණුවට ම එනවා. හැබැයි ඒ අතරින් බොහොම රිෆ්රෙෂින් මින්ට් කික් එකක් වදිනවා. ඒකෙන් එයාලා චොකලට් රස තවත් වැඩි කරන්න සමත් වෙලා තියෙනවා. එක හැන්දයි කන්නේ කියලා අතට ගත්තට, අන්තිමට මුළු ජාර් එකම මම තනියම ම කාලා ඉවර කළා.

අවසාන වශයෙන් 

ආයේ ඉතින් කතා දෙකක් නැහැ. Artisan Diletto කියන්නේ කොළඹ තියෙන හොඳ ම චොකලට් බිස්කට් පුඩින් එකක්. මේක කිට්ටුවෙන් යන එකක් අපට මීට කලින් හම්බුණේ BOND's Dutch Delicacies එකෙන්. ඇත්ත ම කිව්වොත් දැන් අපි ඉන්නේ මේ දෙකෙන් හොඳ ම එක මොකද්ද කියල හිතාගන්න බැරුව. ඔයාලත් කාලා බලලා අපට කියන්නකෝ!

Similar Places

User Reviews
C
1

5/5

1

ClementPR

I ordered three of their flavours and I was so happy that I did. Their Mocha was out of stock. Firstly the packaging was very nice and eco friendly. Just the look of it felt premium with such amazing sustainable packaging. Then the taste. OMG it was out of this world. As described, premium gooey, silky smooth rich chocolate with soft biscuits layered uniformly. This is definitely a premium product and no other in the market could get close. Have ordered a couple of times from them now and their taste is consistent. My favourite is their Mint. I am hooked on them.

See 2 Comments