4/5

Burger Hut

126, D.B. Jayathilaka Mawatha (Hill Street), Dehiwala


Burger Hut; the popular family restaurant chain at Kandy has opened their newest outlet to the suburbs of Dehiwala.


“ඒ... යං”

“කොහෙද?”

“කන්න යං. මායි දිනිතියි යනො දෙහිවලට. අර බර්ගර් හට් කියල තියෙන්නෙ. අන්න ඒකට”

“හප්පට බොල. කියන්නෙපැයි! යං යං”

දඩබඩ ගාලා පුටුවෙන් නැගිට්ට මම ෆෝන්, කැමරා අඩුම කුඩුම ටිකත් දාගෙන විශ්වි එක්ක බැස්ස පල්ලෙහාට. මොකද ස්කූල් ටයිම් එකට කලින් පැනගත්තොත් අපිටනෙ වාසිය.

සනිකව පික්මියට ගොඩවුනු මම ඩ්‍රයිවර් අයියටත් කිව්වෙ පුළුවන් ඉක්මනට අපිව හිල් ස්ට්‍රීට් එකට ගෙනියන්න කියල. ඒ කියල ඉතින් අපි අපේ කයියකට සෙට් වුණා.

කොහොම හරි විනාඩි 20ක් විතර යන්න ඇති අපිට කරගම්පිටියෙන් හිල් ස්ට්‍රීට් එකට කිට්ටු කරන්න. වෙලාවට හිල් ස්ට්‍රීට් එකට දාලා කන්ද අදිද්දිම වගේ බර්ගර් හට් එක තිබ්බෙ. වාහනෙන් බැහැපු ගමන් අපි හෙවිල්ලක් බැලිල්ලක් නැතුවම කඩේ ඇතුළේ.

හ්ම්ම්… බැලූ බැල්මට නම් ලොකු සෙනඟක් නැති පාටයි. හැබයි… බලමුකො බලමුකො ඉස්කෝල ඇරුණට පස්සෙ!

අපි 3දෙනා කතාවෙලා ටිකක් අයිනට වෙන්න තිබුණ මේසෙකටයි සෙට් වුණේ. එතකොට හිතේ නිදහසින් කන්න පුළුවන්නේ. සෙට් වෙලා ඉතින් සේවක මිත්‍රයෙක් එනකම් වොෂ් රූම් එකටත් ගිහිල්ල ආවා. ඒ අතරට ඔන්න මෙනියු 2කුත් අපේ මේසෙ උඩ.

“ඒ මොනවැයි ගන්නෙ?”

“මට… සබ් එකක් හොඳයි බං. තන්දුරි චිකන් (රු. 420) වගේ” මම ඕඩරේ දැම්ම.

ඒ අතරට දිනිතිත් වෙජි බර්ගර් එකක් (රු. 280) ඕඩර් කරල. විශ්වි ගත්තෙ සිංගපෝර් ප්‍රෝන් ෆ්‍රයිඩ් රයිස් එකක් (රු. 420).

“මේහ්! අපේ එවුන්ට කන්න මොකක් හරි කොත්තුවක් වගෙත් දාගමුද. නිකම් බීෆ් එකක් (රු. 340) වගේ” මම විශ්විට පොඩි අයිඩියා එකක් දැම්මෙ කට්ටිය ඔෆිස් එකට වෙලා බලාගෙන ඉන්නවටත් වඩා මෙතන කොත්තුව කොහොමද කියල දැනගන්න තිබ්බ ආසාවට.

ඕඩරේ දාලා ඉතින් අපි අපේ කතාබහක, විනාඩි 5ක් විතර යන්න ඇති.

ඔන්න ඉස්ඉස්සෙල්ලාම කියල රයිස් එක මේසෙට ආවා. ආපු ගමන් ඉතින් දන්නැද්ද විශ්වි ඒක බාරගත්තෙ තොලකට ලෙව කකා. වෙලාවට ඒ පරක්කුවෙන් සේවක මිත්‍රය, අපේ බර්ගර්, සබ්මැරීන් 2ත් ගෙනාවෙ.

කතාවක් බහක් ඕන නෑනෙ. ඔන්න අපි කෙලින්ම වැඩේට…

මගේ සබ් එක නම් දැක්කාම කටට කෙල උනන සීන් එකක් තිබ්බෙ. මොකද ඒකෙ මැද්දට දාපු තන්දුරි චිකන් තොගෙයි චීස් ටිකයි හරි හරියට ගැලපිලානෙ. ඉතින් මම පටන් ගත්තෙම ලොකු කටකින්.

සැහ්! අර, පෙනුම වගේමයි කියන්නකො රසත්. පංකාදුයි ආ… තන්දුරි චිකන් ටික හොඳට ෆ්‍රයි කරල තමයි මික්ස් කරල තියෙන්නෙ. ඒකෙ මසාලා රස නම් ටිකක් අඩුයි. ඒත් චීස් එක්ක ගැලපිලා එද්දි සුපිරි. අනික මයොනීස්, සෝස් ටිකක් එහෙම ගෑවෙද්දි රස ඩබල්. අවුල තියෙන්නෙ ඉතින් සබ් එකට ආපු ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටික මදි එක තමයි. ඒව හොඳ රහට තිබ්බට මොකද කූරු 10යි 12යි තිබ්බෙ.

බර්ගර් එකෙත් එහෙමයි අප්ප. ඒකටත් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් පොඩ්ඩයි. ඒත්… බර්ගර් එකේ රසත් සුප්ප! ඈ… වෙජි කිව්වට වෙජි කියල හොයන්නවත් බැරි තරම් පැටි එක රසයි. හොඳ පදමට ලුණු, මිරිස්, ගම්මිරිස්, එළවළු දාලා හදල තියෙන්නෙ. අනික නියම ගානට බැදිලත් එක්කනෙ. පැටි එකට අමතරව මැද්දට දාපු චීස් පෙත්තෙනුයි සළාද කොළෙනුයිත් හොඳ රසත් ඇවිල්ල. ඉතින්... මම දිනිතිගෙන් වෙජි බර්ගර් කෑල්ලක් ඉල්ල ගත්තට මොකද තව කෑල්ලක් ඉල්ල ගන්නමයි හිත තිබ්බෙ. ඒත් කොහෙද එයා වෙජිනෙ. ඉතින් ඒක මම කෑවොත්, හරි නෑනෙ.

හැබැයි විශ්විගෙ රයිස් එකට නම් බය නැතුව බැහැල වැඩේ දුන්න. ඒත් ඒක බර්ගර්, සබ් තරම් හරි නෑ. සිංගපෝර් කිව්වට රයිස් එ්ක නම් නිකම්ම ෆ්‍රයිඩ් රයිස්. ඊටත් ඉස්සො එක තනිකරම සෝස්. ලා සිංගපෝර් රසක් හැරුණාම ඉතුරු ටික තනිකරම ශ්‍රීලංකන් චයිනීස්. එකම වාසියකට කියල තිබ්බෙ කරියෙ ඉස්සො 5, 6ක් තිබ්බ එක තමයි. තව ඉතින් පොඩි චොප්සියකුත් තිබ්බ, කිසි වැඩක් ගන්න බැරි.

හ්ම්ම්… කොත්තුවෙත් ලොකු හොඳක් නෑ ඉතින්. මොකද ඒකට දාපු රොටි කලින්ම කපල. ලීක්ස්, කැරට් ටික හොඳ හැටියට දාලා තිබ්බට හොදි එහෙම නම් පොඩ්ඩක්වත් දාලා නෑ. ඉතින් කොත්තුව තනිකරම වේලිලා. අනික ඒකට දාලා තිබ්බ බැදපු බීෆ් කෑලිත් නිකම් මස් රස විතරයි. කිසි පදම් කරපු ගතියක් නෑ. කොටින්ම කියනව නම් කොත්තුව කන්න ආපු හොද්ද නැතුව ඒකෙන් කටක් දෙකක්වත් කන්න බැරි ගානයි.

ඔන්න අන්තිමට අපි රස බැලුවා එයාලගෙ චොකලට් මිල්ක් ෂේක් එක. විශ්විටයි දිනිතිටයි නම් ඒක නැගල ගිහින්. මොකද ඒකෙ කිරි රස හොඳ හැටි තිබ්බනෙ. හැබැයි මට නම් සෙට් වුණේ නෑ, චොකලට් රස මදි නිසා…

කොහොම වුණත් ඉතින් කට්ටිය බඩ පිරෙන්න කෑවා! අනික තැනේ සුවපහසුවත් හොඳ හැටි තිබ්බ නිසා හිතට සන්තෝසයිනෙ. ඒත් එකක්, ඔයාලා කවුරු හරි යන්න හිතාගෙන ඉන්නව නම් ඔන්න බර්ගර්, සබ්මැරීන් මෙනියු එකෙන් පිට අපි නම් වගකීමක් ගන්න නෑ හොඳද.


TIP

Chicken Corden Bleu is the bomb!


Latest