3/5

Bo Sevana

High Level Road, Nugegoda


All in all it was a decent and quite satisfying meal. If you are looking for a cheap, decent place to get your lunchtime fix, we recommend making the trip.


ශ්‍රැතිගේ මිත්තනියගේ නිර්දේශයක් අනුව අපි බෝ සෙවණ සොයාගෙන ගියා. එය නුගේගොඩ බත් කඩයක්. පහසුවෙන් මගහැරෙන්න පුළුවන් නිසා පාර මතක තියාගන්න. නුගේගොඩින් මහරගම පැත්තට වෙන්නට පිහිටි කොමර්ෂල් ක්‍රෙඩිට් ආයතනය පසු කර මඳ දුරක් ගිය විට ඔබට මෙතැන හමු වෙනවා. එය භාවිතය නිසා තරමක් ගෙවී ගිය ප්‍රීතිමත් තැනක්. එතැන පවත්වාගෙන යන්නේ කාරුණික පෙනුමැති ආන්ටිලා කීපදෙනෙකු විසිනුයි.

බෝ සෙවණෙහි තිබෙන විශේෂ ලක්ෂණය තමයි, ඔවුන් ලොකු හා කුඩා ලෙස ප්‍රමාණ දෙකකින් දිවා ආහාර සපයනවා. සාමාන්‍යයෙන් පිරිනමනු ලබන බත් කන්ද මගහරින්න අපි කුඩා කෑම දෙකක් ඇණවුම් කළා. ඒත්, එහිත් සෑහෙන්න බත් තිබුණා. අධික බඩගින්නක් හෝ ලොකු කෑම රුචියක් තිබේනම් ලොකු කෑම එකක් ගන්න. පොඩි එකේ තරමින් ලොකු එක කොච්චර ලොකුද කියලා හිතාගන්න පුළුවන්නේ. බත් සමග ව්‍යංජන හතරක් ලැබෙනවා. අපේ බත් පතේ තිබුණා පොල් සම්බල, කැකිරි, බැදපු කරවිල හා පරිප්පු. බැදපු මිරිස් කරල්, බිත්තර (අවශ්‍ය නම්) සහ කුකුළු මස් හෝ මාළු හෝ ගන්න පුළුවන්. මිළ රු. 125ක් පමණයි.

ව්‍යංජන අධික ලෙස තෙල් ගතියෙන් යුක්ත නැහැ. සෑම දෙයක්ම සෞඛ්‍යාරක්ෂිත ලෙස පිස ඇති බව පෙනෙනවා. නොතිබුණු එකම සාමාන්‍ය දෙය තමයි, පපඩම්. ඒත්, බැදපු මිරිස් එයට හොඳ ආදේශකයක්.

එය හැම අතින්ම හොඳ, තෘප්තිමත් වන්න පුළුව්‍න් කෑම වේලක්. සාමාන්‍යයෙන් කඩවලින් කන කෑමවලට වඩා සෞඛ්‍ය සම්පන්නයි. ඒ වගේම රසයි. නුගේගොඩදී ඔබ දිවා ආහාරය සඳහා සොයන්නේ ලාභ, හොඳ තැනක් නම් මෙතැන හොඳ තේරීමක්.

TIP

You can eat in if desired - there's a small back room with tables and chairs. Take away is recommended.

Address

High Level Road, Nugegoda

Directions

On the High Level Road, go across the Nugegoda flyover, heading out of town. Bo Sevana is a tiny spot on the right, about 20 meters past the Jambugasmulla Road junction.

Contacts

Open until 04:00 PM

Price Range

Less than 200

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
2
Service Rating
2
Ambience Rating
1


Latest