Artwork for Brew-at-Hatch-Top Banner 2 new landing page
Artwork for The Garden top banner 2 -20 April 2021
Artwork for Marketplace Sathi-Pola SDBBNR 1 Artwork for Coffee post sidebar 1-1959 new

3/5

Big Bite Biryani

Sri Jayawardenepura Mawatha, Sri Jayawardenepura Kotte


The chicken and mutton were excellent. And the biriyani rice too.



දුර ගමනක් ගිහින්..

බොහෝම මහන්සිවෙලා..

යාන්තම් කොළඹට ආවට පස්සෙ, එන බඩගින්නට විසඳුමක්?

ඒකත් කොත්තුවක්, රයිසක් කාලා නෙවෙයි. හොඳ හැටියට, රස පදමට..

මස්, බිත්තර මොනවා හරි එක්ක උණු උණුවට බතක්ම කන්න හිතිලා..

ගෙදර යන අතරට හොයලා බැලින්නම් තමයි.. 

ඔහොම මෙහෙම තිබ්බෙ රාජගිරියෙ බිග් බයිට් එක. ආයෙ ඉතින් ඊට පස්සෙ මොනවද. වීල් එක නිකම් ඩ්‍රිෆ්ට් කරලා වගේ නැවතුනේ මගේ ‘හෝව්’ පාරට.. නැවතුන වීල් එකෙන් බැහැපු මම දූවලා ගියේ ඇතුලට, සනික ගන්න කියලා කෑම ටික.

ගිහිල්ලා හිටං ඔන්න කැෂියර් එක ලඟ තිබ්බ මෙනුව බලලා.. දැම්මා ඔ්ඩරේ. මට්න් බිරියානි එකයි (රු. 975), බටර් නාන් (රු. 80), ගාලික් නාන් (රු. 100), චිකන් කුරුමා (රු. 450), සීෆුඩ් නාසි (රු. 750). දාලා ඉතින් අතපය එහෙම හෝදගෙන ඇවිල්ලා වාඩිවුනා. වාඩිවෙලා.. මෙන්න විනාඩි 5ක් ගියේ නෑ බිරියානිය මේසෙ උඩ!

ඊට පස්සෙ ඉතින් කතාව අහන්න එපා..

මොකද ඒ එක්කම මගේ අනිත් යාළුවත් එතනට ආවා.

ආවා ආවාමයි..

උඩින් බාස්මති හාලෙ බත් විතරක් පේන්න තිබ්බට මොකද එහෙන් මෙහෙන් හැන්ද දාලා බලද්දිනෙ.. අන්තිමට තඩි මට්න් කෑලි 10කට ගණන් බැලුවෙ. ඒවත් මදි නොකියන්න මිරිස් තුනපහ, ගම්මිරිස් අඩුම කුඩුම සියල්ලම දාලා තම්බපුවා. හැරත් බතටත් ගානටම බිරියානි මික්ස් දාලා.. ආයෙ ඉන්දියන් බිරියානි පදමටම රස. ඔක්කොමත් හරි, අපී.. දෙන්නෙක් කාලා ඒක ලෙල්ලටම හින්දුවට සාමාන්‍යයෙන් නම් දෙන්නෙක්ට ඇති ගානයි හොඳද.

කොහොමහරි ඒ වෙද්දි සීෆුඩ් නාසියයි, නාන්, කුරුමා අඩුම කුඩුම ටිකයිත් මේසෙ උඩ. 

ඉතින්.. කලින් බත් ටිකක් බඩට දාගත්තු නිසා අපි පටන් ගත්තෙ නාන් සහ කුරුමා එකෙන්.

උණු උණුවෙ.. හැබැයි බටර් නාන් එකේ බටර් ගතිය නම් ටිකක් මදි වගේ. ඒකට ගාලික් නාන් එක. ෂැහ්, රස සුවඳ ටොප් පදමටම. හැරත් හොඳහැටි මසාලා අඩුම කුඩුම, මිරිස් ගම්මිරිස් ටික දාලා හදපු චිකන් කුරුමා එකත් එක්ක..! නැගල යනවා නෙවෙයි, බලන් ඉඳිද්දි වාශ්පවුනේ හොඳේ රොටි ටික.

අන්තිමටම.. කාගන්න බැරි ගතියක් තිබ්බත්, ගත්තු නිසා අපි එහෙන් මෙහෙන් රස බැලුවා සී‌ෆුඩ් නාසිය..

හප්පේ.. ඇත්තටම කට දෙක කෑවට, පස්සෙනෙ තේරුනේ..

‘මේකනෙ බොලේ මුලින් කන්න තිබ්බෙ’!

ඒ තරමට රසයි යාළු. සෝස් අඩුම කුඩුම පදමටම. හොඳහැටි කැරට්, ලීක්ස්, ගෝවා සියල්ල දාලා. ඇඟිලි පුරුකක් විතර සයිස් බැදපු මාළු කෑලි, ඉස්සො, දැල්ලො.. ඒ විතරක් නෙවෙයි තඩි බුල්සායි එකකුත්.. 

බැරිමතැන ඔතාගෙන ගියා ආයෙ. මොකද විසි කරන්නයැ, ඈ..

එච්චර රසට තියෙද්දි!


Have you visited this place?

Write your own review!
Leave a comment