Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

4/5

Butter Boutique (Park Street Mews)

48C, Park Street, Colombo 02


Treat yourselves with decadent, delicious cakes and some of Colombo's best coffee, at Butter Boutique's newest branch at Park Street.



ගුඩ් මාකට් එකේ කේක් සේල්වලින් පටන් අරගෙන, අද වෙද්දී ලොකු රෙස්ටෝරන්ට් බවට පත් වෙලා ඉන්න අය ගැන කතා කරනකොට, බටර් බුටික් කියන්නේ අනිවාර්යෙන් ම මතක් කරන්න ඕනේ බ්‍රෑන්ඩ් එකක්. මෙයාලගේ කේක්වල තියෙන රස නිසා ම, අවුරුදු තුන හතරක් වගේ කාලයක් ඇතුළත, බටර් බුටික් බ්‍රාන්ච් දෙකක අයිතිකාරයෝ වෙන්න ඒ කට්ටිය ට පුළුවන් වෙලා තියෙනවා. ඔය අතරින් අලුත් ම බ්‍රාන්ච් එක තියෙන්නේ පාර්ක් ස්ට්‍රීට් මිවුස් පරිශ්‍රයේ. ඒක ගැන තමයි අපි මේ කියන්න යන්නේ.

තැන

කිව්වත් වගේ මේ අලුත් ම අලුත් බටර් බුටික් එක තියෙන්නේ පාක් ස්ට්‍රීට් එකේ තියෙන පාක් ස්ට්‍රීට් මිව්ස් එක ඇතුල් පැත්තේ. තට්ටු දෙකට හදල තියෙන මේ රෙස්ටෝරන්ට් එකේ හරි ම නිදහස් වාතාවරණයක් තියෙනවා. සුව පහසුවට තියෙන පාට පාට කුෂන් පුටු ටිකයි, ෆ්ලෝරල් ඩිසයින් දාපු මේස ටිකයි නිසා හරි අපූරු කියුට් ගතියක් දැකගන්න පුළුවන්. බිත්ති පුරා තියෙන්නේ බටර් බුටික් එක මේ තාක් කල් ආව ගමන්වල මතක සටහන් දක්වන පින්තූර.

කෑම බීම

අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ, බටර් බුටික් කිව්ව ගමන් කට්ටිය දන්නවා මේ කට්ටියගේ තියෙන නා නා ප්‍රකාර කේක්වල රස. ඒ විතරක් නෙවෙයි, කොළඹ තියෙන කෝපිවලට හොඳ ම තැන් අතරින් එකක් විදියටත් මේක හඳුන්වන්න පුළුවන්.

අපි ඕඩර් කරපු “නටෙලා කේක්” (රු.580) එක නටෙලා සහ චොකලට් රසයෙන් අනූනයි. හැබැයි මේක පොඩ්ඩක් බරට දැනෙන කේක් එකක්. මොකද ඒ තරමට මේකේ චොකලට්. අනික තඩි කේක් කෑල්ලක්නේ. හොඳ ෆජී ගතියට තිබුණා. ඇත්ත ම කිව්වොත් මේකෙන් එක කේක් කෑල්ලක් කෑවම හොඳටෝ ම ඇති. සෑහෙන්න බඩ පිරෙනවා.

අපේ දිනිති කියපු විදියට “ට්‍රෙස් ලෙචස්” (රු.550) කේක් කෑල්ල ඉස්සර වගේ ම තවමත් හොඳයිලු. මේක කිරි වර්ග තුනක් දාලා හදන කේක් කෑල්ලක්. ඒ කියන්නේ Evaporated milk, condensed milk, සහ heavy cream එකතු වෙලා තමයි මේ කේක් එක හැදෙන්නේ. මට නම් මේකේ පැණි රස පොඩ්ඩක් විතර වැඩියි. හැබැයි කේක් එකේ ටෙක්ස්චර් එක හරි ම ස්පොන්ජි ගතියට තිබුණා.

කොළඹ අවටින් ගන්න ලැබෙන රස ම “සිනමන් රෝල්” එකක් තමයි අපට බටර් බුටික් එකේදී කන්න ලැබුණේ. මේ බන් එක මාර ම සොෆ්ට්. සිනමන් රසත් එක්ක එකතු වුණු  කැරමල් රස මේකේ නියම ගානට තියෙනවා.

අපි බීමට ගත්තේ “මෝකා” (රු.550) එකකුයි, “ගෝල්ඩන් ලටේ” (රු.550) එකකුයි. ෂහ්! මෝකා එක නම් සිරාවට ම මරු. චොකලට් රසත් එක්ක මික්ස් වුණු, ඒත් ස්ට්‍රොන්ග් විදියට දැනෙන කෝපි රසක් මේ මෝකා එකෙන් දැනුණා. කිරි, කෝපි, චොකලට් අනුපාතය නියමෙට ම ගැළපිලා නිසා තමයි මේක මෙච්චර ම රස.

ගෝල්ඩන් ලටේ කියන්නේ බටර් බුටික් එකට මේ මෑතකදී හඳුන්වලා දුන්නු කෝපි එකත්. මේකේ තියෙන්නේ කහයි කෝපියි. නිකමටවත් ගැළපෙයි කියලා නොහිතන ජාති දෙකක් එකට එක්කාසු කරලා හදපු මේ බීම එක පංකාදු පහයි. කහ රස මැද්දෙන් එන හොඳ කොෆී අරෝමා එකක් මේකේ තිබුණා.

සර්විස් එක

අපි යන වෙලාවේ මෙතැන හිටියේ ස්ටාෆ් මෙම්බර්ස්ලා දෙන්නෙක් විතරක් වුණාට, එයාලගේ සර්විස් එක මාර ම ෆාස්ට්. කේක් නම් එවෙලේම කවුන්ටරෙන් මිලට ගන්න පුළුවන්. බීම වර්ග ටික එයාලා අපේ මේසෙට ම ගෙනැල්ලා දෙනවා. කොහොම වුණත් අපේ ඕඩර් එක මේසෙට එන්න විනාඩි 10ක්වත් යන්නේ නැතුව ඇති.

අවසාන වශයෙන්

කොළඹ ඉන්න කේක් පෙරේතයින් ට කියාපු ම තැනක් තමයි මේ බටර් බුටික්. මොකෝ කේක් ජාති එකක් දෙකක් කියලායැ; හෙන තොගයක් තියෙනවනේ. අනික හැමදාම කන චොකලට්, බටර් කේක් වෙනුවට අලුත් අලුත් විදියේ කේක් ජාති බොහොමයක් මෙතැනින් ගන්න ඇහැකි.


TIP

Tres Leches FTW and Cinnamon Rolls if you want something less sweet.

Address

48C, Park Street, Colombo 02

Directions

It's at the end of the Park Street Mews alley, to your right. Right opposite The Stable.

Contacts

Facebook Instagram

Report Inaccuracy

Open until 11:00 PM

Cuisine

Western Bakery

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Cakes Cupcakes Coffee

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
5
Ambience Rating
5
See 1 Comment



Latest