Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

2/5

Big Bite (Mount Lavinia)

485 Galle Road, Mount Lavinia


Big Bite in Mount Lavinia is one of the few places where you can get yourself a proper Pakistani biriyani. It's spicier than most, but it's still damn good, specially coupled with their barbequed chicken.



මාසෙ මැදක් වේගෙන එද්දි ඉතින් දන්නෙ නැද්ද?

ගිණුම් කෙමෙන් කෙමෙන් හිඟ වෙනවනෙ. හැබැයී, එහෙමයි කියලා.. කටට රහට කෑම වේලක් නොකාත් බෑ.

ඉතින්.. ගෙදර ඉන්න එකේනෙ, ඔන්න ඔහෙ ඔ්ඩරයක් දැම්මාම මක්ක වෙන්නෙ කියලා, ඇහුම්කන් දුන්නා මගේ හිතට..

“ඈහ්..?”

“බිරියානි කාපං. අද බිරියානි තමයි කන්න හොඳම”

හිත කියන්නෙ.

ආයෙ මොනවද.. මගේ හිතම මට කියනව නම්. එකම අවුල තිබ්බෙ අතේ තිබ්බ ගාණ. ඒ නිසා ඉතින් හොයලා බලලා.. ලඟ පාතින්ම තෝරලා ගත්තා දන්න කියන බිරියානි ප්ලේස් එකක්!

‘බිග් බයිට්’..

ඊට පස්සෙ ගියා පික්මි ඇප් එකට, කඩේ බලලා දැම්මා ඔ්ඩරේ…

බාබකියු බිරියානියයි (රු. 825), බිත්තර පරාටා (රු. 100) එක්ක මට්න් මසාලා කරියයි (රු. 875), චීස් බීෆ් කොත්තුවයි (රු. 990).

වෙනදා වගේ නෙවෙයි, එදා නම් ඩිලිවරියට පැයක් විතර ගියා. හැබැයී.. ආයෙ උණු උණුවට කෑම ටික හොඳද. කොටින්ම කියතොත් පිඟන් වලට දාලා ගත්තට.. හැන්දක් අරගෙන කටට කිට්ටු කරන්න බැරි තරම් රස්නෙයි. එහෙමයි කියලා ඉතින්.. වැඩේ අල්ලලම දැම්මෙත් නෑ. ඉස්ඉස්සෙල්ලාම කියලා පටන් ගත්තා ටිකක් නිවිලා තිබ්බ බාබකියු බිරියානියෙන්.

ෂැහ්.. බලන්න එපැයි බතේ ලස්සන. කහ පාටට, රතු පාටට, තැඹිලි පාටට, කොල පාටට බත් ඇට පිරෙන්න. ඒ විතරක් නෙවෙයි, උඩින්ම තඩි චිකන් පලුවක් බාබකියු කරපු. සත්තයි, කන්න ගන්නකොට කටට කෙලත් උනනවා.. හැබැයි පලවෙනි කට කෑවට පස්සෙ?

තූ.. විතරක් කියන්න යාලු. පාට විතරයි බතේ මෙලෝ රහක් නෑ. තනිකර තුනපහ ගුලියක්, එච්චරයි. ඊටත් බත් වලත් කිසිම ෆ්‍රෙෂ් ගතියක් නෑ. එක්කො උදේ තම්බපුවා, නැත්නම් රෑ තම්බලා ආයෙ උදේ ස්ටීම් කරලා.

අනේ.. වෙලාවට අර බාබකියු චිකන් පලුවක් තිබ්බෙ.

ඒකෙත්.. එලිය පදමට ග්‍රිල් වෙලා වුනාට ඇතුලට රස අල්ලලා විතරයි. ලාවට තැම්බිලා තියෙන්නෙ!.

කොහොමවුනත් හරි එකක් අවුල් ගියාට අනිත් එක තිබියන්කො පංකාදුවට. එහෙමත් නෑ.. චීස් කොත්තුව උණු උණුවෙන්. ඒත් මොකක්දෝ පිලුණු ගඳක් එනවා. මං බැලුවා චීස්, කිරි දාපුවගෙ මොනවහරි කේස් එකක් වත්ද කියලා..

බැලින්නම්.. එහෙම කේස් එකක් තමයි කියන්නකො. දාපු කිරි විතරක් නෙවෙයි, රොටිත් පරණ ඒවද කොහෙද. අර වාසියකට කියලා තිබ්බෙ අල්ලක් සයිස් විතර බීෆ් කෑල්ලක් 4ට කපලා දාලා තිබ්බ එක තමයි.

අනේ.. ඊට පස්සෙ කරන්නම දෙයක් නැති තැන ගත්තා බිත්තර පරාටා එක. අරගෙන අතින් දෙකට කැඩුවෙ. ආයෙ! රබර් රොටියක් දෙකට කඩනවා වගේ.. හයිය හොඳ හැටියට. කඩලා කොහොමහරි මට්න් මසාලා එකෙන් ටිකක් දාගෙන ඔන්න කෑමට.

යම්.. මට්න් මසාලා එක නම් ටොප් ආ. ලොකු මසාලා ගතියක් නෑ. හැබැයි හොඳට මිරිස්, ගම්මිරිස් පදම තියෙනවා. එතකොට.. තෙල් වලින් එහෙමත් අඩුවක් නෑ. අවුල තිබ්බෙ, පොඩි මට්න් කෑලි 4නෙ කරියටම? ඒත් ඉතින් වෙලාවෙ හැටියට, හිත හදාගත්තා ලෙසටම..

එච්චරයි යාළු කතාව!

අන්තිමට අතේ තිබ්බ තුට්ටු දෙකත් නෑ. කටට රහට කන්නත් නෑ.. හ්ම්!


TIP

The guys here tend to be lazy, so insist on the bbq chicken.
All Reviews

Big Bite in Mount Lavinia is one of the few places where you can get yourself a proper Pakistani biriyani. It's spicier than most, but it's still damn good, specially coupled with their barbequed chicken.

If you're in the neighborhood, this Big Bite is worth a stop for the BBQ chicken and biriyani. Pakistani influenced and good.

සිංහල ගෙදර ඉන්න එකේනෙ, ඔන්න ඔහෙ ඔ්ඩරයක් දැම්මාම මක්ක වෙන්නෙ කියලා, ඇහුම්කන් දුන්නා මගේ හිතට.. “ඈහ්..?” “බිරියානි කාපං. අද බිරියානි තමයි කන්න හොඳම” හිත කියන්නෙ.

සිංහල පිලවුස් වගේම බිග් බයිටුත් එකකට එකක් නොගැලපෙන කෑම රස ඇති ශාඛා ගණනාවකින් යුත් වෙළඳ නාමයක්. අපිට කියන්න පුළුවන් ගල්කිස්සේ බිග් බයිට් එක හොඳ බිග් බයිට් ශාඛා වලින් එකක්. ඒක කරගෙන යන්නේ පාකිස්තානුවන් විසින්. එහි තියෙනවා ඇති විශිෂ්ට අන්දමින් රසවත් බුරියානි (චිකන්/මට්න්) සහ බාබිකිව්. (තන්දුරි වර්ගයේ.)

Address

485 Galle Road, Mount Lavinia

Directions

Proceed along Galle Road south, past Hotel Road and the Cargills/KFC. It's on the corner of Dakshinarama Road.

Contacts

Report Inaccuracy

Open until 11:00 PM

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Biriyani

Ratings Breakdown

Overall Rating
2
Quality Rating
2
Service Rating
3
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 12 Comments