Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

5/5

The Second Home Bungalow (Yala)

The Second Home Bungalow, Tissa-Kirinda road


A comfortable bungalow located in the paradisaical Yala, that's made for the escapes into the wilderness and safari camping.



ඇත්තටම හුඟ කාලෙකින් නිසාද මන්දා යාල සෆාරියෙන් පස්සෙ පුදුම තෙහෙට්ටුවක් දැනුනෙ. වැඩි හරියක්ම, හරි හැටි සතා සීපාවෙක් දැකගන්න ලැබුනෙත් නෑනෙ.

ඉතින්.. ඒ තෙහෙට්ටුව යන්නත් එක්ක කියලයි මම ආපු හැටියෙම සීතල වතුර ටිකක් නාගත්තෙ.

නාගෙන.. සුපුරුදු, සුවපහසු සරමටම බැහැලා හෙමින් සැරේ කිට්ටු කලා මංගල අයියා අලුතෙන් හදපු පුංචි මැටි ගේ පැත්තට.

බොලේ ඒ යද්දිනෙ..

මෙන්න කට්ටිය ගිණිමැල බාබකියු එකකට ලෑස්ති වෙනවා. තඩි කුකුල් පළු, ඌරා, මාළු, සොසේජස්.. ෂැහ් නැති ජාතියක් නෑ ආ..

“මොකෝ මොකෝ මේ කට්ටිය හදිස්සියෙම ආ..”

ලප් තැනම ලොප් වෙන්න කියලා මම ඉස්සෙල්ලාම වචනෙ දැම්මා. 

“ආ.. මහත්තයා. එන්න එන්න. වාඩි වෙන්න. අපි ඉතින් දන්නැද්ද.. මේ දවස්වල වැඩත් නැති නිසා හැමදාම හවසට ඔහොම තමයි”

කතාවෙන් කතාව සීතල කෑන් ටිකකුත් කැඩිලා වැඩේ දිගටම යද්දී.. මංගල අයියගෙ අතින්ම ගිණිමැලෙත් පත්තු වුනා..

ඇත්තටම..

මේ තැන හරි ලස්සනයි. පුංචියි. වට පිටේ කැළෑ පොඩ්ඩකින් වටවෙලා නිසා හරිම නිස්කලංකයි. යාල, පලටුපාන තමයි මේ පොඩි බංගලාව තියෙන්නෙ. මෙතන.. සුවපහසු ඩබල් රූම් 2කුයි, 8 දෙනෙක්ට විතර ඉන්න පුලුවන් ඩොමෙට්‍රි ටයිප් බංගලා සාලයයි තියෙනවා. ඒ හැරුනාම ඊට එපිටින් හදලා තියෙනවා කෑම ගන්න, පොඩියට සෙට් වෙන්න කියාපු, පුංචි මැටි පැල් කොටයක්. මුලු වත්තම වගේ කොහොඹ ගස් වලින් හෙවණ වෙලා නිසා දවල්ට වුනත් කිසිම අප්සෙට් එකක් නැතුව ඉන්න පුලුවන්.

ඒ ඔක්කොමත් හරි මංගල අයියගෙ ගමේ කෑම ටික!

පංකාදුයි, මල් හතයි ආ... ආයෙ ෆුල් ගමේ ටයිප්. ඒකත් නිකම් ගමේ නෙවෙයි. ඔරිජිනල් ‘තිස්ස’. රතු මිරිසෙන් ගන්න සැර මදි නොකියන්න තියෙන, තුනපහ පදමත් නූලටම තියාපු වැව් මාලු කරිය. නැත්නම් ගම් කුකුල්ලුත් ඉන්නවා. බාග වෙලාවට ඌරා එහෙමත්..

වරදින්නේම නෑ!

ඉතින්.. ඒකක් එක්ක, කිරි හොඳහැටි දාලා බාගෙට හින්දලා ගන්න පරිප්පුව සෙට්වුනාම.. 

කොහොමද සයිඩ් එකෙන් කතුරුමුරුංගා කොළ මැල්ලුමකුත් ඇවිල්ලා, හතු තෙල් දැමුමමකුත් ගැලපුනාම.

ඔය විදියෙ කෑමයි.. මිරිස්, පපඩම් බැදලයි..

අන්තිමට ඉඟුරු දාපු වැඩි කහට ටී එකයි!

මොනවද කාලා අමෘතෙ බිව්වා වගේ කිව්වහැකි.

ඊටත් ඉතින් ඒ කෑම ටික කාලා සෆාරියකට බැස්සා කියන්නෙ වරුවක්, ගේමක් නෑ හොඳද.

ම්.. ‘සෙකන්ඩ් හෝම්’ බංගලාවෙ පහළ තියෙන ඉඩේ කැමති කට්ටියට පුලුවන් පොඩියට කෑම්ප් කරන්නත්. හැබැයි ලොකු ජන්ගල් කෑම්පින්ග් අත්දැකීමක් නම් ගන්න බෑ.. ‘ආදර්ශ කෑම්පින්ග්’ වගේ තමයි.

කොහොමවුනත් එක්කෙනෙක්ට කෑම බීම වේල් 3ක් එක්ක.. රු 2000ට නවාතැන් ලැබෙනව කියන්නෙ නම් මේ දවස්වල හැටියට ලොකු දෙයක්. අනික හොඳ සුවපහසුවට ඉඳලත් එක්කනෙ..

ඔක්කොමටත් වැඩිය මට නම් තැන සෙට්වුනේ..

උදේට සෆාරි යන්න ගොඩක්ම ලේසි නිසා තමයි, හ්ම්..!


TIP

Try tasty authentic Sri Lankan food, Bonfire BBQ & An extreme wildlife safari experience.


Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment