4/5

Body Bar Gym

Jawatte Avenue, Colombo 7


The Body Bar gym sits down Jawatte Avenue (Jawatte Road) in Colombo 7. It seems to be quite quite popular with folks in Colombo - it's clean and there's a sense of homeliness that you look for in a gym. The trainers speak pretty good English and were really helpful when I asked for a tour of the place.


බොඩි බාර් ජිම් එක පිහිටා ඇත්තේ කොලඹ 5, ජාවත්ත පාරේය.  බොඩි බාර් ජිම් එක කොළඹ හාදයන් අතර ජනප්‍රිය ජිම් එකක් බව පෙනේ. මෙය පිරිසිදු අතර, ඇතුල්වූ කල තමන්ගේම නිවසක් වැනි හැඟීමක්ද ඇතිවේ. ට්‍රේනර්ස්ලා හොඳ ඉංග්‍රීසි කතා කරන අතර ඔවුන් මා හට මුළු ජිම් එකම වටා ඇවිද පෙන්වීමට තරම් කරුණාවන්ත විය.

බොඩි බාර් ජිම් එක කොටස් දෙකකට බෙදේ. උඩු මහල කා(ර්)ඩියෝ සෙක්ෂන් එකටද බිම් මහල බර ඉසිලීමේ ව්‍යායාම සඳහාද වෙන්කර ඇත. උඩු මහලේ ට්‍රෙඩ්මිල්ස් 6ක්, ක්‍රොස් ට්‍රේනර්ස් 4ක්, රෝවිං මැෂින් 2ක්, එක්සර්සයිස් බයික් කිහිපයක් සහ ස්ට්‍රෙචිං කේජ් එකක් ඇත. බිම් මහලේ ඩම්බ් බෙල්, ෆ්‍රී වේට්ස්, බෙන්ච් ප්‍රෙස් සහ මැෂින් වේට්ස් ඇත. කා(ර්)ඩියෝ සෙක්ෂන් එක තරමක් ඉඩ පහඩු ඇතත් වේට් ට්‍රේනිං ඒරියා එක ගැන එසේ කීමට බැරිය. මේ ප්‍රදේශය චතුරස්‍රාකාර කොටස් හතර පහකට බෙදෙන ලෙස බිත්ති ඇත.

වඩාත් වැදගත් දෙයනම් ජිම් එක ඇතුළට යනවිට ඔබට කොතරම් සැප පහසුවක් දැනෙන්නේද යන්නයි. ඔබේ සිත සතුටුනම් ඔබට වඩාත් හොඳින් ඔබේ ව්‍යායාම කරගත හැකිය. ජිම් එක එයාර් කන්ඩිෂන් කර ඇත. විවිධ සමාජ තලවල අය මේ ජිම් එකට ඇදී එයි. මෙය වඩාත් ජනප්‍රිය වී ඇත්තේ තරමක් වියපත් වූවන් අතරය. ට්‍රේනර්ස්ලා මිත්‍රශීලීය. වඩාත්ම වැදගත් දෙයනම් ජිම් එක හොඳට සැලසුම් කර තිබීමය. අලුත්ම ඒවා මෙන් පෙනෙන උපකරණ ඉතා හොඳ තත්වයේ ඇත. චේන්ජිං රූම්ස් ඉතාමත් අගනේය.

මේ ජිම් එකේ කේබල් ටීවී සවිකර ඇත. මෙය අද කාලයේ අත්‍යවශ්‍ය දෙයක් බවට පත්වී ඇත. පිළිගැනීමේ කවුන්ටරයට එහායින් වතුර මලක්ද, කාර් පාර්ක් එකට එහායින් එතරම්ම ආකර්ෂණයක් නැති පලතුරු බීම හලක්ද ඇත. එහිදී ඔබට සෞඛ්‍යජනක පානයන්ද මිලදී ගත හැකිය.

බොඩි බාර් ජිම් එකට මේ තරම්ම පිරිසක් ඇදී ඒමට හේතුවනම් ඔවුන් මෙහි ඩාන්සිං ක්ලාස්, යෝගා, සුzම්බා සහ කරාටේ පංතිද පැවැත්වීමයි. මේ පංති සඳහා අමතර ගෙවීමක් කළ යුතුය. එහෙත් ඔබ දැනටමත් සාමාජිකයෙක්නම් ඔබට ස්පෙෂල් ඩිස්කවුන්ට් එකක් ලැබෙනු ඇත. මේ පිළිබඳ වැඩි විස්තර සඳහා ඔවුන්ගේ ෆේස්බුක් අඩවිය වෙත යන්න.

මම මුලින් කී පරිදිම චේන්ජිං රූම් ඉතා කදිමය. ඒවාහි පිරිසිදු ෂවර්ස් සවිකර ඇති නිසා ඔබේ ව්‍යායාමවලින් පසුව හොඳට නාගත හැකිය. ඒවා කදිම, පිරිසිදු කාමර වීම ඔබ ලබන අමතර වාසියකි.

සාමාජික ගාස්තුව කොළඹ අනිත් ජිම් වල මෙන්මය. එක් අයෙකුගේ වාර්ෂික සාමාජිකත්වය රුපියල් 50,000කි. එමෙන්ම ඔබට රුපියල් 2,000ක ඇතුල්වීමේ ගාස්තුවක්ද ගෙවීමට සිදුවේ.

සමස්තයක් ලෙස ගත් කළ මෙය හොඳ ජිම් එකකි. එය පිරිසිදු, ඔබට නිවසට ගියාක් මෙන් දැනෙන තැනකි. එහෙත් ඔබට වඩාත් පහසුකම් අවශ්‍යනම් පළමුව "ෆිට්නස් ෆර්ස්ට්" වෙත ගොස් බලන්න. එය බොඩි බාර් තරම්ම හොඳ නැතත් එහි පිහිනුම් තටාකයක් ඇත.

මෙහි පුහුණුකරුවන් ඉංග්‍රීසි කතා කළ හැකි, ඔබට උදව්වීමටම කැපවී සිටින පිරිසකි.

TIP

The trainers are quite helpful and speak good English.

Address

Jawatte Avenue, Colombo 7

Directions

From Bauddhaloka Mawatha turn down Jawatte Road. Jawatte Avenue is the first turn on your right.

Contacts

E-Mail Facebook

Open 5:45 to 9 PM weekdays, 8 AM to 8 PM weekends

Price Range

More than Rs.1500

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
3
Service Rating
4
Ambience Rating
4


Latest