Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

2/5

Bites & Juice

339 1/2, Kotte Rd, Nugegoda


A restaurant serving rice, noodles, pasta and more.



හොඳට ම බඩගිනි වෙලා හිටපු මහ දවාලක උයන්නත් වෙලාව මදි කියල හිතිලා ඔන්න කෑම ඩිලිවර් කරගෙන කමු කියල හිතාගෙන පික්මී ෆුඩ් එකෙන් දැම්මා ඕඩරයක්. තැන තමයි නුගේගොඩ කෝට්ටේ පාරේ බයිට්ස් ඇන්ඩ් ජූස්.

කෑම

මෙතන රයිස්, නූඩ්ල්ස්, පැස්ටා වගේ ජාති, ඩෙවිල්ඩ් ඩිෂස් කීපයක් සහ ෆෘට් ජූස් තමයි තියෙන්නේ. ඒ අතරේ ඔෆර්ස් වගයකුත් තියනවා දැකලා අපි ඒ ක්‍රමේ වඩා හොඳයි කියල හිතුවා. ඔෆර්ස් දෙක මෙහෙමයි. චිකන් ෆ්‍රයිඩ් රයිස් එකයි පැෂන් ෆෘට් ජූස් එකයි රු. 450යි. සීෆුඩ් මික්ස්ඩ් නූඩ්ල්ස් එකයි පැෂන් ෆෘට් ජූස් එකයි රු. 800.

මේ තියෙන්නේ චිකන් ෆ්‍රයිඩ් රයිස් එක. දැක්කමත් දුකයි. යන්තන් අතට අහු වෙන නොවෙන ගාණට චිකන් කෑලි දෙක තුනක් තමයි තිබ්බෙ. ඒ එක්ක ම බිත්තර කෑලි කීපයක් එක්ක කැරට් තීරු කීපයක්. ෆ්ලේවර් එකක් කියල එකක් ඇත්තෙ ම නැති තරං. ඔක්කොටම හපන් වැඩේ කියන්නෙ බත හරියට තැම්බිලා නෑ. ඇට ගතිය හොඳට ම දැනුණා.

රයිස් එකට සාපේක්ෂව නූඩ්ල්ස් එකේ රස පොඩ්ඩක් හොඳ තත්ත්වෙක තිබුණා. මොකද ඉස්සො දැල්ලො මාළු කෑලි කීපයක් දාල තිබුණ හින්දා. කැරට් කෑලියි බිත්තර කෑලියි එහෙමත් යන්තමින් මික්ස් කරලා. ඒත් පෙනුම නං ඉතින් අනේ මන්දා. අනික ඉස්සො එහෙමත් හරියට සුද්ද කරලවත් නැති බවක් තමා පෙනුණේ. කොහොම වුණත් රයිස් එකට වඩා නං හොඳයි.

බීම

මේ තියෙන්නේ පැෂන් ෆෘට් ජූස් දෙක. ජූස් දෙක ම පැෂන් ෆෘට් වුණත් පාට දෙකක්! එකක් කලින් හදලා තිබ්බ එකක් වෙන්න ඕන. දෙකේ රසේ නං ලොකු වෙනසක් නෑ. සීනි එහෙම වැඩි නොකර ගානට දාල තිබ්බට මොකද දිය රහ පොඩ්ඩක් වැඩියි. අනික කප් එකෙන් බාගෙකට පොඩ්ඩක් වැඩියෙන් තමා පුරවල තිබුණෙ. ඒ හින්ද ඒකටත් ලකුණු දෙන්න නං බෑ ඉතින්.

අවසන් වශයෙන්

සීෆුඩ් නූඩ්ල්ස් එක නං යන්තමින් ශේප්. අනෙක් ඒවයෙ තත්ත්වය කනගාටුදායකයි කියල තමා කියන්න වෙන්නෙ.

Address

339 1/2, Kotte Rd, Nugegoda

Contacts

E-Mail Facebook

Report Inaccuracy

Closed right now

Cuisine

Sri Lankan

Price Range

Between Rs. 200 - Rs. 1000

Dish Types

Rice Noodles Seafood Pasta Rice And Curry Fried Rice Chicken Fruit Juice

Ratings Breakdown

Overall Rating
2

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment