Artwork for New PickMe Flash banner 18 May 2021
Artwork for Truly Ceylon Top banner 1 - 1 week only
Artwork for PMF Free delivery campaign Artwork for Coffee post sidebar 1-Aga coffee

1/5

Athal Yaka by Rolling Kitchen

Pitakotte road, Thalawathugoda

  • Open until 10:00 PM


The worst kottu, fried rice place I've ever gone..!



“ඔය වුනේ වැඩක්..”

අර තලවතුගොඩ ස්ට්‍රීට් ෆුඩ් සෙට් එකේ, පළවෙනි දවසෙ කාපු තැන හොඳට හිතට අල්ලපු නිසා මම ගියානෙ ආපහු, ඒ සෙට් එකේම තව තැනකින් කෑම ටිකක් කන්න. ගිහිල්ල හිටං ඔන්න.. කොත්තු, රයිස් දාන පොඩි හට් එකක් ඈ. ‘ආතල් යකා’ කියල ගහල තිබ්බෙ.

ඉතින් මාත් හිතුවා හොඳ සැරට, කටට රහට, පංකාදුවට.. රයිස් කොත්තු දාන ප්ලේස් එකක් වෙන්න ඇති කියල. හිතලා.. ප්ලේස් එකට කිට්ටු කරලා ඇහුවා කඩේ අයියගෙන්.

“මේ.. පෝර්ක්, බීෆ් ඔ්න එකක් තියෙනවද අයියෙ”

“ඔව් ඔව්. ඔ්න එකක් ගන්න පුලුවන්”

“ආහ්.. නියමයි. ඒනං මට පෝර්ක් කොත්තුවකුයි (රු. 600), චිකන් රයිස් එකකුයි (රු. 500), එග් නූඩ්ල්ස් එකකුයි දෙන්නකො.”

“අනේ.. නූඩ්ල්ස් නම් නෑනෙ අද. එග් රයිස් එකක්ම (රු. 350) දෙන්නද මල්ලි?”

“ආ.. හා එහෙනම් දෙන්නකො. චිකන් රයිස් එක රෝස්ට් එකෙන් දාන්න ඈ..”

“ආහ්.. එහෙම නෑ. අපේ ඔක්කොම බාබකියු තමයි”

‘හෑ.. මරුනෙ. රෝස්ට් වෙනුවට බාබකියු!’

කියල ඉතින් මාත් හරි සතුටෙන් හිටියා. ඉඳලා ඔන්න..

ලොක්කා ඉස් ඉස්සෙල්ලාම කොත්තුව දාන්න ලෑස්තිය. තැටියට බිත්තරයක් දාලා..

කෑලි මිරිස් දැම්මා, ගම්මිරිස් දැම්මා, කැරට් ටිකක් දැම්මා.. ආයෙ මොනවද සෝස් වගයක් එක්ක රොටි දාලා, හොදි දැම්මා..

බොලේ.. එක බිත්තරයයි ඈ.. ඊටත් ලීක්ස්, චිලිපේස්ට් මුකුත් ඇත්තෙත් නෑ. මට නේද..

හා කමක් නෑ. බාග වෙලාවට අඩුම කුඩුම අඩු වුනාට රස ඇතිනෙ කියල මාත් හිටියා ඉතින්. ඉඳලා, කොත්තුවෙන් පස්සෙ..

මෙන්න රයිස් එක!

වැඩක් නෑ යාළු කියලා. ඒක දාපු විදිය දැක්ක නම්...

‘තූ විතරක්’ බල්ලො බත් කන්නෙ නෑ. රයිස් දෙකටම එක බිත්තරයයි ඈ.. ඒ මදිවට කැරට් කෑලි ටිකකුයි, සෝසුයි විතරයි. දාලා බොරුවට හැන්දෙන් දෙපාරක් උඩ දාලා, දැම්මා ඇලුමිනියම් පෙට්ටි 2කට. දාලා එහා පැත්තෙ රෝලින්ග් කිචන් ලොරියට දුන්නා.

ඒ දුන්නට පස්ස මම බැලුවා දැන් කෝ චිකන් පෝර්ක් කියලා. බැලින්නම් එතන නිකම් ගෑස් තැටියක.. අයිතිකරුද මන් දන්නෙ නෑ.. පෝර්ක් බාබකියු එකක් දානවා. දාන අතරට චුට්ටං බාබකියු ඩ්‍රම්ස්ටික්ස් එකක් යැව්වා කිචන් එකට. ඊට පස්සෙ අර රයිස් පෙට්ටියක් ඉල්ලගෙන ඒකට දැම්මා පෝර්ක් බාබකියු ටික.

දාලා දුන්නා..

මාත් තෑන්ක්ස් කියලා අරගෙන ආවා. අනේ ඇවිල්ලා බැලින්නම්..

සැම්බියානු කුණුහරුප ආවෙ කටට ඈ..

කිව්වට විශ්වාස කරන්න යාලු තනිකර වේලිච්ච, කිසිම.. කිසිම රහක් එන්නෙ නැති කොත්තුව උඩින්..

කටේ තියන්න බැරි තරමට සෝස් දාලා හදාපු පත පෝර්ක් තෙල් කෑලි තොගයක්..

කටවල් දෙකයි කෑවෙ රු. 600ට ඇති හැටියට ඥාතීන්ට පිං පමුණුවලා මම ඒක දැම්මා බල්ලට.. (පහුවෙනිදා බලද්දි ඌත් ඒකෙ රොටි විතරයි කාලා තිබ්බෙ. අර තෙල් කෑලි එහෙම්මම)

වැඩේ වුනේ පෝර්ක් කොත්තුව එහෙම. චිකන් රයිස් එක?

ඇඟේ මාලු උගේ කිචන් එකේ නටනවා මගේ.. අඩුම තරමෙ මැදවත් හරියට කුක් වෙලා නෑ චිකන් කෑල්ලෙ. කෑවා නම් දවස් 7ක් බඩේ අමාරුව සෙට් වෙන්නෙ. 

අනේ ඒකත් හරි අඩුම තරමෙ බතවත්..

තනිකර වතුර ගතියට එන සෝස් රසක් එනවා.. එච්චරයි.

බිත්තර රයිස් එක මතක් කරන්න එපා.. කුණු බිත්තර ගහන්න හිතතෙනවා ගිහිල්ලා. ඒ තරමට කේන්තියි ඈ..

අනේ වැරදිලාවත් යන්න එපා..

නිකම් සල්ලිත් අපරාදෙ, අනික ලේ ටිකත් පිච්චෙනවා කේන්තියට!


Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment