Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

Café by Boo

No 23, Sri Soratha Mawatha, Gangodawila, Nugegoda.

Get it delivered on Pickme Food

A little gem hidden between street joints, serving cheesy kottu and delicious pasta for affordable prices.



Cafe by Boo කියන්නේ ඔය සාමාන්‍ය ස්ට්‍රීට් ෆුඩ් ජොයින්ට්ස් අස්සේ හැංගිලා තියෙන මැණිකක් කියලයි අපේ දිනිති නම් කියන්නේ. මොකද රස ම රස කෑම, හිතන්නවත් බැරි අඩු ගණනකට මෙතැනින් ගන්න පුළුවන්ලු. ඒ කිට්ටුවෙන් ම තියෙන ජයවර්ධනපුර කැම්පස් එකේ කෙල්ලෝ කොල්ලන්ගේ ප්‍රියතම කෑම කඩවල්වලින් එකක් විදියටත් හැඳින්වෙන මේ Cafe by Boo එක පැත්තට යන්න අපි කල්පනා කළේ පහුගිය සඳුදා දවසේ.  

තැන

නුගේගොඩ පැත්තේ ඉඳන් එද්දී, විජේරාම හන්දියේ තියෙන බෝ ගහ දන්නවනේ? ඔන්න ඔය බෝ ගහ ළඟින් දකුණු පැත්තට තියෙන සෝරත මාවත දිගේ මීටර් 100ක් වගේ එන්නකෝ. එහෙම එද්දී පාරේ වම් අත පැත්තේ තියෙන Cafe by Boo එක ලේසියකට මඟ හැරෙන තැනක් නෙවෙයි.

Cafe by Boo කියන්නේ පොඩියට තියෙන හරි හුරුබුහුටි කඩ පොඩිත්තක්. පිළිවෙළට ලී මේස, බංකු අහුරලා, එක සැරේ දහදොළොස් දෙනෙක්ට කෑම ගන්න පුළුවන් විදියට ඉඩ සලස්වලා තියෙනවා.

කෑම බීම

හප්පේ! කඩේ පොඩි වුණාට බලන්න එපැයි තියෙන කෑම තොගේ. සැන්විච්, බර්ගර්, කොත්තු, සබ්මැරීන්, ෆ්‍රයිඩ් චිකන්, ෆිෂ් ඇන්ඩ් චිප්ස්, ව්රැප්ස්, ලසඤ්ඤා, නූඩ්ල්ස්, ෆ්‍රයිඩ් රයිස් වගේ කෑම ජාතිවලින් පිරුණු මෙනුවක් Cafe by Boo එකේ තියෙනවා. ඒ විතරක්යැ, වටලප්පන්, කැරමල් පුඩින් වගේ ඩෙසර්ට් එහෙමත් මෙතැනින් ගන්න පුළුවන්.

අපි ඔය අතරින් ඕඩර් කළේ “චිකන් නූඩ්ල්ස්” (රු. 380) එකකුයි, “වෙජි චීස් මැකරෝනි” (රු.380) එකකුයි, “ෆිෂ් ඇන්ඩ් චිප්ස්” (රු.400) එකකුයි. බොන්න කියලා විශේෂ දෙයක් නැති නිසා “පෙප්සි” (රු.100) එකක් ගත්තා.

විනාඩි 10ක් යන්න ඇති වැඩි ම වුණොත්. මෙන්න කෑම බීම සේරම ටික අපේ මේසේ උඩ.

හප්පටසිරි! මේ ෆිෂ් ඇන්ඩ් චිප්ස් එක පංකාදු පහයිනේ! රන්වන් පාටට පේන්න බැදපු දැල්ලෝ මාළු පස්දෙනෙක් ම මේ පිඟානේ හිටියා. මේකේ වටේ තියෙන දවටනයත් සුපිරි. සෝස් ටිකකුත් තවරලා ගත්ත ම තවත් ගති. ඒ විතරක්යැ, කරස් සද්දෙන් හැපෙන යස  ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටිකකුත් මේකත් එක්ක ලැබුණනේ.

ෂහ්! වෙජි චීස් මැකරෝනි එක නම් අපේ වෙජිටේරියන් යාළුවන්ට කියාපු කෑම එක. උණු චීස්වල ගිල්ලවලා ආව මේ මැකරෝනි එකේ රස තවත් වැඩි වුණේ ඒකට එක්කාසු කරලා තිබුණු පොඩි කැරට්, ලීක්ස් කෑලිවලින්. අනික පැස්ටා එකත් හොඳ ගානට තැම්බිලානේ.

චිකන් නූඩ්ල්ස් එකත් නියමයි. සාමාන්‍යයෙන් කඩේකින් නූඩ්ල්ස් ඉල්ලුවාම අපට ලැබෙන්නේ ඔය හරිස්චන්ද්‍ර, ඇල්ලී වගේ නූඩ්ල්ස් ජාතියක්නේ. ඒ වුණාට මෙතැන දෙන්නේ මැගී නූඩ්ල්ස්! මැගී පැකට් දෙකක විතර නූඩ්ල්ස් දාපු මේ චිකන් නූඩ්ල්ස් එක කිසි ම අවුලක් නැතුව දෙන්නෙක්ට බෙදාගෙන කන්න පුළුවන්. බිස්කට් කුඩු දවටනයක් දාලා බැදපු චිකන් ෆිලෙට් එකක් නූඩ්ල්ස් එකට උඩින් දාලා තිබුණා. ඒකත් එක්ක මික්ස් වෙද්දී තවත් මරු. අහ්! හොඳ ම වැඩේ කියන්නේ මේ කට්ටිය පට්ට ම රස පොල් සම්බෝලෙකුත් මේකත් එක්ක දෙනවනේ.

සර්විස් එක

මෙතැන තියෙන්නේ සෙල්ෆ් සර්විස්. කවුන්ටරේට බිල දාලා, කෑම ටික ලෑස්ති වුණා ම අරගෙන එන්නයි තියෙන්නේ. කොච්චර සෙනඟ හිටියත් විනාඩි 10ක් වගේ යද්දී කෑම බීම ටික හදලා දෙන්න Cafe by Boo එකේ කට්ටියට පුළුවන්. කුස්සියේ උදවිය කඩියෝ වගේ වැඩ කරන හැටි එළියටත් පේනවා. කොහොම වුණත්, මෙතැනට නිතර දෙවේලේ යන එන අය බොහොමයක් ඉන්න බවත් අපට දැකගන්න ලැබුණා.

අවසාන වශයෙන්

ලොකු ගාණක් අතේ නැතත්, රස කෑම වේලකින් හිතේ හැටියට බඩ පුරවගන්න ගැලපෙන තැනක් විදියට මේ Cafe by Boo එක හඳුන්වන්න පුළුවන්. අපට දැනගන්න ලැබුණු විදියට විජේරාම අවට පැතිවලට මේ අය ඩිලිවරිත් කරනවා. 0770555666 නොම්මරේට කතා කළා නම් ඒ විස්තරත් දැනගන්න පුළුවන් වෙයි.


TIP

Cheesy Chicken Kottu FTW! They don't take cards so, bring out the cash.

Address

No 23, Sri Soratha Mawatha, Gangodawila, Nugegoda.

Contacts

Facebook

Report Inaccuracy

Similar Places

User Reviews
T
1

5/5

0

Thanuka Perera

I decided to try a new restaurant in Nugegoda i have many favourites, but it was time to take a risk and try a new one. I were not disappointed. Boo is beautifully furnished, slightly more muted than some of the downtown hotel restaurants - nice. The food was fantastic, with a great selection. I started with Chicken Submarine , following by the Kottu The pork kottu was particularly well presented, with a great sweet half chicken rosted & Indian meals . Service was great with great helpings .special Thanks  Sameera bandara / S.Vinoth kumar  & all staff  and all at good value. Thanks cafe Boo

V
6

2/5

0

vinurasera

This place is over priced

T
1

5/5

0

Thanuka Perera

I decided to try a new restaurant in Nugegoda i have many favourites, but it was time to take a risk and try a new one. I were not disappointed. Boo is beautifully furnished, slightly more muted than some of the downtown hotel restaurants - nice. The food was fantastic, with a great selection. I started with Chicken Submarine , following by the Kottu The pork kottu was particularly well presented, with a great sweet half chicken rosted & Indian meals . Service was great with great helpings .special Thanks  Sameera bandara / S.Vinoth kumar  & all staff  and all at good value. Thanks cafe Boo

V
6

2/5

0

vinurasera

This place is over priced

Avatar for nalindax
1

5/5

0

nalindax

Simply great place.

T
1

4/5

0

The Red Dude Who Loves Food

Good place with good service. Gets very packed during lunch hours. Located a bit off from the main road (high level)

See 6 Comments