Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

Badam Doodh

511, Galle Road, Colombo 06


A tiny hut that serves almond curated refreshments.



හින්දි භාෂාවෙන් බාදම් කියන්නෙ ආමන්ඩ්වලට. දූද් කියන්නෙ කිරි. ඉතින් බාදම් දූද් කියන්නෙ ආමන්ඩ් කිරි.

පහුගිය කාලේ පුංචි පුංචි ලස්සන චායි කඩ ගොඩක් කොළඹ වටේ ඕපන් වුණා නෙ. මෙදා පාර අපි ගොඩ වුණ ‘බාදම් දූද්’ වැල්ලවත්තේ කැෆේ ෆො යූ එක ඉස්සරහ තියන පුංචි හට් එකක්. වෙනසකට තියෙන්නෙ මේගොල්ලො ළඟ තියෙන්නෙ චායි නෙවෙයි, විවිධ රසවලින් යුතු ආමන්ඩ් කිරි සහ ස්නැක්ස් ජාති!

කිරි 

මේගොල්ලන්ගෙ මෙනු එක පොඩි නිසා මෙනු එකේ තියන හැම ජාතියකින් ම එක ගාණේ අපි ඕඩර් කළා. කිරි ජාති තුනයි ස්නැක්ස් ජාති දෙකයි. 

මේ උස පේපර් කප්ස් දෙකේ තියෙන්නේ බාදම් රෝස් මිල්ක් එකයි (රු. 120) බාදම් දූද් එකයි (රු. 120). මේ දෙක ම කූල් ම කූල් පිට තමයි හම්බුණේ. දෙකට ම ලෝබ නැතුව පොඩියට කුඩු කරපු ආමන්ඩ් කෑලි ගොඩක් හැපෙන්න දාල තිබුණා. ආමන්ඩ් කියන්නෙ රසෙන් වගේ ම ගුණෙනුත් අනූන කෑමක් නෙ. ඉතින් මේ කිරි ජාති දෙකේ ම නියම කිරි රහත් එක්ක ආමන්ඩ් රසයි සීනියි ගාණට බැලන්ස් වෙලා තිබුණා. වෙනසකට තිබුණෙ රෝස් මිල්ක් එකෙන් ආවේ රෝස් සිරප් රස. බාදම් දූද් එකෙන් ඊට වඩා පොඩ්ඩක් මසාලා පැත්තට බර රහක් තමා ආවෙ. 

මේ පොඩි පේපර් කප් එකේ තියෙන්නෙ බාදම් කීර්. (රු. 100) මේක උණු ආමන්ඩ් මිල්ක් එකක්. කලින් වගේ ම ආමන්ඩ් කෑලි ගොඩක් මික්ස් කරලා හොඳ කිරි රසට උණු උණුවේ තමයි ආවෙ. ඊට අමතරව මේකෙන් කරදමුංගු, කුංකුම වගේ අඩුමකුඩුමවල ෆ්ලේවර් එකත් ආවා.

ස්නැක්ස් 

මේගොල්ලො ළඟ තියන ස්නැක්ස් ජාති දෙක තමයි බ්‍රෙඩ් චාට් (රු. 150) සහ බැනොෆී පුඩිං (රු. 100). බ්‍රෙඩ් චාට් කියන්නෙ පුංචි රස්ක් බිස්කට් එකක් වගේ පේන පාන් කෑල්ලක් උඩට ෆිලිං එකක් පුරවල දෙන ස්නැක් එකක්. මේක හරි ම ක්‍රිස්පි වගේ ම ෆ්‍රෙෂ්. ෆිලිං එක විදිහට පාවිච්චි කරලා තිබුණේ චිකන්. චිකන් කරියක් එක්ක රෝස් පාන් කද්දි කටට දැනෙන රහ මතකයි නෙ? අන්න ඒ රස තමා මේකෙන් එන්නෙ.

බැනොෆී පුඩිං එක නං ස්නැක් එකකට වඩා ඩෙසට් එකක් කිව්වොත් හරි. මේක හදන්නෙ බිස්කට් බේස් එකක් උඩ කෙසෙල් මික්ස් කරපු ක්‍රීම් එකක් තවරලා. බිස්කට් රහයි ක්‍රීමි ගතියයි උපරිමේට ම තිබ්බට මොකද මේකේ පෝෂන් එක නං හරිම පොඩියි.  යෝගට් කප් එකේ අඩියෙ වගේ තමා පුඩිං එක තිබ්බෙ!

අවසන් වශයෙන් 

හැන්දෑ වරුවේ ඉඩ තියන වෙලාවක බාදම් දූද් පැත්තෙ ගිහින් බලන්නකො. හවස තේ බොනවා වෙනුවට මේක ටිකක් වෙනස් විදිහේ අත්දැකීමක් වෙයි.

Address

511, Galle Road, Colombo 06

Contacts

Facebook Instagram

Report Inaccuracy

Closed right now

Cuisine

Indian

Price Range

Less than 200

Dish Types

Indian Sweets

Ratings Breakdown

Overall Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment