Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

4/5

Bamboo Room

123 Kumaran Ratnam Road, Colombo 02


The Bamboo Room is a new restaurant that is a part of the Hotel Nippon, specialising in Kerala Cuisine.



කලින් දවසක කිව්වා වගේ පහුගිය කාලේ අපේ සාරාගේ වෙලාව හොඳම නැහැ. නිපොන් හෝටලේ තියෙන මේ බැම්බූ රූම් රෙස්ටෝරන්ට් එකට තුන් පාරක්ම පහුගිය මාස ටිකේ ගියාට යන යන සැරේ වහල. තවම තැන හදනවලු. ඔන්න අන්තිමේ ඊයේ පෙරේදා තැන ඇරලා තිබුණ (අපිම යන්න එපැයි ඕව හරියන්න). මෙතනින් බත් කටක් කාල බලන්න අන්තිමේ අපිට පුළුවන් වුණා.

තැන

නිපොන් හෝටලේ තියෙන්නෙ නවලෝක රෝහල ගාව කුමාරන් රත්නම් මාවතේ. අර සිරා මට්න් රෝල්ස් ගන්න පුළුවන් මෙතනින් තමයි. ඒ කැෆේ එකට ඊළඟ දොර තමයි මේ බැම්බූ රූම් එක කියන්නෙ. මෙතන තියෙන්නෙත් කැෆේ එකේ තියෙන අලංකරණය ම තමයි. පොඩි වෙනසකට තියෙන්නෙ බිත්තිවල එල්ලලා තියෙන කේරල රූකඩ ටික.

කෑම

කේරල රූකඩ තියෙන්නෙ කේරලින් ආපු කෝකියන්ට කියල කේරල කෑම හදන හින්ද. හුඟක් දුරට මේ කේරල කෑම ලංකාවේ කෑම වගේමයි. හැබැයි ටිකක් තුනපහ, මිරිස් සැර අඩු කරලා. අපිට කිව්වෙ කේරල සහ ලාංකීය කෑම සුසංයෝගයක් ඇතිකරන්න මේගොල්ලෝ උත්සහ කරනවා කියල.

පටන් ගත්තු ගමන් හින්ද තාම මෙතන ලොකු මෙනුවක් නැහැ. නිපොන් හෝටලේ නවතින කට්ටියට තමයි ප්‍රධානව කෑම දෙන්නෙ. තියෙන මෙනුවෙන් අපි රයිස් ඇන්ඩ් කරි (රු.500) දෙන්නෙක්ට සහ එක්කෙනෙක්ට කොසිඛෝදේ බිරියානි (රු.650) ගත්තා.

මම ඇත්තටම රයිස් ඇන්ඩ් කරි එකෙන් වැඩි දෙයක් බලාපොරොත්තු වුනේ නැහැ. පිඟානකට බත් පොඩ්ඩකුයි, එළවලු, මාළු ටිකකුයි දෙයි කියල හිතුවේ. ඒ වුණාට ලොකු බත් පිඟන් දෙකකුයි, ලොකු දීසි පහක අඹ උයල, චිකන්, බැදලා උයපු අලු කෙසෙල්, පරිප්පු සහ මුකුණුවැන්න මැල්ලුමකුයි ගෙනාවා. ආ තව චිකන් හොදි වෙනම ගෙනල්ල තිබුණා.ඒක බත් එකටද බිරියානි එකට ආව ඒවාද මන්දා.

මේ නං කෑම ගොඩක්. බත් දෙක කොහොමහරි ඉවර කළාට කරි ටික නං ඉවර කරන්න හම්බවුනේ නැහැ. බත් ටික නං පංකාදුවට තිබුණා. බෙරි වෙලත් නැහැ, වේලිලත් නැහැ, නියම ගාන. කරි ටිකත් සමස්තයක් හැටියට සෑහෙන්න හොඳයි පොඩි පොඩි අවුල් ටිකක් ඇරෙන්න. අඹ තව ටිකක් කිරි ගතියට තැම්බුණා  නම් තමයි හොඳ. චිකන් හොද්දේ මිරිස් තුනපහ තිබුණට චිකන් මසට ඒවා අල්ලලා නැහැ. ඉතින් ටිකක් රස මදි. මැල්ලුම නං සිරා. අලුත් කොළ ටිකක් හම්බවෙලා තියෙනවා. පරිප්පුවත් සුපිරි. බඩ පිරෙන්නම කෑවා.

මේ කේරල බිරියානි එක අපි ලංකාවේ දකින බිරියානි එකේ සැර අඩු මොඩල් එකක් වගේ. කජු, පාර්ස්ලි කොළ මිශ්‍ර වුණු බත් එකට යටින් ලොකු චිකන් කෑලි තුනක් ම තිබුණා. ඒකත් මදි නං, උඩින් තම්බපු බිත්තරේකුත් තියෙනවා. රයිතා සමග මින්චි සම්බෝලය පැත්තකින් එනවා.

අතුරුපසට ලාවා කේක් සමග වැනිලා අයිස් ක්‍රීම් (රු.450). කේක් එක නං ටිකක් වේලිලා. චොක්ලට් සෝස් නං හොඳට දාල තියෙනවා. වැනිලා අයිස් ක්‍රීම් එකත් ෂේප්.

බැම්බූ රූම් එකේ සැර බීම ජාතිත් ගන්න පුළුවන්. දවාලක බොන එක අවුල් තමයි, ඒත්  ඉතින් අරං බලන්න එපැයි. (බොන්න ඕනේ ප්‍රශ්නයක් නේ?). අපි ඇරැක් පැෂන් (රු 650) එකක් සහ ජින් ෆිස් (රු.650) එකක් ගත්තා. ජින් ෆිස් එක සැර දෙහි යුෂක් වගේ. ජින් දාල තිබුණා වැඩිත් එක්ක.

ඇරැක් පැෂන් එකේ නං ඇරැක් සහ පැෂන් ෆෘට් කොච්චර තිබුණද කියන්නේ තිත්ත රසයි.

අවසානයට

බැම්බූ රූම් එකෙන් උපාලි වගේ තැනකට නියම තරඟයක් දෙන්න පුළුවන්. ටිකක් මිරිස්, තුනපහ සැර අඩුවෙන් තියෙන බත් එකක් කන්න කැමති නං, මෙතන සිරාම තැනක්.


TIP

They have some delicious lamprais.

Address

123 Kumaran Ratnam Road, Colombo 02

Directions

It's a large colonial style building on Kumaran Ratnam Mawatha and it's difficult to miss.

Contacts

Website Facebook

Report Inaccuracy

Open until 10:30 AM

Cuisine

South Indian

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Rice Eggs Vegetarian Biriyani Chicken Fish Ice Cream Alcoholic


Similar Places

Have you visited this place?

Write your own review!
See 2 Comments