Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

Avishka Food (Pannipitiya)

Polwatta, Pannipitiya Road

  • Closed right now


They have delicious Kottu, Fried rice etc. specially a pork curry..!



කාලෙකින්.. නයිට් කඩේ චයිනීස් එකක් කන්නම ඔ්න කියලා හිතුනා. ඒ නිසාමයි බැලුවෙ කල්පනා කරලා ලඟපාත මොනවද කඩ තියෙන්නෙ කියලා. ම්.. ඒත් ඉතින් හරි හමන් එකක් ඔලුවට ආවෙ නැති නිසා යාළුවෙක්ට කෝල් කරලා බලලා තමයි ප්ලේස් එකක් හොයාගත්තෙ.

“ඔතන පොල්වත්ත හංදිය පැනලා පල්ලම බහිද්දිම තියෙනෝ බං අවිශ්ක එක. ඒකෙ මරු ආ.. අජියා වැඩිය දාන්නෙත් නෑ. අනික ගාණෙ හැටියට සුප්පා රයිස් එක”

“සිරාවට? එළ එළ බං. මං එතනට ලයින් වෙන්නං”

කියලා හිටං, වචනයයි දෙකයි.. ටී ෂර්ටක් දාගෙන සනික පාරට ආවයි! ඇවිල්ලා, පයින් යන දුර නිසා.. හෙමින් සැරේ සිංදුවක් කියාගෙන ඔන්න කඩේ පැත්තට. මාස්ක් එක දාලානෙ, ඉතින් කාටවත් ඇහෙන්නෙත් නෑනෙ, අනික කට හෙල්ලෙනවා පේන්නෙත් නෑනෙ..

යද්දි නම් කඩේ කවුරුත්ම කෑමට වාඩිවෙලා හිටියෙ නෑ. හැබැයි රයිස් ඇන්ඩ් කරි බුෆේ එක දුම් දදා.. මං හිතන්නෙ වෙලාව හැන්දෑවෙ 6 වගේ නිසා වෙන්න ඇති, රෑ කෑම එවෙලෙ දාලා තිබ්බෙ. ඒකත් හෙමින්සැරේ බලාගෙන මම කැෂියර් ලඟට..

“ම්.. පෝර්ක් තියෙනවා නේ. කරි විතරද තියෙන්නෙ? කොත්තු, රයිස් එහෙමත් තියෙනවද?”

“නෑනෙ පෝර්ක් රයිස්, කොත්තු නම් නෑ. ෆ්‍රයිඩ් චිකන්, බිත්තර, සීෆුඩ් තමයි රයිස් තියෙන්නෙ. තව.. චීස් කොත්තු තියෙනවා.”

“ආහ්.. එහෙමද? ඒනම් මට රෝස්ට් චිකන් රයිස් එකකුයි (රු. 450), බිත්තර චීස් කොත්තුවකුයි (රු. 350), පෝර්ක් කරියකුයි (රු. 300) දෙන්නකො ගෙනියන්න”

දැම්මා ඔ්ඩරේ!

දාලා.. හරි ආසාවෙන් බලාගෙන හිටියෙ රයිස් එක එහෙම දාන විදියත්. ආයෙ හොඳට උඩ දාලා, ගින්දරේ ගෑවෙන්න නොගෑවෙන්න.. කොත්තුවත් හොඳ සද්දෙට.

ඔක්කොමත් හරි එහෙම දාලා දුන්නට පස්සෙ ගෙදර යනකම් ඉවසිල්ලක් නෑ මේක රස බලන්න. ඉතින්.. කිලෝමීටර එක හමාරෙ දුර යන්න වීල් එකකුත් අරගෙන, හරි හරියට..

ගිහිල්ලා, පැක්වල තිබ්බ ටික භාජන වලට දාලා,

හැඳි, ගෑරුප්පු අරගෙන ඔන්න බැස්සා වැඩේට..

ආයෙ ඉතින්.. ඇරඹුමම!

මල් හතයි, තරු විසි එකයි.. කටයි දෙකයි කෑවෙ යාළු රයිස් එකෙන්.. තොලකට ලෙව කැවුනා කිව්වොත් හරියටම හරි. සත්තයි පංකාදු රයිස් එක. කීරි සම්බා හාලෙ බත. හීනියට ඉරපු රෝස්ට් චිකන් තොගයක්. බිත්තරයක්. කැරට්, ලීක්ස් ටිකත් ගාණට. ඔක්කොමත් හරි අජිනොමොටෝ දාලාම නැති ගානයි. ඊටත් ඒකට එයාලගෙම චිකන් හොද්ද ගැලපුනාම.. කතහැකි යාළු ගමකට. 

ඊට දෙවනි නැති කොත්තුවත්.. ටොප් ආ.. ඒකත් චිකන් වලින් තිබ්බා නම් මරේ මරු. හැබැයි බිත්තර එකත් අවුලක් නෑ. මොකද බිත්තර 2 වුනාට දාන්නෙ, එළවලු අඩුම කුඩුම පැත්තෙන් හොඳට උස්සලා අරගෙන තියෙනවා. හැරත් රස පදම ගැලපෙන්න මස් හොදිත් දානවනෙ. 

කොහොම වුනත් අඩුවක් පාඩුවක් නැති, හැබැයි තෙල් කෑලි ටිකක් වැඩි පෝර්ක් කරිය. රයිසට, කොත්තුවට විතරක් නෙවෙයි ඒක නම් පාන්, රොටි වලට වුනත් රම්පෙට පොරි වගේ.. ඇඟිලි පුරුකක් විතර සයිස් පෝර්ක් කෑලි 12-15ක්.. හොඳ හැටි මිරිස් තුනපහ අල්ලලා.. හොද්දත් ඝනේට තියෙන්නෙ..

කෑවා නෙවෙයි දෙයියෝ.. 

බැරිම තැන බඩ අල්ලගෙන පෙරලි පෙරලි හිටියෙ.. 


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment